IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


විරාත් කෝලි 2017 ක්‍රිකට් වාර්තා පහක් බිඳ හෙළයි

 

ලොව ජනප්‍රියම ක්‍රීඩා අතර ඉදිරියෙන්ම පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා දිනෙන් දින අලුත් වන්නකි. 2017 වසරේ වැඩිම වාර්තා සංඛ්‍යාවක් බිඳ දැමූ ක්‍රීඩකයා ලෙස විරාත්  කෝලි ඉදිරියෙන්ම සිටී. ටෙස්ට්, එක්දින හා 20x20 යන සියලු අංශවලින් මේ වනවිට ඉදිරියෙන්ම සිටින පිතිකරුවා ඔහුය. ජාත්‍යන්තර තරගවලදී පිතිකරුවකු ලෙස වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ කෝලි 2017 වසරේ ලකුණු 2500 සීමාව පසු කිරීමට සමත් වූයේ ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමිනි.
   

එක් දින තරගවලදී එක් වසරක් තුළ වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැස් කරන ලද පිතිකරුවා, ටෙස්ට් තරගවලදී වැඩිම ශතක ප‍්‍රමාණයක් රැස් කරන ලද ඉන්දියානු නායකයා, වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ ඉන්දියානු ක්‍රීඩකයා, ලකුණු 8000 සහ 9000 සීමාවට ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයා යන වාර්තා සමඟ ලෝක වාර්තා කිහිපයක්ද බිඳ දමන්නට ඔහුට හැකි විය.   


වසර 10ක් පුරා එක් වසරක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද නායකයා යන වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින්ංය. 2007 වසරේ ලකුණු 1424ක් ලබා ඔහු සටහන් කළ වාර්තාව 2017දී විරාත් කෝලි විසින් බිඳලන ලද්දේ ලකුණු 1460ක් වාර්තා කරමිනි.   


නායකයකු ලෙස වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක හිමිකරගත් ක්‍රීඩකයා වූයේ බටහිර ඉන්දීය කොදෙව් නායකයකු වූ බ‍්‍රයන් ලාරාය. ඔහු ටෙස්ට් ඉනිම 85කට සහභාගී වී ද්විත්ව ශතක 5ක් ලබා සිටි අතර කෝලි එම වාර්තාව බිඳ හෙළමින් ටෙස්ට් ඉනිම 50කදී ද්විත්ව ශතක 6ක් ලබා ගැනීමට සමත් විය.   

 

 

ලකුණු 8000 සහ 9000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා ලෙසින්ද කෝලි වාර්තා පොත් අතරට එක් වී සිටියි. 2015 වසරේ එක් දින තරග 182කින් ලකුණු 8000 සීමාව පසුකර යමින් දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් තැබූ වාර්තාව, 2017දී ඉනිම 175කින් එම සීමාව පසුකොට නව වාර්තාවක් පිහිටුවීමට කෝලි සමත් විය. පසුගිය වසරේ වේගවත්ම ලකුණු 9000 සීමාව කරා ළඟා වූයේද කෝලිය. ඒ සඳහා ඔහු වැය කළේ ඉනිම 194ක් පමණි. ඉනිම 200කට අඩුවෙන් එම සීමාව කරා ළඟා වූ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුය.   


එක් වසරක් තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ නායකයා වන්නේද කෝලිය. එම වාර්තාව 2005 සිට හිමිකරගෙන සිටියේ ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං විසිනි. ඔහු නායකයකු ලෙස එක් වසරක් තුළ ශතක 9ක් රැස්කර තිබිණි. පසුගිය වසරේ කෝලි එම වාර්තාව පසුකර ගියේ ශතක 11ක් හිමිකර ගනිමිනි.   


නොකඩවා ටෙස්ට් තරගාවලි 4ක් තුළ ද්විත්ව ශතක හතරක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක් වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, එංගලන්තය සහ බංග්ලාදේශය සමග පැවැති තරගාවලි හතරේදී කෝලි ද්විත්ව ශතක හතරක් වාර්තා කළේය.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  



අදහස් (0)

විරාත් කෝලි 2017 ක්‍රිකට් වාර්තා පහක් බිඳ හෙළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site