IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විද්‍යාව හා ජ්‍යොතිෂ්‍යය

විද්‍යාව පිළිබඳව හැදෑරූ අයෙකු ජ්‍යොතිෂ විෂය ගැන දැනුවත් වීම බො​හෝවිට සිදුනොවන්නකි. එහෙත් ජ්‍යොතිෂ්‍ය විෂයේ විද්‍යානුකූල බවත් ඒ නිසාම මෙතෙක් ජනතා ප්‍රසාදයට පත්වී ඇති බවත් සඳහන් කරමි.  
 

අප ජීවත්වන පෘථිවිය තත්පරයකට කිලෝමීටර් 20 ක පමණ වේගයෙන් සූර්යා වටාවූ කක්ෂයක ගමන් කරන බව බොහෝදෙනා නොදනී. මෙම වේගය ඇසිපිය ගසන තරම් වූ වේගයකි. එහෙත් අපට නොදැනෙන්නේ බසයක, දුම්රියක, මෝටර් රථයක ගමනක් මෙන් නොව හිස් අවකාශයේ සිදුවන ගමනක් නිසාය. 

 
පෘථිවිය ගමන් කරන කක්ෂයෙන් පිටතට ගමන් නොකරන්නේ සූර්යයා සමග වූ ආකර්ෂණ බලයක් හේතුවෙනි. බෝලයක ගැට ගැසූ නූලක් මගින් අතේ දබරැඟිල්ල ආශ්‍රයෙන් වෘත්තාකාරව කරකවනවිට එම බෝලය වෘත්තාකාර පථයක ගමන් කරද්දී අතේ දබරැඟිල්ලට යම් බලයක් දැනෙනවා සේම එම වෘත්තාකාර ගමන දබරැඟිල්ල නිසා පාලනය වේ. මෙම න්‍යාය පෘථිවියේ ගමන් මගට ද සාධාරණීකරණය වේ.   


විද්‍යාවේදී යම් වස්තුවක් වටා තවත් වස්තුවක් භ්‍රමණයවීමට යෙදෙන බලය කේන්ද්‍රාපසාරී බලය ලෙස හඳුන්වන අතර සඳු හා පොළොව අතර ඇත්තේ ද එවැනි බලයකි. සඳු නිරන්තරයෙන්ම පොළොව වටා ගමන් කරයි. පෘථිවිය සූර්යා වටා එක් වටයක් යාමට දින 365 කට ආසන්න කාලයක් ගතවේ. එය වසරකි. වසරකට දින 365 ක් පමණ ඇතැයි පිළිගන්නා ඇතැමුන් (නිවැරදිව 365 1/4 කි) පෘථිවිය හා සූර්යයා අතර බැඳීමක් බලපෑමක් අැතැයි යන ජ්‍යොතිෂ්‍ය මතය බැහැර කරයි.   


පෘථිවියේ ජීවය රඳා පවතින්නේ සූර්යයා නිසාය. සියලුම ශාක සත්ව ජීවය සූර්යයා නිසාවෙන් පෘථිවිය මත සක්‍රියවේ. ජීවීන්ට අවශ්‍ය ආහාර පෘථිවිය මතම නිෂ්පාදනය වේ. ඇත්තෙන්ම පෘථිවිය යනු ජීවීන්ට අවශ්‍ය සියලු සැප සම්පත් හිමි අජටාකාශ යානයක් බඳුය.   


අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින එකම ශක්ති ප්‍රභවය සූර්යයා. අනෙකුත් ග්‍රහයන්ට එම ශක්තිය නැති අතර සූර්යයා ලෝකය හා වෙනත් විකිරණ පරාවර්ථනය කරයි. සූර්යයා හැරුණ විට වඩාත් දීප්තියෙන් ආලෝකය දෙන්නේ සඳු ය. පෘථිවියේ උප ග්‍රහයෙකු ලෙස සලකන සඳු ජ්‍යොතිෂ්‍යයේ දී විශේෂ තැනක් දී ඇත. එසේම ජ්‍යොතිෂ්‍යයේ දී හිරු ප්‍රධාන වන අතර හිරු සඳු අඟහරු බුධ සිකුරු බ්‍රහස්පති සෙනසුරු රාහු කේතු යන බලවේග ජ්‍යොතිෂ්‍යයට ඇතුළත් වේ. මෙහිදී රාහු, කේතු යනු ග්‍රහයන් නොවේ. එකම බලවේගයක ධන ඍණ ලෙස වූ බැටරියක අග්‍ර දෙක හා සමාන වූ බලවේග දෙකක් බව පෙනේ.   


මගේ මතය නම් රාහු කේතු යනු ​ෙපාළොවේම ඇති චුම්බක බලවේග දෙක විය හැකි බවකි. එයට හේතුව නම් රාහු කේතු අන් ග්‍රහයන්ට සාපේක්ෂව ආපස්සට ගමන් කිරීමයි. සාපේක්ෂතා වාදයට අනුව පොළොවට සාපේක්ෂව බැලීමේ දී මෙය පොළොවේම ඇති බව සිතිය හැක.   


විද්‍යාවේ ඉගැන්වීම් බොහෝ විට භෞතිකවාදීවේ. පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ පමණක් ඉගැන්වේ. පිළිගනී. එහෙත් ජ්‍යොතිෂ්‍ය විෂය ඉන්ද්‍රිය ගෝචර නොවේ. එසේ වූ පමණින්ම බැහැර කළ නොහැක. වේගයෙන් එන වාහනයක් හරහා මගියෙක් පාර හරහා පනී. රියදුරු තිරිංග තද කර වාහනය නවතා ගනී. මගේ වේලාව හොඳයි මගියා කියයි. බම්බු වෙලාව මගේ බ්රේක් තිබුණ නිසා හොඳයි. රියදුරා කියයි. මෙයින් සත්‍ය කුමක්ද? මෙම කාරණා දෙකම සත්‍යය. මගියාට එම මොහොතේ අනතුරක් සිදුනොවන මොහොතක එසේ විය හැක. රියදුරාගේ තිරිංග හරිහැටි ක්‍රියාත්මක නොවී නම් අනතුරක් විය හැක.   


අප අවට ග්‍රහලෝකවලින් ආලෝක ධාරා පමණක් නොව වෙනත් විද්‍යුත් චුම්බක කිරණ හා හඳුනා නොගත් කිරණ පොළවට සම්ප්‍රේෂණය වේ. මේ පිළිබඳව නිවැරදි පරික්ෂණ කරන අය නැති තරම් ය. ඒවා නොවැදගත් ලෙස සිතා අක්‍රියව සිටිනවා විය හැක.   


දැන් අඟහරු ග්‍රහයා රතු පාටය. ලැබෙන ආලෝක ධාරා ද රතුපාටය. ජ්‍යොතිෂ්‍යයේ දී අඟහරු රුධිරයට අධිපතිය. ක්‍රියාශීලී බවක් පෙන්වයි. ශල්‍ය වෛද්‍යවරයාගේ සිට ධීවරයා දක්වා ලේ සම්බන්ධ රැකියා කරන පාර්ශවයන් අඟහරු නියෝජනය කරන්නේ ජ්‍යොතිෂ්‍යයේදීය. මේ නිසා විද්‍යාත්මක සංසිද්ධි ජ්‍යොතිෂ විෂය හා සමපාත වන අවස්ථා ඇති නිසා ජ්‍යොතිෂ්‍යයේ ද විද්‍යාත්මක පදනමක් ඇත.   

 

 

 


පාරම්පරික ජ්‍යොතිෂ්‍යවේදී   
සරත් ආනන්ද අල්ගෙවත්ත  
පැලෑන උතුර, වැලිගම  



අදහස් (0)

විද්‍යාව හා ජ්‍යොතිෂ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site