IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අලුත් නීතියෙන් ලක්ෂ හයකට ත්‍රීවිල් බෑ

(සමන්තිකා මාධවී)  

බලපත්‍රලාභී ත්‍රිරෝද රථ රියදුරන් අතරින් පන්ලක්ෂ අනූපන්දහසක් වයස අවුරුදු තිස්පහට අඩු රියදුරන් බව ස්වයං රැකියා නියුක්තියන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය සඳහන් කරයි.  
අටලක්ෂ පනස් දහසක් වෙන සමස්ථ මගී බලපත්‍රලාභි ත්‍රිරෝද රියදුරන් අතරින් සියයට හැත්තෑවක් මෙම කුලකයට අයත් බව සමස්ථ ලංකා මට්ටමින් ඔවුන් සිදුකළ සංගණනයන්ට අනුව හඳුනාගෙන ඇත.  

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව ත්‍රිරෝද රථ මගී බලපත්‍ර ලබාදීම වයස අවුරුදු 35-70 වයස් සීමාව දක්වා සීමා කොට ඇති අතර එය වයස අවුරුදු 25 සීමාව දක්වා දීර්ඝ කරන ලෙස වෘත්තීය සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින බව මෙම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කරයි.  


වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ (2018.01.01 - 2018.05.31 දක්වා) ත්‍රිරෝද රථ මගින් සිදුවූ මාරක රිය අනතුරු එකසිය හැත්තෑ හයක් හේතුවෙන් එකසිය අනූදෙනෙක් මියගිය අතර 2017 වසර තුළ සිදුවූ මාරක රිය අනතුරු තුන්සිය පනස් හතක් හේතුවෙන් පුද්ගලයන් තුන්සිය අසූ තුන්දෙනෙක් මිය ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.  
එලෙස සිදු වූ අනතුරු අතරින් බහුතරය මගී බලපත්‍ර නොමැතිව ධාවනය කළ ත්‍රිරෝද රථ අතරට අයත් වෙයි. ඒ අතරින් බහුතරය කොළඹින් බැහැර ප්‍රදේශවල ද සිදු වී තිබේ.  


ත්‍රිරෝද රථ අනතුරු අතරින් බහුතරය වයස අවුරුදු තිස් පහට අඩු සීමාවේ රියදුරන් අතින් සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.  

 



අදහස් (10)

අලුත් නීතියෙන් ලක්ෂ හයකට ත්‍රීවිල් බෑ

RM priyantha Monday, 20 August 2018 03:54 PM

හොදයි ඒ ගෙනාපු අලුත් නීතිය. අවු:35ට අඩු සියලුම ත්‍රීවිල් රියදුරු බලපත්‍ර අහෝසි කරන එක ගැන. මොකද ගම්වල කොල්ලො කණකට දෙයක් අහන්නෙ නැතුව පාරවල් වල ගිහිල්ලා අරහෙන් මෙහෙන් වෙට්ටු දමන්න ගිහිල්ලා පාරෙ හෙමිහිට පරිස්සමෙන් ධාවනය කරන වාහනයක හප්පගත්තම ඒ අය ඉවරයි අර පරිස්‍සමෙන් ගියපු මනුස්සයා හිර කූඩු ගානේ තපිනවා.

:       16       168

G. Christopher Tuesday, 21 August 2018 01:00 PM

ඉතා හොඳ තීරණයක්.

:       3       163

janatha anura Wednesday, 22 August 2018 08:50 AM

මෙතන ඡන්ද ලක්ෂ පහක් තියෙනවා ජනපතිවරනයකදී මේ ලක්ෂ පහ ඉතාම වැදගත් මේ සමග සුළු ජාතික පක්ෂ ඕන එපා කම් ඉටු කිරීමෙන් දිනාගත්තොත් එම දේසපාලන පක්ෂය නිකම්ම ගොඩ.

:       35       9

anura Thursday, 23 August 2018 05:56 AM

අනතුරු අඩු කිරිමට ගත් තීරණයක්.බෙහොම හෙදයි.

:       10       174

sampath Thursday, 30 August 2018 09:18 AM

ගුවන් යානයක් පදවන්නත් 18න් පුළුවන් නම් ත්‍රීවීල් එකකට 35ක් මොකටද ?

:       15       2

BamunuarachchiMonday, 03 September 2018 10:27 PM

ත්‍රීවීලර් එකට තිබෙන්නේත් රෝද 3යි ගුවන් යානයට තිබෙන්නේත් රෝද 3යි මෙතන තිබෙන ප්‍රශ්නය අවුරුදු 35 ට අඩු එවුන් තටු මවාගෙන ත්‍රීවීලර්ය ගුවන් යානයක් වගේ පදවන්න යාමයි

:       0       22

BamunuarachchiMonday, 03 September 2018 10:40 PM

ඒ ගොල්ලන්ගේ දැනුම පැත්තකින් තියමුකෝ ගුවන් නියමුවෙකුට තිබෙන විනයක් ත්‍රීවීලර් රියදුරෙක්ට තිබෙනවාද? මාර සංසන්දනය කිරීමක්. එකත් ත්‍රීවීලර් දැනුමකින් ආව එකක් වගේ.

:       0       12

Bamunuarachchi Monday, 03 September 2018 10:30 PM

රටේ ජනතාව අගාදයට

:       13       2

indika Sunday, 09 September 2018 04:35 AM

එහෙම තමා වෙන්න උවමනා. එතකොට රටේ අනුකිත් ශ්‍රම බලකාය වැඩි වෙනවා. දැනට තියෙන ලොකුම ප්‍රශ්නයක් ශ්‍රමිකයන් නැතිකම.

:       0       3

lasantha Wednesday, 12 September 2018 06:55 AM

රටක ශ්‍රම බලකාය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම රජයක වගකීමයි. බොහෝ වැරදි කර තිබුණත් මෙම තීරණය මෙම රජයට ගත හැකි හරි තීරණයක් මේ. අවදානම අරගෙන මෙම තීරණය ගත්තොත් මගේ ඡන්දෙත් ආණ්ඩුවට නැත්නම් ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වන දවස වැඩි අතක නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site