අත්ලේ ප්‍රධාන රේඛාවන්ට අමතරව සමහර අයගේ අත්වල පිහිටන තවත් ලුහුඬු රේඛා කීපයක් පිළිබඳවයි මෙවර ලිපියෙන් ඔබව දැනුම්වත් කරන්නේ. ඒ තමයි ශාස්ත්‍රධාරී රේඛාව, භූමි රේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව දැන් අපි බලමු එම රේඛාවන් පිහිටා ඇති ආකාරය හා එමගින් ඔබට ලැබෙන සුභ අසුභ කෙසේද කියා.
දැන් ඔබ බලන්න මේ සමග පළවී ඇති රූපසටහන දෙස අංක (1) මැණික්කටු රේඛා ආශ්‍රයෙන් ජීවන රේඛාවෙන්, ශීර්ෂ රේඛාවෙන් හෝ හෘද රේඛාවෙන් ආරම්භ වන ශාස්ත්‍රධාරී රේඛාව පිහිටන්නේ කීර්ති රේඛාවටත්, සුඛරේඛාවටත් මැදිවෙලා බව ඔබට අවබෝධ වෙන්න ඕන. කීර්ති රේඛාවේ සාමාන්‍ය පිහිටීමත් සුඛ රේඛාවේ සාමාන්‍ය පිහිටීමත් (ශාස්ත්‍රධාරී රේඛාවේ දෙපැත්ත) කෙටි ඉරිවලින් සලකුණු කර ඇති නිසා එම රේඛාව පිහිටා ඇත්තේ කෙසේද කියා ඔබට පැහැදැලි ඇත.
කීර්ති රේඛාව රවි මණ්ඩලයෙන් අවසන් වෙන බවත් සුඛ රේඛාව බුධ මණ්ඩලයෙන් අවසන් වන බවත් පෙර පළවූ ලිපි වලින් ඔබ දැනුම්වත් වෙලා ඇති. නමුත් ශාස්ත්‍රධාරී රේඛාව අවසන් වන්නේ වෙද ඇඟිල්ලටත් සුළැඟිල්ලටත් අතර ඇති නිම්න ප්‍රදේශයෙන්. වෙනත් අයුරකින් පැහැදිලි කරනවා නම් හරියටම ඇඟිලිකරු දෙක අතරින් මේ අයුරින් කාගේ හෝ අතක රේඛාවක් පිහිටා තිබේ නම් එය ශාස්ත්‍රධාරී රේඛාව යයි පැහැදිලිව කිව හැකිය.
ශාස්ත්‍රධාරී රේඛාව හැම කෙනෙකුගේම අත්වල පිහිටන රේඛාවක් නොවේ. නොයෙකුත් විදියේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව මනා ප්‍රවීණතාවක් ලබන විශාරදයන්ගේ අත්වල පමණයි බොහෝවිට මෙම රේඛාව දැකිය හැක්කේ. උපතින් උරුම වූ හෝ උත්සාහයෙන් ඇතිකරගන්නා ලද අසහාය බුද්ධි බලයක් ඇති අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැක. ජ්‍යොතිර්වේදීන්, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරුන්, විද්‍යාඥයින්, චින්තකයින්, කවියන් වැනි ප්‍රසිද්ධ ජීවිත ගතකරන අයගේ අත්වල ශාස්ත්‍රධාරී රේඛාව ඇති බව පර්ෙය්ෂණ වලින් ඔප්පු වී ඇත.
ශාස්ත්‍රධාරී රේඛාව හක්ගෙඩි ලකුණකින් අවසන් වීම වඩාත්ම සුභඵල ගෙනදෙන පිහිටීමක් වේ. දස දිශාවන්හි පැතිර ගිය කීර්තියක් ඇති ඔවුන් මිනිසත් බවේ උතුම් සංකේතයක් වෙයි. එම රේඛාව මන මත්ස්‍ය (මාළුවා) සලකුණක් තිබීමද ඒ වගේම සුභ පිහිටීමක්.
භූමි රේඛාව
මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අගභාගය ඡේදනය කරමින් මහපට ඇඟිල්ල දෙසට විහිදයන අංක 2 සලකුණු කර ඇති රේඛාව දැන් හඳුනා ගන්න. එය තමයි භූමි රේඛාව. ඉඩකඩම් වගේම භූමියෙන් ලබාගන්නා මැණික් නිදන් වස්තු වැනි දේවලට හිමිකරුවන් වන අයගේ අත්වල බොහෝවිට භූමි රේඛාව දැකිය හැකිවේ. මැටි ගල් වැලි ඛනිජ සම්පත් උපයෝගී කරගන්නා ව්‍යාපාර වලින් දියුණු වන අයගේ අත්වලද පිහිටිය හැකි භූමි රේඛාව වෙනත් ඉරිවලින් ඡේදනය වීම (කැපීයාම) සුභ නොවේ. ඉඩකඩම් සම්බන්ධ නඩු හබ අවුල් වියවුල් ඇතිවීම එවැනි ලක්ෂණ හේතු විය හැක. දූපත් ලකුණු කළු ලප වැටීමද ඒ වගේම අශුභඵල ගෙනදෙයි. ඉඩකඩම් තමන්ගේම වාසියට තීන්දු වන නිසා භූමි රේඛාව මත දිස්වන චතුරස්‍ර ලකුණ සුභ පිහිටීමක් වේ.
ජන්ම රේඛාව මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අවසාන කෙළවර කපාගෙන උඩු අත බලා විහිද යන රේඛාව අංක 3න් පෙන්වා ඇත. එම රේඛාව ජන්ම රේඛාවයි. එම රේඛාව පැහැදිලිව දර්ශනය වේ නම් එය වාසනාවන්ත පිහිටීමක්. පූර්ව ආත්ම භවයන්හිදී කරන ලද නොමද පින්බල ඇති ඔවුහු අනේක විධ භවභෝග සම්පත් ලැබීමේ භාග්‍යවන්තයෝ වෙති. එවැනි පිහිටීම් ඇති අයට උපන් භූමියේ ජීවත්වීමෙන් හා උපන් භූමියේ ව්‍යාපාර ආදිය ආරම්භ කිරීමෙන් ශීඝ්‍ර දියුණුවක් ලබාගත හැක.
කාගේ හෝ අතක ජන්ම රේඛාව කැපී කැඩී ගොස් විකෘති වී ඇතිනම් එවැනි අයට උපන් භූමියේ ජීවත් වීමෙන් හෝ උපන් භූමියේ ව්‍යාපාර කිරීමෙන් හෝ දියුණු විය හැකි නොවේ. ජන්ම රේඛාව මත දූපත් ලකුණු හෝ කතිර ලකුණු වැටීමද ඒ වගේම අශුභයි. එවැනි පිහිටීම් ඇති අයට විදේශ රටවලදී හදිසි විපත් අකල් මරණ පවා සිදුවිය හැක. රේඛාව මත චතුරස්‍රයක ලකුණක් තිබේ නම් ඔහු හෝ ඇයට ජීවිතයට එල්ල වන අනේක විධ බාධක මැඩපවත්වා අයෝමය ආත්ම ශක්තියකින් ඉදිරියට යා හැකිය.
සතුරු රේඛාව
රූප සටහනේ අංක 4 න් දක්වා ඇත්තේ සතුරු රේඛාවයි. ජීවන රේඛාවේ මුල් භාගය කපාගෙන ගුරු මණ්ඩලයටත් ශනි මණ්ඩලයටත් අතර ඇති ප්‍රදේශයට විහිද යාම සතුරු රේඛාවේ සාමාන්‍ය පිහිටීමයි. එය සතුරු රේඛාව හොඳ පිහිටීමක් නොවේ. සතුරු කියන වචනය කියවෙනවාත් සමගම ඔබට හිතෙනවා ඇති කියන්න යන්නේ කුමක්ද කියා.
සතුරු රේඛාව යම්කෙනකුගේ අතක පිහිටලා තිබේ නම් එම අයට බොහෝ සතුරන් සිටින බව මතක තබා ගත යුතුය. සමහර අයගේ සතුරු රේඛාව වෙනත් ඉරි වලින් කැපී ඇත්නම් ඔවුනට සතුරු බලවේග අබිබවා නැගී සිටීමේ ආත්ම ශක්තිය බලය හා හැකියාව ඇති බව කියැවේ. සතුරු රේඛාව දෙවැනි රේඛාවකිනුත් කැපී ඇත්නම් සතුරන් විසින් දෙනු ලබන වස විෂ කැවීමෙන් හෝ සතුරන් විසින් කරනු ලබන හදි හූනියම් වලින් විපතක් සිදුවීමට ඉඩ ඇත. දැන් ඔබ ඔබේ අත් දෙකම දිග හැර බලන්න මෙවැනි රේඛා එකම විදියට අත්දෙකේම පිහිටලා තිබෙනවාද කියා. එකම ආකාරයට අත්දෙකේම එම සලකුණු ඇත්නම් එහි පලාපල අනිවාර්යයෙන්ම ලැබිය හැක. එක අතක පමණක් නම් පලාපල අවම වේ.
හිඹුටානේ පියතිලකද අල්විස්
158 හිඹුටාන (රෝහල ඉදිරිපිට) මුල්ලේරියාව නව නගරය
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශාස්ත්‍රධාර භූමි ජන්ම සහ සඳරු රේඛා