IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෙම් දිනවල කාලසර්ප යෝගයක් යෙදී ති​ෙබිද ?

අවාසනාවන්ත යෝගයක් ලෙස දකින කාලසර්ප යෝගයක් මේ දිනවල යෙදී ඇති බව සමාජයේ කතාබහට ලක්වී ඇත. මේ දිනවල උපදින දරුවන් කාලසර්ප යෝගයකින් උපදින බවටද මතයක් ගොඩනැගෙමින් තිබේ.  

මේ දිනවල මෙලොවට බිහිවන දරුවන් අවාසනාවන්තද? එසේ කියා දරු ප්‍රසූතිය ප්‍රමාද කරන්නද? එය ප්‍රායෝගිකව සිදුකළ නොහැකිය.  


මේ දිනවල කාලසර්ප යෝගයක් කිසිසේත් යෙදී නැත. යෙදී ඇත්තේ කාල අවෘත යෝගයකි. කාලසර්ප යෝගයක් වීමට නම් රාහු කේතුට මැදිව සියලු ග්‍රහයින් ගමන් කළ යුතු අතර රාහුගේ දිශාවට සියලු ග්‍රහයින් ගමන් කළ යුතුය.  


මේ දිනවල රාහු කේතුට මැදිව සියලු ග්‍රහයින් ගමන් කරන බව සත්‍යයකි. එහෙත් සියලු ග්‍රහයින් ගමන් කරන්නේ කේතුගේ දිශාවටය.  


රාහු සහ කේතු අනෙකුත් ග්‍රහයින් ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි. මේ දිනවල එවැනි කාලසර්ප යෝගයක් තිබේ යැයි සමාජ භීතිකාවක් නිර්මාණය කිරීමට ඇතැම් අය උත්සාහ ගනිමින් සිටිති. නමුත් මෙවැනි යෝගයකින් ඉපදුණු කිසිදු අයකු කාලසර්ප යෝගයට හසුනොවන අතර කාල අවෘත යෝගයට අයත් වේ.  


එය වාසනාවන්ත යෝගයකි. මෙවැනි යෝගයකින් ඉපදුණු ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ගණනාවක් සිටිති. ඔවුන් ආර්ථික, සමාජමය දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ය.  
එම නිසා මා හිතවත් ජ්‍යොතීර්වේදීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මව් පදවියට ආසන්නව සිටින අප රැකගත යුතු ආදරණීය අම්මාවරුන් බියට පත්කරන්නේ නොමැතිව සිටින ලෙසයි. ඔවුන් මේ දිනවල හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතුය. ඔවුන් අනවශ්‍ය බියකට පත්කිරීම තුළින්ම ඉපදෙන දරුවා රෝගියකු විය හැක.   


ඇත්තටම මෙලොව එළිය දකින නොදරුවා රෝගියකු වූයේ කාලසර්ප යෝගයක් නිසා නොව ජ්‍යොතීර්වේදීන් සිදු කළ අනවශ්‍ය බය කිරීම තුළින් බව තේරුම් ගත යුතුය. මව් පදවියට සූද‌ානම් වන කෙනකුට කුඩා කම්පනයකින් පවා දරු ගැබට හානියක් සිදුකළ හැක.  


2017 නොවැම්බර් 24 වන දින පෙ.ව. 6.00 පමණ වන විට චන්ද්‍රයා මකර රාශියේ අංශක 08 කට වඩා ප්‍රමාණයක් ගමන් කර ඇත. කේතු එම රාශියේ ප්‍රතිවිරුද්ධ දිශාවට අංශක 24 කට වඩා ප්‍රමාණයක් ගමන් කර ඇත.  


කාල අවෘත යෝගයද මේ මොහොතේ සිට අවසන් වේ. එම නිසා මව් පදවිය අපේක්ෂාවෙන් සිටින මව්වරුනි, බිය නොවන්න. ඔබ හොඳ මානසික ශක්තියකින් නිරෝගී දරුවකු මේ ලෝකයට බිහිකරන්න.  

 

 

 

 

 

 

 

 


පාඨශාලාචාර්ය, අත්තනගල්ලේ 
හේමසිරි විජේසිංහ  
21/658, මාලිගාතැන්න, අත්තනගල්ල  
0777940181 



අදහස් (0)

ෙම් දිනවල කාලසර්ප යෝගයක් යෙදී ති​ෙබිද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site