IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අමාත්‍යංශ ලේකම්වරුන් කීප දෙනෙකුටම මාරුවීම්

(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව තුළ සිදුකෙරෙන වෙනස්කම් යටතේ ඉදිරි සති දෙක තුළ, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකු ද මාරුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


ගැටලුකාරී තත්ත්වයන් ඇති අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් කිහිප දෙනකු ඒ අනුව මාරු කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ. රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් ද සති දෙකක් තුළ මාරු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 20 වැනි දා පුවත්පත් කතුවරුන් සමග පැවැති හමුවකදී ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඇමැති මණ්ඩල සංශෝධනය ද වෙසක් පොහොයට පෙර බලාපොරොත්තු වන්න යැයි ජනාධිපතිවරයා එහිදී ඉඟියක් ද කර තිබිණි.


ආණ්ඩුවේ නිලතල කිහිපයක හා වැඩසටහන් රැසක පුළුල් වෙනසක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඊට සමගාමීව මෙම වෙනස්කම් සිදුකෙරෙන බව වාර්තා වේ.

 



අදහස් (0)

අමාත්‍යංශ ලේකම්වරුන් කීප දෙනෙකුටම මාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site