IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


මරණයට සම්බන්ධ සඳු

අපේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හිරුය. හිරු නොමැති නම් පෘථිවිය මත ජීවයක් නැත. එබැවින් මිනිස් ජීවිතයේ ප්‍රධාන භාරකරු හිරු හෙවත් රවි ග්‍රහයාය. එමෙන්ම පෘථිවිය වටා දින 28 කට ආසන්න කාලයකදී වරක් ගමන් කරන සඳු පෘථිවියේ උප ග්‍රහයෙකු සේ සැලකෙන අතර පෘථිවියට දැඩි බලපෑමක් කරයි.   

මෙම කරුණ විද්‍යානුකූලව ඔප්පු වී ඇති අතර ග්‍රහයින්ට පෘථිවිය මත කිසිවක් කළ නොහැකි යයි ඇතැම් භෞතිකවාදීන්ගේ තර්කවලට විද්‍යානුකූලව පිළිතුරු දිය හැක. පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ පනස්දාහක් පමණ දුරකින් සිට පෘථිවි කක්ෂයද නියමිත මාර්ගයේ රඳවා ගැනීමට සඳු සමත් වේ. දින 2 1/2 ක කාලයකදී එක් රාශියක් පසු කරන සඳු ජ්‍යොතිෂයේදී වේගවත්ම ග්‍රහයා වේ.   


බොහෝ ජ්‍යොතිෂ්‍ය කරුණු සකස් වී ඇත්තේ සඳු පෙරටුකොටගෙනය. ජන්ම නැකත යනු සඳු උපදින විට සිටි නැකතයි. සඳුගේ වේගවත් ගමන නිසා ජ්‍යොතිෂයේදී සිත අධිපති ග්‍රහයා ලෙස සලකයි. එයටද සාධාරණ හේතු ඇත.   


පසළොස්වක පොහොය බෞද්ධයන්ට වැදගත් වන අතර තවත් ආගම් දර්ශනවල සඳුගේ දර්ශනය වැදගත් ලෙස සලකයි. පසළොස්වක පොහෝ දිනයන්හි මිනිසුන්ගේ සිතිවිලි ආගම වෙතට යොමු කරන බලපෑම සඳු නිසා ඇතිවන අතර කාලගුණයටද සඳු වැදගත් වේ.   


ජ්‍යොතිෂ්‍යයේදී ස්ත්‍රී ග්‍රහයෙක් ලෙස සලකන සඳුට රාශි චක්‍රයේ කටක රාශිය පමණක් හිමිවේ. මිනිසාගේ උපත මෙන්ම මරණයටද සඳු වගකියයි. නැකැත් වශයෙන් රෙහෙන, හත, සුවන නැකැත් ත්‍රිත්වය සඳුට හිමි වේ. එසේම සඳු නිසා ඒරාශ්ටක අපල ඇති වේ. ඒරාශ්ටකයක් යනු පෙර කළ බලවත් අකුසල් විපාක දෙන කාලයයි. ජන්ම කේන්ද්‍රයේ සඳු සිටින රාශියට ආසන්නම රාශියට සෙනසුරු පැමිණීම ජන්ම සඳුගේ රාශිය හරහා ගමන් කිරීම හා ඉන් පසු රාශිය ඇතුළු රාශි ත්‍රිත්වය හරහා වසර 7 1/2 ක සෙනසුරු ගමන ජන්ම ඒරාෂ්ටකය අපලය වන අතර ජන්මියෙකුට ගෙවිය හැක්කේ ඒරාෂ්ටක අපල තුනක් පමණි.   


ඒවන විට වසර අනූවක් වන අතර උපතින්ම ඒරාෂ්ටක අපලයකින් ඉපිද ජීවත් වුවහොත් වයස 60 ක් පමණ වෙත්දී ඒරාෂ්ටක තුනක් ගෙවීමට සිදුවේ. ඒරාෂ්ටක තුනක් ගෙවූ පසු ජීවිතය අවදානම්ය. ඒරාෂ්ටක හතරක් ගෙවූ අයෙක් (ජන්ම ඒරාශ්ටක) පිළිබඳව තොරතුරු නැති තරම්ය.   


කෙසේ වෙතත් සෙනසුරු දැනට ධනු රාශියේ ගමන් කරන අතර සෙනසුරුගේ ග්‍රහ ස්ථුටය. එනම් සෙනසුරු ධනු රාශියේ සිටින අංශක කලා ගණන හරහා මසකට වරක් සඳු ගමන් කරයි. මෙය හොඳින් සලකා බැලුවහොත් සඳු එක් රාශියක් හරහා දින 2 1/2 ක් නොහොත් ඉංග්‍රීසි පැය 60 ක් පමණ ගෙවා රාශිය නිමා කරයි. එසේ නම් රාශියක එක් අංශකයක් පැය 2 කින් පමණ ගෙවා නිමා කරයි.   


එසේ නම් ධනු රාශියේ සෙනසුරු ස්ථුටය හරහා සඳු ගමන් කිරීමට පැය 2 ක පමණ කාලයක් ගත වේ. මෙම පැය 2 ඉතා අශුභ වන අතර අවදානම් සහිතය. මෙසේ කියන්නේ අත්දැකීමෙනි. මගේ හිතවත් මිතුරෙකුට හොඳට පිහිනන්නට හැකියාව තිබිණ.   


ඔහු රැකියාවට ගියේ ඉහත දැක්වූ අවදානම් වෙලාවකය. ඔහු මුහුදේ වැටී අතුරුදන්ව දින දෙකකට පසු මළ සිරුර ගොඩගසා තිබිණ. මරණය හිතාගන්න වත් බැරිය.   


එසේ මිය ගිය අයගේ කේන්ද්‍ර 100 ක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් සියලුදෙනාම ලග්න, ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ලග්න අෂ්ඨම ඒරාෂ්ටක ගෙවමින් සිටින ලදී.   


එසේම අපූරු අත්දැකීමක් සඳහන් කරමි. ගිලන්ව සිටි මෑණියන් කෙනෙක් වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කියා සිට ඇත්තේ අද සවස හතර වන තෙක්වත් ජීවත් වන්නේ නැති බවකි. එය සිකුරාදා දිනයකි. එම මෑණියන්ගේ පුතා කේන්ද්‍ර සටහන මා වෙත යොමු කර අද සවස පන්නාගත හැකිදැයි විමසා සිටියේය.   


හොඳින් පරීක්ෂා කළ විට එම දිනය අවදානමක් නැත. එහෙත් විසිදෙවන දෙර්කාණාධිපති සෙනසුරුගේ ස්ථුටය හරහා ඉරිදා සවස 2 ත් 4 ත් අතර සඳු ගමන් කරන බව පෙනිණ. මා ප්‍රකාශ කළේ අදනම් අවදානමක් පේන්න නැහැ. ඒත් ඉරිදා සවස 4 පැන්නොත් තවත් කලක් ජීවත්වන බවකි. එම අපූරු කතන්දරය ඔහුගේ පුතා මාහට පැවසීය.   


අපි ටෙන්ට් ගහල ලයිට දාල කටයුතු සූදානම් කළා. රාත්‍රියේ අම්ම නැගිටල කන්න ඉල්ලුව. මිනිස්සු බයවෙලා යන්න ගියා. ඇයි දොස්තරල කිව්වනෙ අද හවස (සිකුරාදා) මැරෙනවා කියල.   


ඒත් ඔබතුමා කියපු වෙලාවටම ඉරිදා සවස වැසිකිළි යන්න ඕන කිව්ව. ඒ කටයුතු කරල ඇවිත් ඇඳේ හාන්සිවුණා. සද්දයක් නැති නිසා බැලුව. මැරිලනෙ. ඒ පුතාගේ කතාවයි.   


මරණාසන්න අයගේ සඳු විසින් සෙනසුරු ස්ථුටය හරහා ගමන් කරන කාලය ඉතා අවදානම් බව සඳහන් කරමි. මෙය ජ්‍යොතිෂ්‍ය නීතියක් නොව අත්දැකීමෙන් ලබාගත් දෙයකි. එහෙත් වෙනත් මා මිත්‍ර ​ෙජ්‍යාතීර්වේදීහු කීපදෙනෙක්ම මෙය අනුමත කළහ.    


මේ නිසා මිනිසාගේ එදිනෙදා කටයුතුවලට මෙන්ම ආපදා මරණය ආදියට ද සඳුගේ ප්‍රබල සම්බන්ධයක් ඇති බවට ප්‍රබල සාක්ෂි ඇති බව පෙනේ.   

 

 

 

 


ජ්‍යොතිර්වේදී 
සරත් ආනන්ද අල්​ෙගවත්ත   
පැලෑන උතුර   
වැලිගම   



අදහස් (0)

මරණයට සම්බන්ධ සඳු

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

හිත හොඳ චණ්ඩියා ජීවන් කුමාරණතුංග
2024 ඔක්තෝබර් මස 25 17 0

සිය බාප්පා විජය කුමාරණතුංග මෙන්ම සිනමාවේ වීරයෙක් වෙන්නට ජීවන් කුමාරණතුංගට වුවමනා වී තිබිණි. ඒ සඳහා සුදුසුකම් ඇති කර ගැනීම පිණිස ඔහු බොහෝ වෙහෙස මහන්සි


දමිත් ෆොන්සේකාගෙන් සිනමාවට ‘බෆලෝ ට්‍රැවල් ’
2024 ඔක්තෝබර් මස 25 12 0

හාස්‍යය රැගත් රංගනයෙන් අප පිනවන ප්‍රවීණ රංග ශිල්පි බන්ධු සමරසිංහ මේ විදිහට ගීතයක් ගයමින්, රංගනයෙන් දායක වන්නේ දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය


ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 17 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 16 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 18 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 924 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 580 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site