IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ලෝක වාර්තා

ටෙස්ට් ක්‍රිකට් තරග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලද රටවල් අතරට පමණක් සීමාවෙයි. ඒවා ඉනිම දෙකකින්  සමන්විත වන අතර දින පහක කාලයක් පුරා පැවැත්වේ. දෙරටක් අතර පැවැති පළමු ටෙස්ට් තරගය ලෙසින් වාර්තාගතව ඇත්තේ ක්‍රි.ව. 1887 මාර්තුවේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගයයි. 2017 වනතෙක් ටෙස්ට් වරම් දිනා සිටියේ රටවල් 10ක් පමණි. පසුගිය වසරේ ඇෆ්ඝනිස්තානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමි වූ අතර ඒ අනුව වර්තමානයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව 12කි.  

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වූයේ 1981දීය. 1982 පෙබරවාරි 17 වැනි දින ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ටෙස්ට් තරගයට සහභාගී වූහ. ප්‍රතිවාදී කණ්ඩායම වූයේ එංගලන්ත පිලයි. ශ්‍රී ලංකා කණ්ඩයමේ ප්‍රථම ටෙස්ට් ජය වාර්තා වූයේ ඉන්දියානු පිලට එරෙහිවය. 1985 සැප්තැම්බර් 6 වැනි දින ඔවුහූ එම ඓතිහාසික ජය වාර්තා කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග 269කට සහභාගී ඇති අතර ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියති.


ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ කණ්ඩායම ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 1997 ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදී කඩුලු 6කට ලකුණු 952ක්  රැස්කරමින් එම ලෝක වාර්තාව සටහන් කිරීමට ඔවුහු සමත් වූහ.


කුමාර් සංගක්කාර වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොත් අතරට එක් වී සිටී. ඔහු තරග 134කදී ලකුණු 12,400ක් රැස් කළ අතර එහි සාමන්‍යය 57.40කි.


වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා මහේල ජයවර්ධනය. 2006දී දකුණු  අප්‍රිකාවට එරෙහිව ඔහු ලකුණු 374ක් ලබා ගත්තේය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ශතක හා අර්ධ ශතක ලාභියා වන්නේ කුමාර් සංගක්කාරය. ඔහු තරග 134කදී ශතක 38ක් හා අර්ධ ශතක 52ක් ලබා තිබේ. වැඩිම දවාගැනීම් සඳහා දායක වූ ක්‍රීඩකයාගේ වාර්තාවද ඔහු සතුය. ඔහු තරග 134කදී දවාගැනීම් 175කට දායක වී තිබේ.


වේගවත්ම ලකුණු 8000, 9000, 11000 සහ 12000 රැස් කළ ක්‍රීඩකයා වන්නේද කුමාර් සංගක්කාරය. ඉනිම 152කදී ලකුණු 8000 සීමාවද, ඉනිම 172කදී ලකුණු 9000 සීමාවද, ඉනිම 208කදී 11,000 සීමාව හා ඉනිම 224කදී ලකුණු 12000 සීමාවද ඉක්මවීමට සංගක්කාර සමත් විය.


වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැස්කරගන්නා ලද ක්‍රීඩකයා ලෙස වාර්තා ගත වී ඇත්තේ මහේල ජයවර්ධනයි. ඔහු තරග 149කදී උඩපන්දු 205ක් රැකගෙන තිබේ. එක් ක්‍රීඩා පිටියක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරන ලද ක්‍රීඩකයාද මහේලය. එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී ඔහු ලකුණු 2921 රැස් කර තිබේ.


වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගන්නා ලද පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ය. ඔහු ටෙස්ට් කඩුලු 800ක් දවාගන්නා ලද අතර එහි සාමාන්‍යය 22.67කි. ටෙස්ට් තරගාවලි වීරයා ලෙසින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ද මුත්තයියා මුරලිදරන්ය. තරගාවලි 11ක වීරයා වීමට ඔහුට හැකි විය. ඉනිමක වැඩිම කඩුලු ලාභියා වන්නේද ඔහුය. 2002 ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 51කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.


වමත් පා දඟපන්දු යවන්නකු ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව 415කි. ඒ රංගන හේරත්ය.


තුන් වැනි විකට්ටුව සඳහා පිතිකරුවන් දෙදෙනකු අතර වැඩිම සම්බන්ධතාව ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන අතරය. ඔවුන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 624කි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එම තරගයේදී සංගක්කාර ලකුණු 287ක් සහ මහේල ලකුණු 374ක් රැස්කිරීමට සමත් වූහ.


දෙවැනි විකට්ටුව සඳහා පිතිකරුවන් දෙදෙනකු අතර වැඩිම සබඳතාවයේ වාර්තාව සනත් ජයසූරිය සහ රොෂාන් මහනාම හිමිකරගෙන තිබේ. 1997 ඉන්දියාවට එරෙහිව ඔවුන් ලකුණු 576ක් රැස්කළහ.

 

 

 


ප්‍රියන්ජන්



අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ලෝක වාර්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site