කෝටි 3ක වියදමින් කුලී පදනමට වාහන 8 කුත්
(දයාසීලි ලියනගේ)
නියෝජ්‍ය කෘෂිකර්ම ඇමැති අංගජන් රාමනාදන් මහතාට කාර්යාල ඉඩ පහසුකම් ලබාදීම සඳහා රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ වටිනා පොත් අඩංගු පුස්තකාලය කඩා ඉවත් කිරීමට පාලන අධිකාරිය තීරණය කර ඇති බව වාර්තාවේ.
මෙම පුස්තකාලයේ කෘෂිකර්ම පර් යේෂණ හා කෘෂි විෂයට අදාළ වටිනා පොත් 10,000ක් පමණ අඩංගුව පවතින බව දැන ගන්නට ඇත.
මෙම පුස්තකාලය කඩා ඉවත්කර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහා කාර්යාලය සකස් කරන බව සඳහන්වේ.
මෙම නියෝජ්‍ය ඇමැතිවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර ඒවා රුපියල් කෝටි 3ක වියදමින් කුලී පදනම මත ලබාදීමට යන බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd