(අජන්ත කුමාර අගලකඩ)
ලබන අයවැයෙන් මුදල් වෙන් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
පාසල් සඳහා ලැප්ටොප් පරිගණක හා උපාංග මිලදී ගැනීම, සුහුරු පන්තිකාමර සඳහා උපකරණ මිලදී ගැනීම, පාසල් පන්තිකාමර නවීකරණය (පොලිමර් ඩෙස්ක් හා පුටු සැපයීම) යන ව්‍යාපෘති මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.
මෙම ව්‍යාපෘති සඳහා 2019 වසරට වෙන් කරන ලද මුදල් වෙනත් ව්‍යාපෘති සඳහා වැය කර තිබීමත් මේ වසරේ එම ව්‍යාපෘති කිරීමට මුදල් නොමැති වීමත් යන හේතු මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.