කාව්‍ය ප්‍රභේදයක් වශයෙන් සෙත් කවිය මෙන්ම කාව්‍ය ක්ෂේත්‍රයේ විශේෂ වැදගත්කමක් හිමිකරගෙන තිබේ. පොදුවේ ගත්කළ ‘කවිය’ යනු සහෘදයා රසාස්වාදයට පත්කිරීම අරමුණු කරගත්තද සෙත් කවිය එයට හාත්පසින්ම වෙනස් වූවකි.  

ෙසත් කවිය ලියනු ලබන්​ෙන් ද කියනු ලබන්නේ ද කවරකුට හෝ සෙතක් ශාන්තියක් ප්‍රාර්ථනා කරනු පිණිසය. කිසියම් ලෙඩ රෝගයකට ගොදුරු වූ විට, එසේත් ලෙඩ රෝගයකට ගොදුරුවූ විට, එසේත් නැතහොත් කිසියම් කරදරයකට විපතකට මුහුණ පා ඇති විට දෙවියන් ඉදිරියේ සෙත් කවියක් කියවා ගැනීමෙන් ශාන්තියක් සලසා ගැනීමට මෙරට බෞද්ධ සමාජ​ෙය් බොහෝ දෙනෙක් අතීතයේ පටන් පුරුදු වී සිටිති.  


සමහරු තම ඡන්ම පත්‍රයට අනුව ග්‍රහදොස් නිසා ඇතිවන අපල දුරුකර ගැනීමට අශුභ ග්‍රහයින් ගෙන දෙන ලෙඩ රෝග දුරු කර ගැනීමට සෙත් කවි කියවා ගැනීමට නැඹුරු වී සිටිති. මේ සඳහා කලින් සකසන ලද මන්ත්‍ර - ගුරුකම් ද කරුනු ලබන අතර සෙත් කවියද මන්ත්‍රකම සමාන කළ හැකිය.  


නමුත් සෙත් කවියේ ඇති විශේෂත්වය වනනේ කලින් සකසන ලද අක්ෂර බාධකයක් වන මන්ත්‍රයක් මෙන් නොව සෙත් කවියක් යනු අභිමාන කාරණයට සහ පුද්ගලයාට ගැලපෙන පරිදි ශාස්ත්‍රීය නියමයන් රාශියක් අනුගමනය කරමින් රචනා කරනු ලැබූ විශේෂිත වූ කාව්‍ය නිර්මාණයක් වීමයි.  


සෙත් කවි රචකයකු කාව්‍ය ශාස්ත්‍රයේදී මූලික නීතිරීති මෙන්ම ජ්‍යෙතිෂ ශාස්ත්‍රයද දැනගත යුතුවේ. ඒ අනුව ඡන්දස්, මාත්‍රා අෂ්ට ගණ, ඉෂ්ටාතිස්ට වර්ණ, එළිසම අලංකාර, වෘත්ත ආදිය සුදුසු පරිදි යෙදීමේ හැකියාව පමණක් නොව ඡන්මපත්‍ර පරික්ෂාවට අනුව අභිද්‍රයකයාට අපල කරන ග්‍රහයින් අනෙකුත් අද්‍රාළ කාරණාවන් ද හරිහැටි හඳුනා ගනිමින් නැකැත් බලය යෝනී බලය, පංච පක්ෂි බලය අක්ෂර බලය, ගණ බලය යන ශක්තීන් ​ගොනුවන අාකාරයෙන් කවි පද බැදීමේ හැකියාවද සෙත් කවි රචකයා තුළ තිබිය යුතුය. 


සෙත් කවි කීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වන්නේ කාව්‍ය ශාස්ත්‍රයක් ජ්‍යෙතිෂ ශාස්ත්‍රයන් හා බැඳුණු ගුරු උපදේශයන් රාශිය ඒ අයුරින්ම අනුගමනය කරතොත් පමණි.  


ඉෂ්ම කාව්‍ය බාධනයේදී හෙවත් සෙත්කවි රචනයේදී ලඝු - ගුරු භේදය නොසලකා පද යෙදීමත් විරුද්ධ ගණ සතුරු යෝනි, සතුරු අක්ෂර ආදිය යෙදීමෙන් සෙත් කවියෙන් බලාපොරොත්තු වන සුභ ඵලය වෙනුවට නියත වශයෙන්ම අශුභ ඵල ගෙනදිය හැකි බැවින් විශේෂයෙන්ම එම කාරණ ගැන සැලකිලිමත් විය යුතුය.  


ශාස්ත්‍ර නියමයන්ට අනුව පණ පිහිටුවා ගත් සෙත් කවියේ බලයක් ඵලයන් ප්‍රශස්ථ වේ. සෙත් කවි නිර්මාණයේදී තේරුම් ගත හැකි සරල බස්වහරක් යොද‌ා ගැනීමෙන් දෙවියන්ගේ ගුණ සමුද්‍රයෙන් තමන්ගේ පැතුමක් ඉතා හොඳින් අභිද්‍රයකයාගේ සිතෙහි කාවැදීමෙන් ජනිතවන නිරවුල් හා පිවිතුරු හැඟීම හේතුකොට ගෙන අපේක්ෂිත සුබ ඵලය වඩාත් තහවුරු වේ.  


සෙත් කවියක බලය සහ ඵලය ගැන විමසී​ෙම්දී කවියේ මූලාරම්භ අක්ෂරයක් ගණයක් ඉතා වැදගත් කොට සැලකිය යුතුය. අභිබානයට සහ පංචමනා භූත චක්‍රයටත්   


අ-බ-ත-ල චක්‍රය ඇතුළු සීහුම් චක්‍රයන්ට ගැලපෙන ආකාරයක් හා ගණයක් මුල් පදයේ ආරම්භය සඳහා යොද‌ා ගැනීම අනිවාර්ය වේ.   එසේම කාව්‍ය නායකයාගේ නම දෙපසද පිහිට පතන දෙවියන්ගේ නම දෙපසද කාවරයෙහි මුල් ගණ තුන සහ හත්වන ගණයද හතරවන පදයේ අවසන් ගණයද මාත්‍රා, ස්වර, අක්ෂර, ගණ, යෝනි ආදී සෑම ආකාරයෙන්ම සීහුම් විය යුතුය. තවද කාව්‍ය නායකයාටත් කාව්‍ය ..............??? දින, නැකැත්ම තෝරාගෙන එ් අනුව රචනා කළ යුතුය.  


මේ ආදී වශයෙන් සාර්ථක කාව්‍ය නිර්මාණයක් කරනු ලැබුවද අපේක්ෂිත සුබ පලය ලැබීමට නම් සෙත් කවි රචකයාත් පිහිට පතන්නාත් යන දෙදෙනාම දැහැම් පුද්ගලයන් විය යුතුවේ. දෙවියන් කෙරෙහිත් පුද පූජාවන් ගැනත් විශ්වාසයක් හා ගෞරවයක් ඔවුන් තුළ තිබීම සෙත් කවි කීමෙන් සාර්ථක ප්‍රතිඵල අක්කර ගැනීමට ඉවහල් වේ.  


කුහක ගති ඇති චරිතය අපිරිසිදු වූ පුද්ගලයන් විසින් ලිවීම හෝ කියවීම තුළින් සෙත් කවියෙන් බලාපොරොත්තුවන සුභ ඵලය නොදෙන අතර අනුන්ගේ සැපත දැක සතුටු වන්නා වූ මුදිතා ගුණයෙන් හා මෛත්‍රී කරුණාවෙන් යුත් අය විසින් ලියා කියවනු ලබන සෙත් කවියෙන් සාර්ථක ඵල ලබාදෙයි.  


අවසන් වශයෙන් ශාස්ත්‍රීය ගුණයෙන් යුතු සෙත් කවියක යහපත් ප්‍රතිඵල උදාකරගැනීමට නම් ඉන් පිහිට පනත අය මෙන්ම රචකයාද දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති ධාර්මික පුද්ගලයන්ම විය යුතුය.  

 

 

 


ජ්‍යොතිෂ්‍යවේදිනී සුනීතා මුණසිංහ
පහලයාගොඩ, ගණේමුල්ල