ග්‍රහ සංයෝග ඇති වෙන්නේ එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සංයෝග වීමෙනි. සංයෝග පළ ශුභ අශුභ ගෙන දෙයි. කේන්ද්‍ර සටහනේ ස්ථාන හා රාශි අනුව ශූභ අශුභ තත්ත්වයන් වෙනස් වෙයි. ද්වි ග්‍රහ යෝග ත්‍රිග්‍රහයෝගය චතුර් ග්‍රහ යෝග පංච ග්‍රහ යෝග ආදී වශයෙන් ග්‍රහ සංයෝග නිර්මාණය වෙයි.
රවි ග්‍රහයාගෙන් යෙදෙන චතුර් ග්‍රහයෝග මෙසේය. රවි චන්ද්‍ර කුජ බුධ ශරීරය වෙහෙස නොකරවා කරන වෘත්තියක යෙදෙයි. විශේෂයෙන් මෙම යෝගය යෙදී ඇති රාශිය හා ස්ථානය අනුව ශුභව යෙදී ඇත්නම් දක්ෂ වෛද්‍යවරුන් බිහි වෙයි.
රවි චන්ද්‍ර කුජ ගුරු මෙම චතුර්ග්‍රහ යෝගයෙන් උපන් අය නීතිඥ වෘත්තියේ නියැළෙති. ඉගෙන ගන්නා කාලයක දක්ෂ ලෙස ඉගනීම් කටයුතු කරගනී. තේජවන්ත ගතියක් දිස්වේ. නිර්භීතයි. කතාවෙන් ජය ගනී.
රවි චන්ද්‍ර කුජ සිකුරු කතාවට දක්ෂයි. දේශපාලන කටයුතු වල නියැළෙයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. සතුරු රාශියක හා අශුභ ස්ථානයක පිහිටා ඇත්නම් ගති ගුණ නරකයි. අනියම් සබඳතා ඇති කර ගනී.
රවි චන්ද්‍ර කුජ ශනී රූපය අවලස්සන වෙයි. ආර්ථිකමය දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ. ශරීරය එතරම් උස නැත. අනවශ්‍ය ගමන්බිමන් යෙදෙයි. හිඟන ජීවිතයක් ගත කරයි.
රවි චන්ද්‍ර බුධ ගුරු ව්‍යාපාර කටයුතු වලින් අධික ලාබ ලබයි. විශේෂෙයන් ස්වර්ණාභරණ වෙෙළඳාමට ඉතා ශුභයි.
ශාස්ත්‍රීය අවබෝධය ලබයි. අශුභව සිටියේ නම් ශරීරාබාධ උපතින්ම ඇති විය හැකිය. අංග විකල බව.
රවි චන්ද්‍ර බුධ සිකුරු සාහිත්‍ය කලා කටයුතු අගය කරයි. ධනවත් වෙයි. උසස් නිල තල දරයි. අත් පාවල ආබාධ ඇති විය හැකිය. අශූභ ස්ථානයක සිටි විට ඇස් වල ආබාධ ඇති වේ.
රවි චන්ද්‍ර බුධ ශනි
ශරීරය මිටියි. නෑයින්ගෙන් හා මව්පියන්ගෙන් වෙන් වී කටයුතු කර ගනී. මෙය මහණ දම් පිරීමට සිදු වන යෝගයකි. සාර්ථක ජීවිතයක් ගත කළ නොහැක.
රවි චන්ද්‍ර ගුරු සිකුරු
උසස් නිල තල දැරීමට පුළුවනි. ව්‍යාපාර වෙෙළඳාම් කටයුතු වලින් ධනවත් වෙයි. බලවත්ව සිටී නම් අධ්‍යාපන කටයුතු වලින් හා ධන බලයෙන් උසස් තත්ත්වයක් හිමිවේ.
රවි චන්ද්‍ර ගුරු ශනි
බුද්ධිමත්ව ක්‍රියා කරයි. ඉගනීමට දක්ෂයි. රටේ තොටේ පිළිගත් ඇයෙක් ලෙස කටයුතු කරයි.
රවි කුජ බුධ ගුරු
ඉංජිනේරු තනතුරු ලබයි. විශේෂයෙන් අහස් යාත්‍රා පැදවීමට පවා දක්ෂතා දක්වයි. වැඩට ශූරයි. විශේෂයෙන් කාර්මික කටයුතු වලටයි.
මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යෙතිෂවේදී කලාභූෂණ
ආර්.ඇම්.ටී.බී. රත්නායක
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛද්‍යවරුන් නීතිඥවරුන් බිහි කරන චතුර් ග්‍රහ යෝග