IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිතෙන හිතෙන වෙලාවට බඩ පුරවන්න එපා

අල්ලපු රටෙන් ඔවදනක්

 

ඔබ අධික ස්ථුලභාවයෙන් පීඩා විඳිනවා නම්, උදරයේ මේද තට්ටු පිරී එය ඉදිරියට නෙරාවිත් ඇති නම්, අධික රුධිර පීඩනය, අසාමාන්‍ය ලෙස කොලෙස්ට්‍රෝල් හෝ ට්‍රයිග්ලිසරයිඩ් ඉහළ ගොස් තිබේ නම්, අනිවාර්යයෙන් ඔබ ආහාර පාලනයක් කළ යුතුය. එසේ නොකළොත්, ඔබේ ජීවිතේ අනතුරේ වැටෙනු නිසැකය.   


හෘදයාබාධයකට, ආඝාත තත්ත්වයකට, දියවැඩියාවට එය අත වැනීමකි. මෙවැනි තත්ත්වයක දී, පෝෂණවේදීන් පෙන්වා දෙන අන්දමට, ඔබ ආහාර ගැනීම කළ යුත්තේ පැය 10 ක කාල පරාසයක් ඇතුළත පමණය. තවත් පැය 14 ක් ඔබ නිරාහාරව සිටිය යුතු වෙයි. මේ ආකාරයට ඔබ සතියක් ආහාර පාලනය කළොත්, එය ඔබේ සිරුරට හිතකරය.   
මෙසේ පවසන්නේ යුරෝපා වෛද්‍යවරුන්ය. ඒ, ඔවුන් කළ අධ්‍යයනයක් පාදක කර ගනිමිනි. මෙම අධ්‍යයනයට ස්ථුලභාවයෙන් පෙළෙන කාන්තා පිරිමි 19 දෙනකු සම්බන්ධ කර ගැනුණි. පෝෂණ උපදෙස් ලබා දී, ආහාර පාලනය සම්බන්ධයෙන් ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනවලට, ආහාර පාලනය සඳහා විශේෂිත ඇප් එකක් යොදවනු ලැබුණි. කාර්ය බහුල දෛනික දිවියේ දී ආහාර පාලනය කළ යුතු ආකාරය සිහි ගැන්වීම, එම ඇප් එක හරහා සිදු විය.   


පැය 10 ක කාලය ඇතුළත කැමැති දෙයක් කෑමට ඉඩ ලබා දුන් අතර, පැය 14 ක කාලය අනිවාර්යයෙන් නිරාහාරව සිටිය යුතු විය. සති 12 කට පසු වෛද්‍ය පරීක්ෂණවලට එම 19 දෙනා සම්බන්ධ කෙරුණු අතර, ලැබුණු ප්‍රතිඵල සැබැවින්ම විස්මිත විය. කැලරි දහනය වී, අනවශ්‍ය මේදය ඉවත් වී තිබුණේ, බර අඩු කරමිනි. රුධිර පීඩනය වැඩි අයගේ රුධිර පීඩනය අඩු වී තිබුණි. ඒ, ඖෂධ භාවිතයකින් තොරවය. සීනි සහ ඉන්සියුලීන් මට්ටම හිතකර විය. කොලෙස්ට්‍රෝල් මට්ටම සම්බන්ධයෙන් සතුටු විය හැකි විය.

 

ලුසිත ජයමාන්න   
‘ද වීක්’ හෙල්ත් සප්ලිමන්ට් ඇසුරිනි   

 



අදහස් (0)

හිතෙන හිතෙන වෙලාවට බඩ පුරවන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site