(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි මහ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 22වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ද ඇමැතීමට නියමිතව ඇති අතර 22 වැනිදා සිට ලබන 28 වැනිදා පමණ දක්වා එහි රැඳී සිටින ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd