(අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ)
මේ සතියේ පුරප්පාඩු වන අගවිනිසුරු ධුරය සහ විගණකාධිපති ධුරය සඳහා සුදුස්සන්ගේ නම් අනුමත කිරීමට ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වැනිදා පස්වරුවේ රැස්වීමට නියමිතය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ධුර කාලය මේ මස 28 වැනිදායින්ද විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ ධුර කාලය මේ මස 23 වැනිදායින්ද අවසන්වීමට නියමිතව ඇත.
ඒ අනුව අගවිනිසුරු ධුරය සඳහා නම් තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සතියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යැවෙනු ඇත.
අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, බුවනෙක අලුවිහාරේ සහ නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd