IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


සිතුවිලි කලඹන විඥානය

මොහොතක් පාසා බාහිර මනස් මගින් සංඥා හෝ පණිවිඩ අපගේ මනසට ලැබෙන නමුත් එය සවිඥානිකව නොදන්නා බව ටාර්ග් හා ප්‍රෘට්හොෆ්ගේ දුරචින්තවේදන පර්‌යේෂණවලින් අනාවරණය විය. එනම් එක් එක් අයගේ මනස නිරතුරුවම තමාට පරිබාහිරව ලැබෙන හැසිරීම් පිළිගැනීමට සූදානම්ව නිතරම විවෘතව පවතින බවත් ඒ සඳහා ජීවවිද්‍යාත්මක සැකසුමක් පවතින බවත් මින් හෙළි වෙයි.  

පියවි සිහියෙන් සිටියදී ද මේවා මොළයේ දකුණු අංශයෙන් සන්නිවේදනය වනු ඇතැයි පර්​ෙ‌ය්ෂකයෝ තවදුරටත් ප්‍රකාශ කරති. මෙම අතීන්ද්‍රීය ක්‍රියාදාමය සාමාන්‍ය කටයුතුවල නිරතව සිටියදී පවා සිදුවනු ඇතැයිද ඔවුහු අවධාරණය කරති.  


අප කාමරයක් දෙස දෙනෙත් යොමා ක්ෂණිකව හෙළන එක බැල්මෙන් පවා එහි ඇති වස්තු පිළිබඳ සාමාන්‍ය දැනීමක් මොළයේ දකුණු අංශයට ලැබෙන අතර එය මතකයට ගත හැකි වන සංඥා හා පණිවිඩ පිළිබඳ දැනුම මොළයේ වම් අංශයට ඉදිරිපත් වෙයි.  


මේ අන්දමට දැනුම හා තොරතුරු සොයා යාම මගින් සංඥා හා පණිවුඩ අප කරා පැමිණීම සඳහා භෞතිකයට ඔබ්බෙන් සිදුවන අතීන්ද්‍රීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ඇත. මෙය සාමාන්‍ය ලෙස අවබෝධයට ගැනීම අපහසු කාර්යයකි. එහෙත් ක්වෝන්ටම් භෞතික විද්‍යාවේදී ඉලෙක්​ෙට්‍රා්න ගතික ක්‍රියාවලිය ක්වෝන්ටම් අවස්ථා සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය අනුනාද රටාවන් යම් පමණින් හෝ සැලකිල්ලට ගතහොත් මෙම සිදුවීම් අභ්‍යව්‍ය දෙය නොවන බවත් ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.  


සිතුවිලි නිර්මාණය කිරීම විඥ්‍රානයේ ප්‍රබල කාර්යයයි. පංචේන්ද්‍රයන් මගින් ගන්නා අරමුණු මත සිත මෙහෙයවා සත්වයා විසින් නිර්මාණය කරන ලද සිතුවිලි ආලෝක රශ්මි ධාරාවන් ලෙසින් මොහොතින් මොහොත කර්මශක්තිය ජනනය කරයි. විශේෂයෙන් රාග, ද්වේශ, මෝහ යන මනෝධර්ම මත නිමාවන සිතිවිලි හා මෛත්‍රීය, කරුණාව වැනි පුණ්‍ය සිත් මතු වී ජනිත වන කිරණයන් සඳහා පිළිවෙළින් වර්ණවත් සහ සුදු පැහැ ආලෝක ධාරාවන් සත්වයා වටා පවතින බව වර්තමාන පර්​ෙ‌ය්ෂකයන් විසින් සොයා ගෙන ඇත.  


ඇස, කන, නාසය, දිව, සිරුර, කාන්දමක් ලෙස ක්‍රියා කර බාහිර අරමුණු ඇද ගනිමින් විඥානය සකස් වෙයි. ඇතැම් විට ගඟක පහළට ගලා යන දිය රැළි අතර එක් දිය වැලක් පමණක් එම ගමනට බාධා කරමින් උඩු අතට ගමන් කිරීමට උත්සාහ කරයි. එය අපහසු නිසා දිය සුළියක් ලෙස කරකැවීම ආරම්භ කර මහා දිය කඳ හාරාගෙන පතුළට කරකැවීමෙන් කේතුවක හැඩය ගෙන පහළට ගලා යන දිය සුළිය මගින් පාතාලයක් නිර්මාණය කරයි.  


විඥානයද එසේම දිය සුළිය කුණු රොඩු සියල්ල ඇදගන්නා ආකාරයටම පංචේන්ද්‍රියන් මගින් උපාදානය කරන අරමුණු සිතුවිලි බවට හරවා ගනියි. උපාදාන දිය සුළිය කඩා ඉහිරවා නැවත ජල කඳ හා සම තත්ත්වයෙන් පෙනී සිටීම මම නිර්වාණයට උපමා කරමි. විඥානය විසින් යථාර්ථය පෙරදැරිව ඕනෑම අයෙකුට මෛත්‍රිය නම් කොන්දේසි විරහිත ආදරය මගින් විශ්‍වයේ තවත් එක් හවුල්කරුවෙකු ලෙස පෙනී සිටීමෙන් නිවන පසක් වෙයි.  
සතිමත් භාවය සැහැල්ලු බව ප්‍රීතිය ශ්‍රද්ධාව ප්‍රඥාාව යන ගුණාංගවලින් සමන්විත වූ විට අතීන්ද්‍රීය හැකියාවන් ඉතා ප්‍රබලව මතු වේ. පුද්ගල මානසික පැවැත්ම අනුව මෙය සිදුවන බව භාවනාමය අවස්ථා ගෙන හැර පාමින් දැක්විය හැකියි. සිතිවිලි හුවමාරුව සඳහා එකිනෙකාගේ මානසික සැසඳීම ද බොහෝ දුරට ඉවහල් වන බව සත්‍යයකි. කිසියම් පුද්ගලයකු මිය ගිය පසු කාලය හා අවකාශය ක්‍රියාත්මක නොවන ඇස්ටල් ලෝකය නම් වෙනත් පරිමාණයකින් යුත් වෙනස් ලොවකට පිවිසිවිට එවන් අයට පෘථිවියේ සිටින්නන්ගේ සිතුවිලි තරංග හසුකර ගැනීමට හැකියාව ලැබේ.  


බොහෝ විට මෙය සිදුවන්නේ මෛත්‍රිය ශ්‍රද්ධාව වැනි උත්තරීතර මිනිස් ගුණ ධර්ම සමග සිතුවිලි විශ්වය හරහා යැවිය හැකි නම් පමණි. අැස්ට්‍රල් ලොව ජීවින්ද නිම වී ඇත්තේ විද්‍යුත් චුම්බක අංශුවලිනි. මිනිස් මොළයෙන් විහිදෙන විද්‍යුත් චුම්බක තරංග එහි සංඛ්‍යාතය අනුව අනුනාද වීමේ ක්‍රියාවලියක් මෙහිදී සිදුවේ. එනිසා අන්තර් ජාලය ඇතුළු බොහෝ අධි තාක්ෂණික මෙවලම් තුළදී ක්‍රියා කරන ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග ආයාමයන්ට වඩා වැඩි ප්‍රබලතාවක් මිනිස් විඥානය මගින් සන්නිවේදන ක්‍රියාවලියට එක්ව ඇතැයි යන්න අධිමානසික පර්​ෙ‌ය්ෂණ මගින් සනාථ වෙයි.  


මරණින් පසු ඇතුළු වන ඇස්ට්‍රල් ලෝකය තුළ එක් එක් අය අතර කරුණාව, දයාව ආදරය වැනි ගුණාංග ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් මිනිස් ලොව සිටියදී තමා වෙත අන් අය පිරිනැමූ ධනාත්මක හැඟීම් සහ වෙනස්කම්ද දැඩිසේ සැලකිල්ලට ගෙන සිටින බවත් ආචාර්ය බ්‍රයන් වෙයිස් සිය පර්​ෙ‌ය්ෂණවලින් පෙන්වා දෙයි. ඉහත කරුණු සැලකිල්ලට ගෙන නව උපතක් කරා යන ජීවියා සිය කර්ම වේගය අනුව සුදුසු මව්පියන් හා පරිසරය තෝරා ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසයි.  


සත්භාවයෙන් හැඟීම් මවන චිත්ත තරංග එක් එක් විඥානයන් විසින් ග්‍රහණය කරගන්නා බවත් එමගින් ක්‍රියාත්මක වන අතීන්ද්‍රීය ඥානය මගින් සිතකින් සිතකට පණිවුඩය යැවිය හැකි බවත් සනාථ කිරීම මෙම ලිපියේ අරමුණයි. මෙතෙක් ප්‍රකාශයට පත්වූ සියලු පුනරුත්පත්තීන්ට වෙනස්ව යන සත්‍ය කතාවක් මෙහිදී පළකරන්නට අදහස් කළෙමි.  


මෙය මා හොඳින් හඳුනන ජෙනී නම් කාන්තාව මා සමග පැවැසූ ඇගේ කතාවයි. ජෙනී යනු අනුවර්තන නාමයක් බවද සලකන්න.  


‘‘සිලි සිලි හඬගා රන්වන් බෝපත් මඳ සුළඟේ සැලුණේ’  


1960 දශකයේ මුල් භාගයේ ගුවන් විදුලියෙන් ජෙනී අසා සිටි ගීතයක එක් වැකියකි. ඇය බුදු දහමේ ගැඹුරු තැන් සහ පාලි, සංස්කෘත හා සිංහල සාහිත්‍ය යන කරුණු ගැන දැනුම පෙරභවයෙන් රැගෙන ආ බව මා සමග කීවාය. එවකට අවුරුදු 11 ක් වූ අැය මෙම ගීත කණ්ඩයේ පද ගැළපුම හා අරුත මනාව ගළපමින් රසවත් වූවාය.  


ඇය පවසන අන්දමට එහි ගැලී ගිය ඇගේ සිතට ආ නොසන්සිඳෙන මනෝමය භාවය අද වනතුරුත් ඇගේ හදවතේ රැව්පිළිරැව් දෙන්නේය. බෝධිය, බෝපත් සැලෙන විලාසය ඇගේ ජීවිතයට අත්වැලක් වූවා යැයි ඇය පවසන වදන් ගැන මා මෙන්ම ඔබද පුදුමයට පත්වනු ඇත. එය සත්‍යයකි. “ලාලිත්‍යයෙන් ගීතයක් ලෙස එම පණිවිඩය මා වෙත ගෙන ආවේ කවුද?” කුඩා ජෙනී යෙහළියන් සමග එසේ පැවසුවාය.  


“එයා නීතිඥවරයෙක්” එක් කුඩා යෙහෙළියක් පැවසුවාය.


ජෙනීට අවුරුදු 7 ක් පමණ වූ කාලයේ සිටම ඇය මිනිසුන්ගේ මනස, සිතිවිලි, හැඟීම් පිළිබඳව ද සොබා දහම පිළිබඳව ද සෙවිල්ලෙන් පසු වූවාය. බොහෝ විට සංසාර පුරුදු අනුව එක් අයෙකුගේ විඥානය එකම අතට විහිදුවන සිතිවිලි හා බැඳෙන බව ඇය දුටුවාය.  


එහෙත් එම ගායකයාට එකිනෙකට පරස්පර ආත්ම සංයමයක් ඇත. සුන්දරත්වය හා ගැඹුරු දෙය අදහන ඔහු කවුරුන්ද ජෙනී විමසිලිමත් වූවාය. ඒ ගැන හෝඩුවාවක් හෝ ජෙනීට ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය.  
දින, සති, මාස, අවුරුදු ගෙවී කාලය අවුරුදු දසක ගණනින් නිමා විය. ජෙනී විශ්වයේ සත්‍ය කුමක්දැයි සොයමින්ම සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය. සිලි සිලි හඬගා රන්වන් ​බෝපත් මද සුළඟේ සැලුණේ තවමත් එම සුන්දර වැකිය සහ එයින් මැවෙන දසුන ඇගේ මනසට යළි යළිත් පැමිණෙයි.  


ඒ 1980 දසකයේ මුල් වකවානුවයි. ඒ රසාලිප්ත ශ්‍රවණයෙන් දසක දෙකක් ගෙවී ගොස් අවසන්ය. රජ​යේ ගුවන් විදුලියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය ජෙනීට අසුණේ අහම්බෙනි. තරුණ වියේ පසුවූ ඔහු හදිසියේම ඔහු ජීවත් වූ බටහිර රටකදී හෘදයාබාධයකින් මිය ගොස්ය. ඉහත කී රුවන් වැකිය ගැයුවේ ඔහුයි. ජෙනීට ශෝකයක්ද නොවීය. සන්තාපයක්ද නොවීය. ළතැවිල්ලක්ද නොවීය. එය හදවතට සහ කම්පනයකි. සංවේගයකි. කාලය තවදුරටත් ගතවී තවත් අවුරුදු දසක දෙකක් ගෙවී ගියේය.  


එය 2000 වර්ෂයේ මුල් භාගයයි. මේ වන විට ජෙනී පෙර උගත් විදුහලේම ගුරුවරියකි. ගොඩනැගිලි වලින් පරිබාහිරවූ සුවිශාල භූමි භාගයේ දැවැන්ත බෝධි වෘක්ෂය යටින් ඈ පියමැන්නාය. අවට කිසිවෙකු නැත. මද සුළඟද හමායයි. ඒ රිදී කාසි සමූහයක් එකවර ගැටෙන හඬය. දැවැන්ත බෝධිය අතුපතර පුරා මෙම ආශ්චර්යය විහිදී යයි.  


මිය ගිය පුද්ගලයා කවුරුන්ද? ඔහුගේ තොරතුරු සෙවීමට මා විසින් ආරම්භ කරන ලද්දේ එදිනයි.  


ජෙනී තවදුරටත් මා සමග කීවාය.  


මම තොරතුරු හොයන්න පටන්ගන්නත් පෙර ඔහු නැවත ඉපදිලා. මම දන්නෙ අවුරුදු ගණනකට පස්සෙ. ජෙනී කතාව එසේ නිමාකර නිහඬ වූවාය.  


මෙය වෙනස් ආරක පුනරුත්පත්ති කතාවකි.   


1960 වසරේ ගීත ඛණ්ඩය කන වැකුණෙන් ජෙනී සිතන්නට වූයේ ඔහුගේ හඬ පෞරුෂය නොවේ. රූපකායද නොවේ. එම විඥානය හා බැඳුණු මනස පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. 1981 න් පසුව ඔහු මියගිය විට 1985 උපන් දරුවෙක් ඔහු මෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු වූ අතර පෙළපත ආශා හැසිරීම් රුචිකම් හැඩරුව කටහඬ ක්‍රියා කලාපයන් යන සියල්ලෝම සමාන කම් සමග නීතිය හා කලා ක්ෂේත්‍රයන්හි ජාතික සහ ජාත්‍යන්තරව සමත් කම් දක්වන්නට විය. යළි උපන් පුද්ගලයා ජෙනීගේ පොඩි පුතුයි.  


මෛත්‍රිය හා ප්‍රඥාව විසින් මෙහෙයවන සිත රාග, ද්වේශ සහ මෝහ යන අකුසල මූලයන්ගෙන් තොරවූ විට සිතිවිලි ඵලදායක ලෙස ක්‍රියාත්මක වන බැව් සනාථ කරන අන්දම මෙයින් පැහැදිලි වෙයි. එසේ වුවද විඥානය විසින් අවිඥානික ලෙසින් වුවද ලබාගන්නා සියලු තීරණ සහ නිගමනයන් අනිවාර්යයෙන්ම කර්මානුරූපව ක්‍රියාත්මක වන බවද විශ්ව නීතියක් වන අතර යථාර්ථයේ වෙනස් නොවන සත්‍යයද එයම වෙයි.  

 

 

 

 


අධ්‍යාපනවේදී 
චන්ද්‍ර වික්‍රමාරච්චි බණ්‍ඩාර



අදහස් (0)

සිතුවිලි කලඹන විඥානය

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 50 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 68 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 41 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 73 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


සංජය සහ අපූර්වා
2025 පෙබරවාරි මස 13 98 0

ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 168 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 322 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 148 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 997 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site