(දයාසීලි ලියනගේ)
ලබන 5 වැනිදා සෞඛ්‍ය උපදෙස් මත පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් මනාප ප්‍රතිඵල සිකුරාදා (7) රාත්‍රී වෙනවිට නිකුත් කර අවසන් කිරීමට හැකිවෙතැයි මැතිවරණ කොමිසම විශ්වාස කරයි.
ඡන්ද මධ්‍යස්ථාන 12,984 කදී පැවැත්වෙන මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 40 කින් අපේක්ෂකයෝ 3652ක් හා ස්වාධීන අපේක්ෂකයෝ 3800ක් වශයෙන් අපේක්ෂකයෝ 7,452 ක් ඉදිරිපත්වී සිටිති.
රජයේ නිලධාරීන් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් හා පොලිස් නිලධාරීන් 85,000 ක් මෙවර මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙති. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් හෝ පොලිස් අධිකාරිවරයෙක් බැගින් යෙදවීමට ද පියවර ගෙන ඇත.
ඡන්ද මධ්‍යස්ථානය හා එම මධ්‍යස්ථානය පිහිටි භූමිය, ඡන්ද මධ්‍යස්ථානයේ සිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මැතිවරණ ඒකකය සඳහන් කරයි. උදේ 7.00 සිට ප.ව. 5.00 දක්වා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා ඇත.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් මනාප ප්‍රතිඵලය සිකුරාදා රාත්‍රී