IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පවුල් කඩන කාමර සෙල්ලම

අතරමං වු​ෙණාත් කොළඹ

 

හීන සොයන සමනලුන් හීන අතර පියාඹන්න හීන හැබෑවෙන්නත් කලින් ඉඩ මාන සොයයි. සමස්ත සමාජයේ බහුතරය ආදරය සෙනෙහස වගේම පවුල් ජීවිතයෙන් ඔබ්බට ගිය ආශා පසුපස ලුහුබඳිති. එය කොයිතරම් වැරදිද නිවැරදිද යන්න සාධාරණීකරණය කිරීම මේ ලිපියට අදාළ නැත. නමුත් වැරදෙන අයටත්, වරදවා ගන්නා අයටත් වැරදි හද‌ාගන්නට හදන අයටත් තමන් වැටුණු වළෙන් ​ෙගාඩ එන්නට පාර කියා දීම වගේම නිවැරදි ජීවිතයක වටිනාකම පෙන්වීම අපේ යුතුකම වේ.  

ඇත්ත කතාව තිත්ත විය හැකිය. ලංකාව පුරා නගරයක් ගමක් ගාණේ ලැගුම්හල් කාමර කුලියට දෙන තැන් පිහිටුවා ඇත. ව්‍යාපාරිකයන්ට මේක හොඳ ආද‌ායම් මාර්ගයක් බව අපට වැටහෙන්නේ මේ ෆීල්ඩ් එකේ ටිකක් කැරකුණු විටය.  


පෙම්වතුන් පෙම්වතියන් පමණක් නොව අනියම් සබඳතා පිළිබඳ කතාද බොහෝ විට දිග් ගැහෙන්නේ මේ කාමර ඇතුළේය. එහෙම ගිය අයට සිද්ධ වුණු කිසියම් අපරාධයක තතු පෙළක් අපට හමුවිය.  


මේකත් කොළඹ නගර සීමාවේ කුඩා ලැගුම්හළෙකි. අයිතිකාරයා කාලයක පටන් දිගු ඇසුරකින් පසු අපේ හිතවතෙක් බවට පත්විය. රට රටවල් එක්ක තියෙන හිතවත්කම ඔහු එක එක විදිහට අපට කියයි. එහෙම කතාකරන විට ඔහු අරාබියට හුරු ජාතියක නෑයෙකි.  


ඔහුගේ ලැගුම් හළේ කාමර 7 කි. ලාබෙට අඩුවට කාමර තිබීමත් අන්‍ය ජාතිකයකු වීමත්, අහුමුල්ලක, නාගරික පරිසරය මැදම පිහිටීමත් නිසා නොදන්නා අයගෙන් මේ කාමර පිරී යයි. කොළඹට බැහැරින්ද මේ කාමරවලට පිරේ.  
දවල් ද රෑ ද ඔහුගේ රහස් කාමරයක් කීප දෙනෙකු ගෙන් පිරී ඇත. වෙන්නේ කුමක්ද යන්න දිගු නිරීක්ෂණයක ඉන්නට අපට සිදුවිය. එකට කන්නට, තේ එක පවා බොන්නට සිදුවිය. එහෙම සිටිද්දී අස්වර්ගේ කටින් පැන්න හෝඩුවාවක් ඔස්සේ ඔහුගේ මිත්‍රකම හරහා ඇමතුම් නිරීක්ෂණය කළෙමු.  


භාෂාව වෙනස් වුව අර්ථය මෙසේය.  


‘ෂරි.. ෂරි.. අද ෂෝ 2ක් රෑට අප්ලෝඩ් කරනවා. සල්ලි දැම්මද? ඕ​... කේ.. ෂරි’  


කතාව අවසන්ය. අස්වර්ගේ මේ ඇමතුම් අපට හුරු විය. හේ ද අපට ආගන්තුක නැත. සතියට දෙතුන් විටක් ගිය අපි, හිමින් සීරුවේ මේ ගැන විමසීමු.  


අස්වර්... ඇත්ත කියපන්...  


‘මාත්තයලට බොරු මොකටද? මාත්තයලට පෙන්නන්නම්.’  


අස්වර් කියන්නේ කුමක්ද?  


අස්වර් රහස් කාමරයට අපි කැඳවාගෙන යයි. 

 

 

 

කාමරේ සිදුවන දේ සජීවී පටිගත කිරීමක් සූක්ෂමව සිදුවෙයි...  


මාත්තයා අද කාමර 7 දවසම පිරිලා... මේකෙන් හය වෙනි කාමරේ අපි තියාගෙන ඉන්නෙ වීඩියෝවලට... අරාබියෙන් ගෙනාපු පුංචි කැමරා එකක් තියෙන්නෙ... බිත්තියටම තියලා හයි කරලා. අපි හොයන විදිහේ දෙන්නෙක් ආපු ගමන් අපි එයාලට දෙන්නේ හයවෙනි කාමරේ.  


ඔහු කියන කතාවට ඇඟ ලොමු කේන්තියෙන් නලියයි. එහෙත් ඉක්මන් වීම අපට අදාළ නැත.  


මේ සේරම වැඩ හරි රහස්. කිසිම දෙයක් ලංකාවට අදාළ නෑ මාත්තයා....  


ඒ කිවුවේ..  


මේ වීඩියෝ රෙකෝඩ් අපි ගන්නවා තමයි... ලස්සන කපල් ආවම අපි පොඩි වීඩියෝ එකක් දා ගන්නවා. ඒවා කොළඹ මාර්කට්වලට අපි දාන්නෙ නෑ. ඉල්ලන අයට දෙන්නෙත් නෑ. ඇහුවට කියන්නෙත් නෑ.. කාටවත් පෙන්නන්නෙත් නෑ...  


ඒ කිවුවේ...  


අපි මේවා ගන්නෙ වෙනම වැඩකට  


දැන් අස්වර් ළඟ කීයක් විතර 6 වෙනි කාමරේ වීඩියෝ තියේද?  


දැන් මාත්තයා වීඩියෝ 100 ක් විතර මේ බලන්න  


අස්වර් රහසේම වීඩියෝ පෙන්වයි. තියුණු කැමරාවකි. තරුණ, ලාබාල ජෝඩු පමණක් නොව සාරි ඇඳන් ඔෆිස් යන අනියම් සබඳතාද අප ඉදිරිපිට දිග හැරෙයි.  


‘හොඳයි නේද? සල්ලි තමා මාත්තයා... ඔය තමා සල්ලි....’  


ඒ කොහොමද ලංකාවේ මාර්කට් එකක් නැත්නම්...  


ඔහු කෙටි සිනාවක් පායි..  


අරාබියෙ, එංගලන්තෙ අපේ කස්ටමස්ලා ඉන්නවා මාත්තයා  


දැන් ඉතින් ඉන්ටනෙට් දියුණුයිනෙ. ස්කයිප්, ෆේස්බුක්, watsapp තියනවා. මොනවද කරන්න බැරි.  


අපේ අය එහෙ ඉඳන් ඩොලර් 40-50 ක් අරන් කස්ටමස්ලා හදාගන්නවා.  


එයාලට කියනව ‘සර් ලංකාවේ වීඩියෝ ඔන් ලයින් පෙන්නනවා. එකකට මෙච්චරක් දෙන්න කියලා.’ 

 
දැන් එහෙම කස්ටමස්ලා සීයක් විතර ඉන්නවා. ඒ අය මේ සීන් ආසාවෙන් බලනවා.  


සල්ලි අපේ අයට දුන්නම එයාල අපිට එවනවා. අපි කමිෂන් එක දෙනවා.  


දවසට එකක් අපි ලයිව් එයාලට දානවා. අලුත් ඒවනෙ මාත්තයා.  


සමහරු කතා කරල කියනවා එයාල වැඩිපුර සල්ලි දෙන්නම්. මේ වගෙ අයගෙ ෂෝ එකක් පෙන්නන්න කියලා. අර ඉස්සෙල්ල කතා කළේ.  


එතකොට මාත්තයා එයාට ගැළපෙන සුදු මහත නෝනා කෙනෙක් නම් එහෙම, කළු කෙට්ටු නෝනා කෙනෙක් නම් එහෙම, ඔෆිස් ඇඳුම් නම් එහෙම, අඩු වැඩි වයස් නම් එහෙම සිංහල ටැමිල්, මුස්ලිම් නම් එහෙම බලලා අපි හයේ කාමරේට දානවා.  

 

එයාලගෙ කැමැත්ත අපි ඉක්මනින් ලබාදෙන හින්ද‌ා අපේ කස්ටමස්ලා අපට කට්ටිය හදාදෙනවා. ඒ රටවල අඩු වයස්වල අය ගොඩක් අපි එක්ක ඉන්නවා. ගෙදර කාමරේ ඉඳන් බලන ලයිව් ෂෝ නේ මහත්තයා.  

කාමර හතේ අස්වර් හයේ කාමරේ ලයිව් ෂෝ හරහා ඉක්මන් කෝටිපතියෙක් වී ඇත. ඔහුගේ රහස ඔහුට හා හිතවතුන් දෙතුන් දෙනෙකුට පමණි.  

 

 

‘මාත්තයා.. මේ ෂෝ බලන්නෙ පිටරට ඉන්න අරාබි මහත්තුරු, සුදු මහත්තුරු නෝනලා. ඒ නිසා හයේ කාමරේට එන කාටවත් කවදාවත් හානියක් වෙන්නෙ නෑනෙ. ඇයි මාත්තයා මේවා ලංකාවේ කවුරුවත් බලන්නෙ නෑ. දකින්නෙ නෑ. කාටවත් අහුවෙන්නෙත් නෑනෙ’.  


එහෙත්.. ගත වූයේ කෙටි කලෙකි. ඔහුගේ ආරංචිය ක්‍රමිකව අනාවරණය වෙන්නට විය.  


උපාය දූතයන් ඔහු වටා වැටිණ. තාක්ෂණවේදීන් වැටිණ. අස්වර්ගේ රහසිගත ජාවාරමේ කරුණු එකින් එක අනාවරණය විණ.  


විශේෂත්වය කුමක්ද? හයේ කාමරේ කිසිම වීඩියෝවක් ලංකාවේ වෙළෙඳපොළේ නැත. පිටරටද නැත. සියල්ල සජීවීව නරඹා එතැනින්ම නිමා වේ.  


ලාංකීය සභ්‍යත්වයට පහර ගසමින් හරි අපූරුවට විකිණූ ජාවාරම්කරු කොටුවිය. එහෙත් ඔහුගේ පරිගණකය ඔස්සේ ළාබාලවිය දරුවන්ගේ පවා දර්ශන තිබී හමුවිය.  


අස්වර්ගේ හයේ කාමරේ සංදර්ශන අවසන්ය. ඔහු නීතිය හමුවේ සිටී. නමුත් මෙවැනි හයේ කාමර තවත් නැතැයි අපි නොකියමු.  


ආශාව, පසුපස දුවන අය වැටෙන වළවල් එමටය. කාමරවලට ගිය අපටම හිතා ගත නොහී ඔවුන්ගේ ප්‍රේම දර්ශන, ඡායාරූප වෙළෙඳපොළ ජය ගනී. විදෙස් වෙළෙඳපොළත්, දේශීය වෙළෙඳපොළත් දෙකේම රහසිගත කාම දර්ශන අපේක්ෂාවෙන් උගුල් අටවා ඇත.  


එබැවින් අනතුර අද ඔවුන්ට, හෙට ඔබට විය නොහැකිද?  

 

 

 


නම් ගම් මනඃකල්පිතයි. 

 

 

 

 

 

 

 

 

 
සටහන
අසංක ආටිගල   



අදහස් (0)

පවුල් කඩන කාමර සෙල්ලම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1301 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site