පිටසක්වළ ජීවීන් පිළිබඳ බුදුහිමියන් කළ මහා හෙළිදරව්ව

 

මාරයාත් මාර සේනාවත් වැඩි වශයෙන් කරදර කරන්නේ සිල්වතුන්ට හා ගුණවතුන්ටය. මාර ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන කුසල් වඩන අයට මාරයා නොයෙක් සිත්වේදනා, පාඩු නව නින්දා ඇතිකරයි. දිව්‍ය ලෝක හයටත් මනුෂ්‍ය ලෝකයටත් සතර අපායටත් අධිපතියා පාපී මාරයායි. බුදුරාජාණන් වහන්සේ හැම විටම දේශනා කළේ මාර ග්‍රහණ​ෙයන් මිදීමට උත්සාහවත් වී​ෙම් වැදගත්කමයි.  
 
මාරයාත් මාර සේනාවත් මහා බල සම්පන්න කොට්ඨාසයක් හැටියට ගත හැකියි. ඔවුන් මනුෂ්‍ය ඇසට පෙනෙන්නේ අපට එදිනෙදා දකින්නට ලැබෙන නොයෙකුත් රූප තුළිනි. එසේම මාරයාට පෘථග්ජනයාට කරදර කිරීමට ඉතාම සුළු කාරණයක් වේ. මාරයා බුදුන් වහන්සේට, මහ රහතුන්ට පමණක් ​නොව බ්‍රහ්මයන්ට පවා කරදර කළ ආකාරය බණ පොතේ විස්තර වෙයි. ඒ අනුව මාරයා යනු මේ විශ්ව ධාතුවේ කාම ලෝකයේ බලය පතුරුවා හරින ප්‍රබලම අදෘෂ්‍යමාන බලවේගය හෙවත් සත්වයායි.   


භද්දේකරත්ත සූත්‍රයේ මෙසේ දැක්වෙයි. 

 
අජ්​ජේව කිච්චං ආතප්පං   
කො ජඤ්ඤා මරණං සුවේ   
නහි නො සංඝරං තේන   
මහා සේනේන මච්චුනා.   


ඉපදුණා වූ සියලු මනුෂ්‍යයෝ අද කළ යුත්ත අදම කිරීමට වෙහෙස විය යුතුය. කුසලය වැඩීමට වගේම අධ්‍යාත්මික ගමන බලවත් කිරීමට ධර්මයේ ආලෝකය සොයා යාමට නොපමා විය යුතුය. මරණය හෙට උදා වේ යැයි කිසිවෙක් නොදන්නේය. මහා සේනා පිරිවර ඇති මාරයා සමග අපට කිසිම ගිවිසුමක් ඇත්තේම නැත.   


ඉහත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කොට දෙන්නේම මාරයා එන වේලාව අවිනිශ්චිත බවය. ඔහුට බොරු කියා රැවටීමට හෝ මුදල් දී ලිස්සා යාමට කිසිම පෘථග්ජනයකුට නොහැකිය.   


එබැවින් මාරයාගේ ස්වභාවය දැන ජීවත් වීම උතුම් බව හැම විටම බුද්ධ දේශනාව තුළින් පහදා දෙයි.   


බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ කලන්දක නිවාසයේ වැඩ වසන සේක. දවසක් රාත්‍රියේ උන් වහන්​ෙස් එළිමහනට වී සක්මන් කරමින් වැඩ සිටියාහ. රෑ බෝ ​ෙවද්දී සුවඳ පැනින් දෙපා දොවා කුටියට වැඩ නින්දට සූදානම් වූහ. සාමාන්‍යයෙන් බුදුවරයෙක් නින්දට යන්නේ සිංහ ​ෙ​ෙස්‍යයාවෙන් එනම් දකුණු ඇළයට සැතපෙමිනි. මේ ඉරියවුව අාධ්‍යාත්මික ගමනට මෙන්ම දාර්ශනික චේතනාදිය පහළවීමට හේතු බව විද්වත් මතයයි.   


බොහෝ පෘථග්ජනයන්ගේ නින්ද එක්කෝ කාම සෛය්‍යාවෙනි. නැත්නම් ප්‍රේත සෛය්‍යාවෙනි. කාම සෛය්‍යාව යනු වම් ඇළයට නිදා ගැනීමය. ඔවුන් උතුරට ඔළුව දමා නිදාගත්තද අවදි වන විට හිස දකුණු දිශාවේද පාද උතුරේ ද තිබෙයි නැත්නම් ඇඳ පල්ලේ වැටී සිටියි. මේ කාම සෛය්‍යාවෙන් නිදනහු මාරයාට ඉක්මණින් ග්‍රහණය වන බව කියනු ලැබේ. ප්‍රේත සෛය්‍යාව නම් මළ මිනියක් ආකාරයට උඩුබැලි අතට නිදීමය. එයද යහපත් ජීවිතයට අසුභ බවත් මාර ග්‍රහණයට ඉක්මණින් අසු වන බවත් කියනු ලැබේ. 

 
බුදුරජාණන් වහන්සේ කුටියේ සැතපුණු වේලාවේ උපාසක වේෂයක් මවාගෙන මාරයා කුටියට වැදුණේය.

   
“ආ නිදා ගන්නවා නේද? ඇයි මොකෝ නිදා ගන්නේ. මොකද මේ මැරුණාවගේ ඉන්නේ. නිදන්න හොඳ තැනක් ලැබුණු නිසා වෙන්ට ඇති නේද? ඉර උදාවෙනකල්ම නිදන්නටද ලෑස්තිය” යි හේ ප්‍රශ්න කීපයක් ගාථාවකින් අසන්නට විය. එවේලේ බුදු හිමියෝ මෙසේ වදාළහ.   


“පාපී මාරය, සස​ෙරහි බැඳුණු දැල තණ්හාව වෙයි. ඒ තණ්හාව යමකු තුළ හට නොගත්තේ නම් හේ කෙලෙස් නැසූ බුදුවරයෙකි. එහිදී උන්වහන්සේ ප්‍රමුඛ වෙයි. බුදු වරයෙක් සැනසිල්ලේ සැතපෙන විට ඔබට ඇති අමාරුව කිමෙක්ද?”   


යමෙක් මාරයා හඳුනාගතහොත් හේ පැත්ත පළාතක රැඳෙන්නේ නැත. එලෙසම මෙහිදී ද මාරයාගේ හිත කලබලයට පත්වීම නිසා එතැනින් අතුරුදන් වූ බව සංයුත්ත නිකායේ   මාර සංයුත්තයේ සුප්පති සූත්‍රයේ සඳහන් වෙයි.   


මහා මුගලන් රහතන් වහන්සේ සුන්සුමාර ගිරි නගරයේ භේසකලා වනයේ වැඩ සිටින දවසක මාරයාගේ ග්‍රහණයට හසු වූහ.   


එදා එළිමහනේ සක්මන් කරමින් සිටි මුගලන් හාමුදුරුවන්ගේ උදරය කකියන්නට විය. මහා බරක් එල්ලා සිටින්නාක් මෙන් කුසෙහි බරද වැඩි විය. වේදනාව දරා ගත නොහී උන්වහන්සේ කුටියට වැඩම කළහ.   


කුටියේ ආසනයක වැතිරී මෙලෙස එක්වරම හට ගත් අමාරුව කීමෙක් දැයි සිහියෙන් විමසන්නට වූහ.   


පුදුමයෙකි මාරයා පැමිණ මුගලන් මහා තෙරුන්ගේ කුසට ඇතුළු වී ඇත .   


එවේලේ “පාපී මාරය, මා බුද්ධ ශ්‍රාවකයෙකි. බුදුරජුන්ගේ අග්‍ර ශ්‍රාවකයෙකි. අපට පීඩා කිරීමෙන් තොපට බොහෝ පීඩා විඳින්නට වේධ යැයි මුගලන් තෙරහු වදාළහ.   


එවේලේ “මේ ශ්‍රාවකයා මා හඳුනාගත්තා” යි සිතමින් මුගලන් මහ තෙරුන්ගේ කුසෙහි සිට අභ්‍යන්තර ශරීරය ඔස්සේ පැමිණ කටින් එළියට පැන කුටියේ ඇතුළු වන තැන දොර උළුවස්සේ සිට උන් වහන්සේ දෙස බලා සිටියේය. ඒ වෙලාවේ “පාපී මාරය නුඹ මට පේනවා. නුඹ තමයි ඔය උළුවස්සේ හැංගී ඉන්නේ. නුඹ කරන දෙයින් නුඹ බොහෝ පවු රැස්කර ගන්නවා. මාත් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ බුදුන්ටත් ශ්‍රාවකයන්ටත් හිංසා පීඩා කළ දුසී නම් මාරයකු වී ඉපිද සිටියා.   


මා කළ පවුකම් නිසා මට බොහෝ කල් නිරයට වී දුක් විඳින්නට සිදු වුණා” යි දීර්ඝ අතීත දේශනාවක් කළහ.   


මාරයා පිළිබඳ විස්තර කරද්දී පුද්ගල මාර (​ෙද්වපුත්ත මාර) හා පවිටු මාර වශයෙන් දෙකොටසක් වෙයි. මෙහි පවිටු මාරයන් ලෙස දස මාර සේනාව සැලකේ.   


දස මාර සේනාව හැටියට මිනිසා මාරයාගේ වසඟයට පත් වෙන කාරණා දහයක් බුදු රාජාණන් වහන්සේ ඛුද්දක නිකායට අයත් ප්‍රධාන සූත්‍රයේදී පෙන්වා දෙති. මෙම කරුණු තුළ අපි “ගැට ගැසී” සිටින තාක් මාර ග්‍රහණයෙන් මිදිය නොහැක්කේය.

   
කාමා තේ පඨමා සේනා (කාමය පළමු මාර සේනාවයි). කාමාශාව ඉදිරියේ පෘථග්ජනයෙක් සුළු මොහොතකින් වරදෙහි බැඳෙයි. ධ්‍යානලාභී සෘෂීන් පවා අහසින් යද්දී නාරිලතා මල නමැති මාරයාගේ නිර්මාණය දැක දැහැන බිඳී අහසින් පොළොවට කඩා වැටී ඇත. ඕනෑම ගුණවතකුට කාමාශාව උපදවා එසැණින් කාමාතුරයකු කිරීමේ බලය මාරයාට ඇත.   


“අනේ බලන්නකෝ මහත්තයා පුංචි ගෑනු ළමයකුට කරලා තියන අපරාධය හිතන්න පුළුවන්ද? ඇතැම්හු කියති. හුදෙක් කාම රූප අරූප ලෝක තුනට අයිති මාරයාගේ ග්‍රහණයට යමෙක් අසුවුණොත් ඔහු සුළු මොහොතින් වර​ෙදහි බැඳේ.   


දුතියා අරති වුච්චති (අතෘප්තිකර මනස දෙවන මාර සේනාවයි).   


කොතරම් ලැබුණත් සැනසීමක් සතුටක් නැත. හොඳ බිරිඳක් තමාට සිටී යැයි ද මට මේ මේ දේ තිබේ යැයි ද එබැවින් ඇති යැයි ද හැඟී​මක් සමහරුනට නැත. ඔවුහු දෙවන මාර සේනා​ෙවහි ග්‍රහණයට අසු වී ඇත.   


තතියා චුප්පිපාසා තෙ - තුන් වැනි මාර සෙනඟ පිපාසය හා බඩගින්නයි.   


චතුත්ථි තණ්හා පවුච්චති - තණ්හාවද මාර සේනාවකි.   


පංචම් ථින මිද්ධං තේ - සිතිවිලි හා කයේ මැළිකම පස් වැනි මාර සේනාවයි.   


ඡට්ඨා භිරු පවුච්චති - බය හය වන මාර සේනාවයි.   


සත්තම් විච්කිච්ඡා තේ - තුණුරුවන් කෙරේ පවතින සැකය හත් වැනි මාර සේනාවයි.   


මක්බෝ ථම්භෝ තේ අට්ඨමි - ගුණවතුන්ගේ ගුණයක් නොකියන ගුණමකු ගතියද, අසාමාන්‍ය රළු දැඩි බවද අට වැනි මාර සේනාවයි.   


ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්ධෝච යෝ යසෝ

   
ලාභ සත්කාර කීර්තිය නව වැනි මාරසේනාවයි. ඇතැම්හු නැති බලය පෙන්වීමට අාචාර්ය පදවි පවා මුදලට ගෙන නව වැනි මාර සේනාවෙහි බැඳෙති. 

 
අත්ථුක්කංසන - පරවම්භණ   


තමාම හුවා දක්වා ගැනීමද (අත්ථුක්කංසන) අනුන් හෙලා දැකීමද (පරවම්භණ) දස වැනි මාර සේනාවය.   


​ෙම් දස මාර සේනාවට පෘථග්ජනයෝ සියලු දෙනා යටත් වී ඇත.   


මාරයා විසින් සසර පුරා අප මැරූ වාර ගාණ  කෙතෙක්ද? 

 
ඔබ මරණ දුක කොයි තරම් මරණයට පත් වෙමින් අත් විඳ ඇතිද? මේ සංසාරය පුරා ඔබ කොයි තරම් දරුණු ලෙඩ රෝගවලට පත් වී කැපීම් තුවාලවලට පත් වී දුක් විඳ ඇතිද? මේ සසර පුරා ඔබ කොතෙක් නින්දා අපහාස උසුලා සිට ඇත්ද? අපි ​ෙකාතෙක් මේ සසරේ හදිසි අනතුරුවලින් මියගොස් ඇතිද ? මේ සසර පුරා අපේ අත් පා කැඩුණු වාර ඇස් අන්ධ වූ වාර කොතෙක්ද? ඒ සියල්ල අපි මාර වසඟයේ සිටින තාක් ඉදිරියට මුණ ගැසේ. අද ඔබ වැඩි වැටුප් ලබමින් තනතුරු තානාන්තර විඳිමින් යාන වාහන ගෙන ගේ දොර හදා අඹු දරුවන් සමග යම් සැප ඇති ජීවිතයක් ගෙවනවා ඇති. දන්නවාද? ඔබට මාරයා එලෙස දුන්නේ ඉතාම සුළු අවස්ථාවක් පමණි. ඇතැම් විට ඒ කාලය පැය ගාණක් මාස ගාණක් හෝ අවුරුදු කීපයක් විය හැකියි. දස මාර සේනාවේ හෝ පාපී මාරයාගේ ග්‍රහණයට හසු වූ සැණින් ඔබ අඳුරු ඉරණමකට පත් වීම ස්ථිර බව මතක තබාගන්න.   


දිනක් බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග ගිජ්ජකූට පර්වතය අසලට වැඩම කළහ. පින්වත් මහ​ෙණනි, බලන්න මේ ගිජුකූළු පවුවෙහි උස. ඔබත් මාත් මේ සංසාරයේ මාරයාට කොයි තරම් හසු වී ද අපි එක් කෙනෙක් මාරයා විසින් මැරූ වාර කොතෙක්ද?   


අප කාගේ හෝ කෙනෙකුගේ සස​ෙරහි මැරුණු අවස්ථාවල ඇටකටු ගොඩ ගැසුවොත් මහ​ෙණනි.මේ ගිජු කුළු පවුවට වඩා වැඩියි. ඒවා වේහාර පර්වතය පරදයි, ඉසිගිලි, වේපුල්ල ආදී පර්වත ද පරදයි. තාණ්ඩව පර්වතය ද පරදයි. මහ​ෙණනි ඒ තරම්ම මාරයා මාර සේනාව යොදා අපව මරා දමා තිබෙයි.   


සසර පවතින අවදානම භික්ෂූන් වහන්සේලාට පහදා දුන්හ.   


පින්වත් මහණෙනි මේ භයංකාර සසරින් සත්වයා එගොඩ කළ යුත්තේ මේ ගැන අවබෝධයෙනුයි. මාරයාගෙන් මිදීමම මහා සැනසීමක් සැපතක් යි දේශනා කළහ.   


තථාගතයන් වහන්සේට කල්පයක් වුණත් වැඩ සිටින්නට හැකි යැයි ආනන්ද හිමියන්ට බුදුන් වහන්සේගේ දේශනා කළ නමුත් දාසය වතාවක්ම මාරයා පැමිණ ආනන්ද හිමියන්ගේ හිත වසා ගත් බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වී ඇත. බුදු හිමියන්ට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළා නම් තවත් බොහෝ දෙනා සසරින් එතෙර විය හැකි බැවින් (ඇතැම් විට ඔබ, අප පවා) මාරයා පැමිණ ආනන්ද හිමියන් වැළැක්වූ බව ධර්මයේ විස්තර කෙරෙයි. මාර රාජ්‍යය සේම මාරයා ඒ තරම් ප්‍රබලයෙක් හැටියට කාම ලෝකය ගිල ගත් අදෘෂ්‍යමාන සත්ත්වයෙක් වන්නේ ඒ නිසාය.   

 

 

 

 

 

 

 

 

 


 
සටහන
අසංක ආටිගල