(දයාසීලි ලියනගේ)
විසුරුවා හැර තිබෙන පළාත් සභා හය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ බොහොමයක් මන්ත්‍රීවරුන් දැඩි අසීරුවකට පත්වී සිටින බව පළාත් සභා මන්ත්‍රී සංසදය රජයට පෙන්වා දී ඇත.
උතුරු පළාත හැර අනෙකුත් පළාත් සභා සියල්ලකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන පළාත් සභා මන්ත්‍රී සංසදය පසුගියදා බත්තරමුල්ල සුහුරුපායේ දී ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පෙන්වා දී තිබේ. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් නොවීම, පහසුකම් නොවීම, පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම, ආර්ථික අසීරුතා යනාදී කරුණු නිසා මෙම පිරිස දැඩි අසීරුතාවකට පත් වී සිටින බව පළාත් සභා මන්ත්‍රී සංසදය සඳහන් කර ඇත.
මීට අමතරව උතුරු පළාතේ පළාත් සභා මන්ත්‍රීවරුනට, නැගෙනහිර පළාත් සභාවේ කොටසකට සබරගමු පළාත් සභාවේ එක් අයකුට හා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකුට පමණක් තීරු බදු රහිත වාහන ලබාදීමත්, අනෙකුත් සියලුම දෙනාට ඒ අවස්ථාව නොලැබීමත් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු පෙන්වා දී තිබේ. ඇමැති වජිර අබේවර්ධන මහතා මෙහිදී අසාධාරණයට ලක් වී සිටින පළාත් සභා මන්ත්‍රීවරුනට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවට දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 04
427
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
454
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප පළාත් සභා මන්ත්‍රී සංසදයෙන් අඳෝනාවක්