(නිශාන්ත කුමාර බණ්ඩාර)
එක්සත් ජාතික පක්ෂය විසින් යෝජිත නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතා පවසයි.
ඒ පිළිබඳ කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බවත්, මෙතෙක් ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර නැතැයි ද ඔහු සඳහන් කළේය.
ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති හා අපේක්ෂකයන් කවුරුන්ද යන්න පිළිබඳ සොයා බලා අගෝස්තු 11 වැනිදායින් පසු මේ පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු කීය.
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් අගෝස්තු 11 වැනි ප්‍රකාශයට පත් කෙරෙන අතර ඔවුන් සියලු දෙනා පිළිබඳ අධ්‍යයනය කරන බව හාරිස් මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේද? නැද්ද යන්න පිළිබඳ උත්තරීතර මණ්ඩලය පුළුල් ලෙස අධ්‍යයනය කොට තීරණයක් ගන්නා බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd