IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


හැඩයෙන් හා වර්ණයෙන් හෙළි​ෙවන ජීවන තොරතුරු

සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව අනුව අනාවැකි පැවසීමේදී පළමුවෙන්ම පරික්ෂා කරනු ලබන්නේ අත්ලයි. අත්ලේ හැඩරුව, වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරැණි සාමුද්‍රික විද්‍යාව පොත්වල පැහැදිලිවම දක්වා ඇත. එම භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රයෙහි සඳහන් පරිදි වඩාත්ම ජීවිතයට සුභඵල දෙන අත්තල හෙවත් පානීතල දහයක් පිළිබඳව මෙසේ විස්තර කර ඇත.  

 
1. අත්තලය ස්පර්ශ කළ විට උණුසුම් ගතියක් දැනීම   
2. යූර්ය උදාවීමට පළමු අහස් තලයෙහි දක්නට ලැබෙන රක්ත වර්ණයට සමාන වර්ණයක් අත්ලෙහි දිස්වීම   
3. අතේ ඇඟිලි එක්කළ විට සිදුරු නොමැතිව එකට එකතුවී මනාව පිහිටීම   
4. අත්තලය තෙල් ගැල්වූ කලක මෙන් මනාව ඔපවත්ව මෘදුව පිහිටීම   
5. මසින් පිරුණ ඝනකම සහිත වූ අත්ලක්වීම   
6. මධ්‍යම ප්‍රමාණයේ අත්තලය විශාලව පිහිටීම   
7. නියපොතු තඹ පැහැයෙන් යුතුවීම   
8. ඇඟිලි දික් සහිතවීම   
9. පාණීතලය හෙවත් අත්ල දිගට වඩා පළල්ව පිහිටීම   
10. අත්ල ඩහදියෙන් තොර වියලි ස්වභාවයෙන් යුතුවීම   


මේ හැර අත්ල සමතලාව මසින් පිරුණ උඩට නෙරා ඇති අත්ලෙන් ත්‍යාගශීලී භාවයත් ධනවත් භාවයත් ප්‍රකට කෙරේ. වළ ගැසී ඇති අත්ලෙන් මව්පිය උරුම අහිමිවීමත් වඩා ගැඹුරට වළගැසී ඇති අත්ලෙන් දිළිඳු භාවයත් ප්‍රකට කෙරෙන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් කර ඇත.   


එමෙන්ම දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන අයට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත් කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැක. පැහැපත් සමකින් හා මෘදු පේශීන්ගෙන් සැදුණු අත්ල හිමියා කලා කාමියෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිත ලක්ෂණයක් වෙයි. කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් අයෙකු හඳුනා ගත හැක.   


බුද්ධිහීන පුද්ගලයාගේ සම ගොරෝසු හෙවත් රළු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත්, ශීර්ෂ රේඛාව කෙටි වීමක්ද එවැනි අත්ලක දැකිය හැකිය. සියුම් වැඩට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත්ල හිමියා වාසනාවන්තය. ආත්ම ශක්තියෙන් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවද ඉදිරිපත් වන එවැනි අය එය නිම කිරීමෙන් ඉමහත් සතුටක් ලබති. දක්ෂ පාලකයන්ටද බොහෝවිට එවැනි අතුල් තල පිහිටයි. හැමවිටම දහඩිය දමන සුළු අත්ල ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි රෝග එවැනි අයට තිබිය හැක.   


ලා රෝස පාට අත්ල වඩාත් සුභඵල දෙන පිහිටීමකි. අත්ල කළු පාට හෝ දුඹුරු පැහැ ගැන්වීම සුභ නොවේ. දුක්බර දිවියක් එමගින් පෙන්නුම් කෙරේ. මෘදු ගතියෙන් යුත් මඳක් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ළද බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාශයක් ඇති ඇය සැබැවින්ම කාරුණිකය. පැරණි දේහ ලක්ෂණ විද්‍යා ග්‍රන්ථවල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති දුඹුරු රේඛා ස්ත්‍රීන්ගේ අත්වල තිබීමද ඉතාමත් සුභයි. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය ලබාගැනීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝද වෙති.  


අත්ල තද කහ පාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවූද එමෙන්ම කාමුක, අශෝභන සිතිවිලි වලින් යුක්තවූ අයෙක්ද වේ. අත්ල සුදු පැහැයෙන් යුක්තවීමද අශුභය. සමාජයෙන් ඈත්ව සිටීමට මොවුහු හැමවිටම උත්සාහ කරති. මොවුහු වාසනා ගුණයෙන්ද හීනය. අත්ල කළු පැහැතියෙන් යුක්ත අයෙක් නම් හේ බොහෝවිට ආත්මාර්ථකාමී අයෙක් විය යුතුය. අත්ල රක්ත වර්ණයෙන් යුක්ත වී නම් වස්තු සම්පත් නොඅඩුව ලබන්නෙක් වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කර ගන්නෙකු වෙයි.   


දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්‍රහ මණ්ඩලයක් මත සලකුණු වී ඇත්නම් අශුභය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතනක හෝ ඇතිවන ආබාධයක් ප්‍රකට කෙරේ. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ පිහිටියේ නම් හිසේ ආබාධද, හෘදය රේඛාවේ නම් හෘදය ආශ්‍රිත රෝගද දෛව රේඛාවේ නම් ආදායම් තත්ත්වයේ පහත වැටීමක්ද වන අතර එය රවි රේඛාවේ හෙවත් කීර්ති රේඛාවේ නම් තම ආත්ම ගරුත්වයට කැලලක් වන බවද පෙන්නුම් කරයි. කවයකට සමාන සලකුණක් අත්ලේ කුමන ස්ථානයක පිහිටියත් එයද අවාසනාවන්ත ලකුණකි. විශේෂයෙන් චන්ද්‍ර මණ්ඩලයේ කවයක සලකුණක් හෝ කතිර ලකුණක් පිහිටියේ නම් ජලයෙන් සිදුවන අනතුරක් ප්‍රකට කෙරේ.   


නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණ, නොකැපුණ රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කිරීමකි. රේඛා කාලවර්ණ වීම ප්‍රධාන රේඛා මැකී යාම අශුභය. එමගින් හෙළි කරන්නේ දිළිඳු වන බවයි.   


ස්ත්‍රියකගේ අත්ලේ මාළුවෙකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක් වේ නම් එයද ඉතා වාසනාවන්තය. පිරිමි දරුඵල හිමිවෙන බවට එය සලකුණකි. අත්ලේ දක්ෂිණාවෘත කවාකාර සටහනක්, ඊතලයක සටහනක් හෝ වේ නම් අැයට රජ බිසවකට සමාන යස ඉසුරු හිමිවේ. ස්ත්‍රියකගේ අත්ලේ කුණ්ඩලාභරණයක්, චක්‍රයක් වැනි සටහනක් වී නම් ඇයට සමාජයේ උසස් පුද්ගලයෙකු විවාහයට හිමි වේ. සියලු යස ඉසුරින් පිරි ඇයගේ ඉදිරි ජීවිතයද ඉතා වාසනාවන්තය.   


යම් ස්ත්‍රියකගේ අත්ල කොටද, මනා හැඩහුරු කමින් යුක්තද කැපීගිය රේඛාවන් නොමැති රේඛාවන් කීපයකින් පමණක් යුක්තද එම රේඛාවන් පළල්ව පැහැදිලිව අත්ලේ මැද දෙසට ඒවා විහිද පවතී නම් එම කාන්තාව ඒකාන්තයෙන්ම කාගේත් ගෞරව ලබන උතුම් වූ මහා හේතු සම්පත්තියෙන් යුත් තැනැත්තියක් වන අතර ඇය ධනයෙන් හා වාසනාවෙන්ද යුක්ත වන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ පෙන්නුම් කර ඇත.   

 

 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස්   
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය  



අදහස් (0)

හැඩයෙන් හා වර්ණයෙන් හෙළි​ෙවන ජීවන තොරතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site