IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


රවි කටකයට ඔ​ෙබි ලග්නයට කොහොමද ?

ග්‍රහ ලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා 2018 ජූලි 16 වන දින  මෙතෙක් ගමන් කළ මිථුන රාශියෙන් සඳු හිමි කටක රාශියට පැමිණෙයි. 2018 අගෝස්තු  මස 17 දක්වා රවි ග්‍රහයා කටක රාශියේ ගමන් කරයි. කෝණ මාසය නිම වීමත් සමගම  2018 ජූලි 16 වෙනිදා සිට ඉදිරි කාලය තුළ නිවාසවලට මුල්ගල් තැබීමටද, විවාහ  මංගල කටයුතුවලටද, අලුතින් ඉදි කරන ලද නිවාසවලට පදිංචියට යාමට ද ඉතා ශුභ  කාලයක් උදා වේ.   

 

රවි මාරුව උපන් ලග්නවලට බලපාන හැටි....   


මේෂ   


ඔබේ කේන්දරයේ හතර වැන්නේ රවි බුධ සමග රාහු ගමන් කරන විට  ලග්නාධිපති කුජ දිග් බලව දස වැන්නේ ගමන් කරයි. පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු  මෙන්ම සිත් තැවුල් ද ඇති වීමට ඉඩ තිබේ. ගෙදර වැඩිහිටියෙකුට තරමක් අපල බවක්  පෙන්වයි. ගෘහ ජීවිතයට තරමක් යහපත් වේ. නිවාස ඉදිකිරීම් වැනි වැඩවලට තරමක්  බාධා සහිත වේ. කුජ බලවත්ව ගමන් කරන නිසා බොහෝ බාධා කරදර ජය ගැනීමට ශක්තිය  ලැබෙයි. රැකියා හා ව්‍යාපාර අංශවල පිළිගැනීමක් ඇති වේ. ඔබේ නායකත්ව ගතිගුණ  කැපී පෙනේ. කෙසේ නමුත් උෂ්ණාධික රෝග, අධි රුධිර පීඩනය පිළිබඳ අසනීප තිබෙන  අය ප්‍ර​වේශම් වන්න.   


වෘෂභ   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ, රාහු තුන් වැන්නේ ගමන් කරයි. ලිපි  ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලට සුබ වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදිය හැකිය.  අසල්වාසීන් හා සහෝදරයන් අතර සමගිය වර්ධනය වේ. මේ අතර ගෙදර දියුණුවට කරන  කටයුතු සාර්ථක වේ. පවුලේ අය අතර සතුටින් කාලය ගත වේ. ගෘහාශ්‍රිත  කර්මාන්තවලින් ලාභ ලැබේ. කෙසේ නමුත් අගෝස්තු 01 වෙනිදා සිට 29 දක්වා ඔබේ  ලග්නාධිපති සිකුරු නීච වීම එතරම් යහපත් නොවේ. දරුවන් ගැන සැලකිලිමත් වන්න.  අවිවාහක තරුණ තරුණියනගේ මංගල යෝජනාවලට බාධා ඇති වේ. සෙනසුරු අපලයට අදාළ  ශාන්තිකර්මවල නිරත වන්න.   


මිථුන   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු දෙවැන්නේ ගමන් කරයි. පවුලේ  වියදම් ඉහළ යාමට හැකියි. ඒ ගැන සැලකිලිමත් වන්න. හිතේ චංචල බව හා සිතේ  අවුල්සහගත බවක් ඇති වේ. උෂ්ණාධික රෝග ද හට ගැනීමට ඉඩ ඇත. මේ අතර ගුරු  ග්‍රහයා පස්වැන්නේ ගමන් කරන නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට  මිශ්‍ර ඵලදායක කාලයක් උදා වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට තරමක් යහපත්  වේ. කෙසේ නමුත් කුජ ග්‍රහයා අටවැන්නේ ගමන් කරන නිසා වැටීම්, තැලීම් හා  හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න.   


කටක   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු ලග්නයේ ගමන් කරයි. මිශ්‍ර  ඵලදායක වේ. පසුගිය මාසයේ තිබූ කරදර බොහෝ දුරට අඩු වන බව පෙනේ. පවුලේ  සාමජිකයන් සමග සතුටින් කාලය ගත වේ. ඉක්මන් කෝපය නිසා අඹු සැමි භේද ඇති වීමට  ඉඩ ඇති අතර ඉවසීමෙන් කටයුතු කරන්න. ආදායම් තත්ත්වය යහපත් වුවත් අගෝස්තු 01  වැනිදා සිට සිකුරු ග්‍රහයා දුර්වලව ගමන් කරන නිසා ආදායම් තත්ත්වයට තරමක  බාධා ඇති වේ. විවාහ මංගල කටයුතු හා වාහන මිලට ගැනීම්වලට බාධා ඇති වේ. කෙසේ  නමුත් උෂ්ණාධික රෝග ඇති වීමට ඉඩ ඇත.   


සිංහ   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු දොළොස්වැන්නේ ගමන් කරයි. මෙම  කාලසීමාවේ සුබ කටයුතු ආරම්භ කිරීමට සුදුසු කාලයක් නොවේ. තරමක් අපල දායකයි.  ඔබ සාර්ථකව කරගෙන ආ වැඩ කටයුතුවලට නොසිතූ බාධා ඇති වීමට පුළුවන. රැකියා හා  ව්‍යාපාර කටයුතුවලදී උසස් කෙනෙකු අමනාප වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.  නීතිමය කටයුතු වලින් අවාසිවීමට ඉඩ තිබෙන නිසා නීති විරෝධී කටයුතුවල නිරත  නොවන්න. මේ අතර තැන්පත් මුදල් වියදම් වීමට කරුණු යෙදිය හැකියි. වියදම්  පාලනය කර ගන්න. ඔබේ ආදායම් මාර්ග බාධා ඇති වීමට පුළුවන විදේශ ගමන් සාර්ථක  වේ.   


කන්‍යා   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු සියලුම ලැබීම් පෙන්වන  එකොළොස්වැන්නේ ගමන් කරයි. සුබ දායක වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ.  ඉගෙනීමට උනන්දුව වැඩි වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර තනතුරේ  උසස් වීම් ලැබීමට ඉඩ තිබේ. ආදායම් තත්ත්වය සතුටුදායක වේ. මේ අතර උසස්  බුද්ධිමත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබීමට අවස්ථාව උදා වේ. ලිපි ලේඛන හා  සන්නිවේදන කටයුතු කරන අයට සුබ වේ. උසස් අයගේ ඇගයීමට ලක් වේ. පිරිස් බලය  ලබයි. අසනීපවලින් සුවය ලැබෙයි. විදේශ ගමන් සාර්ථක වේ. කෙසේ නමුත් අගෝස්තු  01 වැනිදා සිට වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමෙන් බාධක  මැදින් ඉලක්ක ජය ගත හැකි වේ.   


තුලා   


ඔබේ කේන්දරයේ දිග් බල රවි සමග බුධ, රාහු දස වැන්නේ ගමන් කරයි.  රැකියා තනතුරුවල උසස් වීම් ලැබේ. රැකියා අපේක්ෂිත අයට නව රැකියා ලාභ හිමි  වේ. ඔබේ නායකත්ව ගුණාංග අන් අය අතර පිළි ගැනීමට ලක් වේ. උසස් අය හඳුනා  ගැනීමට අවස්ථාව උදා වේ. නීතිමය ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි වේ. විදේශ  රැකියා බලාපොරොත්තු ඉටු වේ. මේ අතර අවිවාහක අයට මංගල යෝජනා උදා වේ.  හිතමිතුරන් සමග සතුටින් කාලය ගත වේ. කෙසේ නමුත් අගෝස්තු 01 වැනිදා සිට  ලග්නාධිපති සිකුරු දුර්වල වන නිසා තමරක බාධා ඇති වේ. අනවශ්‍ය ලෙස වියදම්  කිරීමට සිදු වේ. විදෙස් ගමන්වලට බාධා ඇති විය හැකිය.   


වෘශ්චික   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු නව වැන්නේ ගමන් කරන විට  ලග්නාධිපති කුජ කේතු සමග තුන් වැන්නේ ගමන් කරයි. පසුගිය මාසයේ තිබූ කරදරවලට  විසඳුම් ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. යහපත්  ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ආගම දහමට සිත යොමු වේ. රැකියා හා ව්‍යාපාර  කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. මේ අතර විදේශ අධ්‍යාපනයක් බලාපොරාත්තු  වූ අයගේ පැතුම් ඉටු වේ. සහෝදරයකුගේ ජයග්‍රහණයක් ගැන දැන ගන්නට ලැබේ. කෙසේ  නමුත් ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී.   


ධනු   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු අට වැන්නේ ගමන් කරයි. ඔබට  තරමක් අපලදායක කාල සීමාවකි. රැකියා හා ව්‍යාපාරික ස්ථානවල උසස් අය අමනාප  වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිමය ගැටලු ද ඇති විය හැකියි. නීතියේ  පිහිට ලබා ගැනීමට අපහසු නිසා නීතිවිරෝධී කටයුතුවල නිරත නොවන්න. පෙර පින  වාසනාව අඩු වන නිසා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. මේ අතර  උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන. අගෝස්තු 01 වැනිදා සිට සිකුරු දස වැන්නේ  දුර්වලව ගමන් කරන නිසා ව්‍යාපාරවලට මංගල කටයුතුවලට සුබ නොවේ. සෙනසුරු අපලයට  අදාළ ග්‍රහ ශාන්ති කර්මවල නිරත වන්න.   


මකර   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු හත් වැන්නේ ගමන් කරයි. හවුල්  ව්‍යාපාරවලට එතරම් යහපත් නොවේ. අඹු සැමි අමනාප කම් ඇතිවීමට ඉඩ ඇත. විවාහ  මංගල යෝජනාවලට තරමක බාධා ඇති විය හැකියි. එම නිසා එම කටයුතු කල්දැමීම වඩාත්  සුදුසු වේ. මේ අතර ඔබ සමග උසස් කෙනෙක් අමනාප වීමට පුළුවන. නීතිමය ගැටලු ද  ඇති වීමට හැකියි. ඒ වගේම උෂ්ණාධික රෝග අර්ශස් වැනි රෝග වලින් ප්‍රවේශම්  වන්න. කෙසේ නමුත් අගෝස්තු 01 වැනිදා සිකුරු නීච වන නිසා ව්‍යාපාරවලට මුදල්  ආයෝජන කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන්න. විනෝදයට බරවීම නිසා දරුවන්ගේ  අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ.   


කුම්භ   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු හය වැන්නේ ගමන් කරයි. ඔබේ  උත්සාහය හා ධෛර්යය උනන්දුව ඉහළ යයි. සතුරු කරදර වලින් ජය ලැබේ. සේවක පක්ෂයේ  සහයෝගය ලැබෙන නිසා රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු සාර්ථක වෙයි. උසස්  අයගේ ආධාර උපකාර ලැබෙයි. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක වෙයි. මේ අතර ණය  මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන ශිෂ්‍ය  ශිෂ්‍යාවන්ට ශුභයි. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශ අධ්‍යාපනයට  දොරටු විවර වේ. ආගම දහමට සිත යොමු වේ. අගෝස්තු 01 වැනිදා සිකුරු දුර්වල වීම  නිසා ගෘහ ජීවිතයට තරමක බාධා ඇති වේ.   


මීන   


ඔබේ කේන්දරයේ රවි සමග බුධ රාහු පස් වැන්නේ ගමන් කරන විට  ලග්නාධිපති ගුරු අට වැන්නේ ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන  කටුයතුවලට සුබදායක වේ. විභාග සම්මුඛ පරීක්ෂණ වලින් සමර්ථ වෙයි. දරුවන්ටත්  සුබදායකයි. බලවත් උසස් අය හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. මේ අතර ආදායම්  සතුටුදායක වෙයි. කෙසේ නමුත් අගෝස්තු 01 වැනිදා සිට සිකුරු කන්‍යා රාශි  ගතවීම නිසා විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ  කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ ඇත. මංගල කටයුතු තරමක් කල් දැමීම සිදුවේ. ගුරු  දශා ගත කරන අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.   


මේ අනුව රවි මාරුව සමහර ලග්න වලට සුබ පළ මෙන්ම ලග්න කිහිපයකට  අසුබ පලත් උදා කරන බව පෙනේ. රවි අපලය ඇති අය ඉරිදා දින රවි හෝරාවෙන් බුද්ධ  පූජා බෝධි පූජා ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත් සුරිය  පිරිත කියවීම යහපත් වේ. මෙවැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක. තවද  තමන්ට වඩා උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීතිවිරෝධී ක්‍රියා  නොකළ යුතුයි.   

 

 

 

 


​ෙජ්‍යාතිර්වේදිනී   
අජන්තා ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැදමහනුවර

 



අදහස් (0)

රවි කටකයට ඔ​ෙබි ලග්නයට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 51 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 71 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 89 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 47 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 122 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 101 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 262 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 563 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 311 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site