IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හරප්පාවේ වරාය නගරයක් වූ දෝලාවිරාව විනාශ වූයේ සුනාමියකින්ද ?

 ඉන්දියාවේ අභිරහස්   

 

දෝලාවිරා යනු හරප්පා ශිෂ්ටාචාරය පැවති සමයේ හරප්පාවේ පැවති විශාලතම වරාය නගරය විය. වත්මන් ගුජරාටයේ පිහිටි එය විනාශ වූයේ සුනාමියක බලපෑමෙන් යැයි ඉන්දියාවේ සාගර විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ. ඉන්දියානු දේශසීමාවේ පිහිටා ඇති එය දෙවැනි විශාලතම හරප්පානු පුරාවිද්‍යාත්මක කලාපය ලෙස සැලකෙයි. බළකොටුවකින්, මධ්‍ය නගරයකින් හා පහළ නගරයකින් එම කලාපය සමන්විතය. දෝලාවිරාව වසර 5000කට පමණ ඉහත හරප්පාවේ පිහිටි විශාලතම වරාය නගරයක් වූ අතර මින් වසර 3450කට පමණ පෙර සුනාමියකින් එය විනාශ වී ඇති බවට තොරතුරු මෙම අධ්‍යයනයෙන් අනාවරණ වී තිබේ.  
 
එම තොරතුරුවලට අනුව මෙම ප්‍රදේශය නිතර සුනාමි තර්ජනවලට බඳුන් වූ බවට සාධක ඇත. දෝලාවිරාවෙන් හමුවී ඇති කොටු පවුරේ තාප්පය ඉතා ඝනකමින් යුතු වන අතර ඒ අනුව ඔවුන් සුනාමි උවදුරු පිළිබඳ මනා අවබෝධයකින් හා වෙරළ ආපදා කළමනාකරණය පිළිබඳ මනා දැනීමකින් පසු වූ බවට සාක්ෂි ඇතැයි එම අධ්‍යයනයේ සඳහන්ය. “මෙම අධ්‍යයනයෙන් දෝලාවිරාවේ එක් කොටසක් සුනාමියකින් විනාශ වූ බවට වන ලක්ෂණ අපට හඳුනාගත හැකි වුණා” යැයි සාගර විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.ඩබ්ලියු.ඒ. නක්වි සඳහන් කර තිබේ.   


මෙම අධ්‍යයනයට රජිව් නිගම්ගේ නායකත්වයෙන් යුතු විද්‍යාඥයන් කණ්ඩායමක්ද එක් වී සිටියහ. නගරය වටා ඝන තාප්ප ඉදි කර ඇත්තේ කුණාටු සහ සුනාමි වැනි සමුද්‍ර ආපදාවන්ගෙන් ආරක්ෂාවීමට විය හැකි බවත්, ඒවා ඉදිකිරීමේ සැබෑ අරමුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ඔවුන්ගේ මතය වී ඇත. “මින් වසර 5000කට පමණ ඉහත මනාව සැලසුම් කර ඉදිකර ඇති මෙම නගරය වසර 1500ක් පමණ කාලයක් පැවත ආ බවට සාක්ෂි ඇත. මෑතක කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම්වලදී බළකොටුව, මධ්‍ය නගරය සහ පහළ නගරය වශයෙන් කොටස් තුනක ශේෂයන් සොයාගත හැකි වුණා. ඉන් මධ්‍ය නගරයෙන් ඉතා වැදගත් සාධකයක් හමු වුණා. ඒ මීටර 18ක් පමණ පළලින් යුතු තාප්පයක කොටස්. අනිවාර්යයෙන්ම එය මුහුදෙන් එන අපදාවලින් ආරක්ෂා වීම සඳහා ඉදිකරන ලද්දක් විය හැකියි. එවැනි ඝනකමින් යුත් තාප්ප මින් ඉහත කිසි දිනෙක හමු වී නැහැ.” යනුවෙන් රජිව් නිගම් සඳහන් කර තිබේ.

 

 

 

 

 

 

අන්තර්ජාලයෙනි   
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා   



අදහස් (0)

හරප්පාවේ වරාය නගරයක් වූ දෝලාවිරාව විනාශ වූයේ සුනාමියකින්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site