ශුභ නත්තලක් වේවා

 

 

සාන්ත පීතර පාප්තුමාගේ සිට මේ දක්වා කතෝලික පල්ලියේ ප‍්‍රධානත්වය උසුලනුයේ පාප්තුමා විසිනි. එම ධුරය පාප් පදවිය (Papacy) ලෙසින් ප‍්‍රකටය.


මුල්කාලීන රෝම පල්ලියේ රදගුරු (Bishop) තුමන්ට ලෝකය පිළිබඳ වූ බලයක් නොතිබුණි. එය උරුම වනුයේ රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ යුගයේ දීය. මධ්‍යකාලීන යුගයේ දී රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ඉතාලි අර්ධද්වීපය තුළ පාප්තුමාගේ බල අධිකාරිය ස්ථාපිත කෙරිණි. එම යුගයන් හැඳින්වෙනුයේ ඔස්ත්‍රොගොතික් පාප් පදවිය, බයිසන්ටයින් පාප් පදවිය සහ ෆ‍්‍රෑන්කිෂ් පාප් පදවිය යන නාමයන්ගෙනි. අනතුරුව එම අර්ධද්වීප භූමිය පාප්තුමාගේ රාජ්‍යය වශයෙන් ප‍්‍රචලිත විණි. එතැන් පටන් අසල්වැසි ස්වාධීන රාජ්‍යයන්හි පාලනය ද බලවත් රෝම පවුල් (Saeculum Obscurum) වැනි ක්‍රෙසෙන්ට් යුගයේත්, (Tusculan) ටුස්කුලන් පාප් යුගයේදීත් බලයට පත් වූහ.


ක්‍රි.ව. 1048 සිට 1257 දක්වා ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයේත්, බයිසන්ටියන් අධිරාජ්‍යයේත් නිලධාරීන් හා පල්ලිය අතර ආරවුල්වල අත්දැකීම් ලැබීමට පාප්තුමාට සිදු විය. බටහිර හා නැගෙනහිර ලෙසින් ආගමික නිකාය භේදය ඇරඹී කතෝලික පල්ලිය හා  ඕතොඩොක්ස් පල්ලිය වශයෙන් දෙකඩ විණි. ක්‍රි.ව. 1257 සිට 1377 දක්වා කාලය තුළ දී රෝමයේ රදගුරුවරයා විටර්බෝ,  ඕර්වීටෝ සහ පෙරුජියාහි පදිංචිව සිටීමත් කැපී පෙනෙන කාරණයකි. ඇවිග්නොන් පාප් ධුරය නැවතත් රෝමයට රැුගෙන ඒමත්, බටහිර නිකාය අනුගමනය කිරීමත්, එම බටහිර පල්ලිය කොටස් දෙකකටත්, කෙටි කාලයකට තුනකටත් බෙදී ගියේය. එමගින් පාප්තුමාගේ උරුමයන්ට හෝ අයිතියට තරගයක් ද නිර්මාණය විණි.


පුනර්ජීවනයේ පාප් පදවිය යුරෝපීය බල දේශපාලනයට කලාත්මක හා ගෘහ නිර්මාණාත්මක අනුග‍්‍රහය ලැබුණු බවට ඉතිහාසයේ දැක්වේ. එමෙන් ම පාප් පදවියේ අධිකාරිත්වයට අභියෝගයක් ද එල්ල විණි. ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇරඹීමෙන් පසුව ප‍්‍රතිසංස්කරණ පාප් පදවිය සහ බැරොක් (Baroque) පාප් පදවිය කතෝලික පල්ලිය මෙහෙයවීම සිදු කෙරුණේ ප‍්‍රතිසංස්කරණයට එරෙහිව වීමත් කැපී පෙනෙන තත්ත්වයකි. විප්ලවීය කාලයේ දී පල්ලියේ ඉතිහාසයේ සුවිශාලතම ධන සම්භාරයක් පාප්තුමාගේ උරුමයෙන් ඉවත් කිරීමත් ඉතිහාසයේ දැක්වේ. විශේෂයෙන් ම ප‍්‍රංශ විප්ලවීය සමය සහ යුරෝපය පුරා පැතිර ගිය විප්ලවීය සමය ඊට දායක විණි. ඉතාලියානු එක්සත් වීමත් සමග ම රෝමානු ප‍්‍රශ්නය නැවතත් නැගුණි. එහි ප‍්‍රතිඵලය වූයේ පාප් රාජ්‍යය අහිමි වී වතිකානු නගරය නිර්මාණය වීමය.


ක්‍රි.ව. 493 රෝම අධිරාජ්‍යය දක්වා
මුල්කාලීන ක්‍රිස්තියානිකත්වය


බයිබලයේ රෝමානු කතෝලික පරිවර්තනයට අනුව සාන්ත පීතරගෙන් පසුව බලධාරියා ලෙසින් කතෝලික ප‍්‍රජාව පිළිගත්තේ පාප්තුමාය. ජේසුතුමන් ‘එඬේරා’ වශයෙන් හා පල්ලියේ ගල ලෙසට (Rock of the Church) නම් කිරීමත් සිදු කෙරිණි. කොහොම නමුත් පීතරයන් පාප් ධුරය කිසිදා නොදැරූ අතර ඊට බොහෝ කලකට පසුව එම ධුරය භාවිතයට ගැනිණි. කතෝලිකයන් ඔහුව ප‍්‍රථම පාප්තුමා වශයෙන් පිළිගැනීම සිදුවනුයේ මෙම පසුබිම තුළය. එය පල්ලිය මගින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ පීතරයන්ගේ සමයේ පැවැති ජේසුතුමන්ගේ ගෝලයන්ගේ විද්‍යාලය වෙනුවට නිර්මාණය කෙරුණු රදගුරුවරුන්ගේ විද්‍යාලය මගිනි. ජේසුතුමන්ගේ ගෝලයන්ගේ කුමාරයා යනුවෙන් හැඳින්වූ තනතුර වෙනුවට මෙම ධුරය නිර්මාණය කෙරුණු බවත් ඉතිහාසයේ සඳහන් වේ.


ක්‍රිස්තියානි යුගයේ ප‍්‍රථම සියවස් තුන (03) තුළ සිටි පාප්තුමන්ලාගෙන් බහුතරයක් අප‍්‍රකට චරිත වේ. ඇතැමුන්ට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සිදුවීමේ තත්ත්වයකින් පෙළීමට ද සිදුව තිබේ. බොහෝ දෙනෙකුට දේවධර්ම ශාස්ත‍්‍රය පිළිබඳව සෙසු රදගුරුවරුන් සමග තදබල විවාද කිරීමට සිදුවීමත් සුවිශේෂ තත්ත්වයකි.


කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යය යුගයේ (ක්‍රි.ව. 312-493) සිට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යය සමයේ රෝම රදගුරුවරු


ක්‍රි.ව. 312 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා සම්බන්ධ වූ මිල්වියන් බ්‍රිජ් (Milvian Bridge) සටනින් ජය ලැබීමත් සමගින් ඔහුගේ චී රෝ (Chi Rho) දැක්ම සහ අවකාශයේ හොක් සයිනෝ වින්සස් (Hoc Signi Vinces) මෙන් ම ඔහුගේ හමුදාවන්ගේ පළිහ තුළ එම සලකුණ නැවත දැක්වීමත් සිදු කෙරිණි. ඊළඟ වසරේ දී කොන්ස්ටන්ටයින් හා ලිසිනියස් තමන් නොපිළිගන්නා දේට පවා ඉඩදීමේ පිළිවෙත තුළ මිලාන් ආඥාව ප‍්‍රසිද්ධ කළේය.


ක්‍රි.ව. 325 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා නිකාකා හි ප‍්‍රථම සභාව රැස් කරමින් එහි මුලසුන ද හෙබවීය. එය ප‍්‍රථම එකුමෙනිකල් සභාව වශයෙන් ද හැඳින්වේ. පාප්තුමාට එහි ඉටු කළ යුතු වැඩිමනත් යමක් නොවීය. එනිසා ම දෝ එතුමා එම සභාවට පැමිණීමෙන් පවා වැළකී සිටියේය. අනික් කාරණය වනුයේ සමකාලීන රෝමයේ රදගුරු ධුරය දැරූ අයව පළමුවෙනි ඩැමසස් (366-384) විසින් ‘පාප්’ පදවියෙන් පිදූහ. මේ අතර ක්‍රි.ව.. 324-330 අතුරතුර දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් සිය අධිරාජ්‍යයේ නව අගනුවර ලෙසින් කොන්ස්තන්තිනෝපලය ගොඩනැගුවේය. රෝමානු කිතුනු සමාජයෙන් සමාව භජනය කිරීමකින් පවා තොරව හෙතෙම බොහෝ ක්‍රිස්තියානි ‘ධාතු’ තමන් විසින් ම ගොඩ නැගූ නව පල්ලි තුළ ස්ථාපිත කිරීමත් සිදු කළේය.


මේ අතර ‘කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ පරිත්‍යාග’ ක්‍රි.ව. 08 වෙනි සියවසේ දී හොර අත්සන හෝ හොරට නිර්මාණය කළ ලිපි මගින් පාප්තුමාගේ බල අධිකාරිත්වය හා කීර්තිය උදෙසා නිර්මාණය කිරීමත් කැපී පෙනෙන ඓතිහාසික සිද්ධියකි. කොන්ස්තන්තීනියානු ක්‍රිස්තියානිය කථාන්තරය මධ්‍යයේ සිටින බවක් හුවා දැක්වීමට පාප්තුමා කටයුතු කළ ආකාරයත් ඉතිහාසයේ දැක්වේ.


සිය පරිත්‍යාගශීලිත්වය මොනවට තහවුරු කරමින් ක්‍රි.ව. 314 දී සිය කිරුළ සිල්වෙස්ටර් කුමරාට පැවරීමට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කටයුතු කිරීමත් සුවිශේෂ සිද්ධියකි. ඒ ආකාරයට ක්‍රි.ව. 314 දී බලයට පත් සිල්වෙස්ටර් ක්‍රි.ව. 335 දක්වා ම අධිරාජ්‍යය පාලනය කළේය. යථාර්ථවාදීව ගත් කළ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාව  බෞතීස්ම (Baptist) කිරීමට සිල්වෙස්ටර් පියවර ගත්තේය. එය සිදු කර ඇත්තේ ඔහුගේ මරණයට ආසන්නව ක්‍රි.ව. 337 දී නිකොමීඩියාහි ඉයුසෙබියස් හෙවත් ඒරියාන් රදගුරු ලවාය. හෙතෙම පාප්තුමා හා සමාන නොවීය. නිකොමීඩියා යනු ක්‍රි.ව. 286 සිට නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර ලෙසට පැවැති නගරයයි. සිල්වෙස්ටර් අධිරාජ්‍යයාගෙන් පසුව ක්‍රි.ව. 336 දී බලයට පත් වූයේ මාර්ක්ය. ඔහුගෙන් පසුව ක්‍රි.ව. 337 දී බලයට පත් ජුලියස් ක්‍රි.ව. 352 දක්වා පාලනය ගෙන ගියේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ජීවත්ව සිටිය දී ම රාජ්‍යත්වය අරඹමිනි.
‘පරිත්‍යාගයක්’ කිසිදා සිදු නොකළ ද කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා සිය ලැටරන් මාලිගය (Lateran Palace) රෝමයේ රදගුරුතුමාට ලබාදුනි. ඒවාගේම සාන්ත පීතරතුමන් අනුස්මරණය කරමින් ‘සාන්ත පීතර බැසිලිකාව’ (එය කොන්ස්ටන්ටයින් බැසිලිකාව ලෙසින් ද එවක හැඳින්විණි.) ඉදිකිරීම් කටයුතු ද ඇරඹුවේය. ඇතැම් වාර්තාවන්ට අනුව ලැටරන් මාලිගය පරිත්‍යාග කිරීම සිදු කර ඇත්තේ ක්‍රි.ව. 311-14 දක්වා පාලනය ගෙනගිය මිල්ටියාචෙස් විසිනි. හෙතෙම සිල්වෙස්ටර්ට පූර්වගාමියා ද වේ. හෙතෙම සිය නිවහන ලෙසින් ද එම මාලිගය භාවිතා කර ඇත. මේ අතර පැරණි සාන්ත පීතර ඇරඹෙනුයේ ක්‍රි.ව. 326 හා 330 අතරතුරදීය. එහි ඉදිකිරීම් නිමා කිරීමට දශක තුනක කාලයක් ගත වී තිබේ. ඒ වන විට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා අභාවප‍්‍රාප්ත වී කලක් ගත වී තිබිණි.


ක්‍රිස්තියානිය නීතිගත කිරීමේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ ක්‍රියාදාමය සිදු කෙරුණේ ඔහුගේ ‘දේපළ පරිත්‍යාඟ කිරීමේ වැඩපිළිවෙළට සම්බන්ධවය. එමගින් පාප්තුමාට පෙර නොදුටු විරූ ලෝකය පිළිබඳ වූ (ලෞකික) බලතල රැුසක් ලබාදීමත් මගින් ප‍්‍රථම වරට පාප් පදවියට බලපෑම් කිරීමේ ආගමික නොවන නායකත්වයට හිමිකර දීමත් සිදු කෙරිණි.
පළමුවෙනි මාටින් පාප්තුමා හැර මෙම යුගයේ දී පත් වූ පාප්වරු බයිසන්ටයින් අධිරාජ්‍යයාගේ අනුමැතිය රෝමයේ බිෂොප්වරුන්ගේ මැතිවරණය සඳහා ලබාගැනීමේ අධිකාරී බලය ප‍්‍රශ්න කළහ. කොහොම නමුත් දේවධර්මය පිළිබඳ වූ පාප්තුමා හා අධිරාජ්‍යයා අතර ගැටුම් ඒකේෂ්වරවාදය චිරන්තන මතයන්ට පහරදීම වැනි ක්ෂේත‍්‍රයන්හිදී පොදු බවක් දක්නට විය. ගී‍්‍රක බස කථා කරන, ග්‍රීකයන්, සිරියානුවන් සහ බයිසන්ටයින් සිසිලියානුවන් ඉවත් කරමින් බලවත් රෝමානු පවුල් සාමාජිකයන්ට පාප් පදවියට අවස්ථාව සලසාදීමත් කැපී පෙනෙන කාරණයකි. මේ අතර ග්‍රීක පාප්වරුන් යටතේ බටහිර හා නැගෙනහිර ක්‍රිස්තියානි සම්ප‍්‍රදායයන් ව්‍යවස්ථාපිත කළ බවක් කලාව හා දේව මෙහෙයන් තුළින් පවා පරාවර්තනය විණි.


පළමුවෙනි ග්‍රෙගරි (ක්‍රි.ව. 590-604) ශ්‍රේෂ්ඨත්වය සහතික ලෙස ප‍්‍රකාශ කළ ප‍්‍රමුඛතම චරිතය මෙන් ම එංගලන්තය ඇතුළු උතුරු යුරෝපය පුරා ආගම ප‍්‍රචාරය කිරීමේ තයින් යැවීම උනන්දුව ඇති කරන කාරණයක් වූයේ ද එම යුගයේ දීය.


ෆ‍්‍රෑන්ක්වරුන්ගේ බලපෑම (ක්‍රි.ව. 756-857)


ක්‍රි.ව. 751 දී අයිස්ටල්ෆ් රවැන්නා නගරය අත්පත් කොටගෙන රෝම නගරයටත් තර්ජනය කිරීම ඇරඹුවේය. එම තර්ජනයට ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹුණු දෙවෙනි ස්ටෙපාන් පාප්තුමා අසාමාන්‍ය චාරිකාවක් අරඹමින් ඇල්ප්ස් කඳුවැටියෙන් උතුරේ වූ ෆ‍්‍රෑන්ක් දේශයේ තෙවෙනි පෙපින් රජුගේ සහාය ඉල්ලා සිටියේ ලොම්බාර්ඞ්ගේ ආක‍්‍රමණයට මුහුණදීම උදෙසාය.


පැරිස් ආසන්නයේ පිහිටි සාන්ත ඩෙනිස් දේවස්ථානයේ ප‍්‍රව‍්‍රජිත සමූහය හමුවේ පෙපින් රජතුමාව අභිෂේක කළේය. එම අවස්ථාවට පෙපින් රජුගේ පුත‍්‍රයන් වන චාර්ල්ස් හා කාර්ලොමැක් ද සහභාගි වූහ. එම එකඟතාවයන් අනුව ක්‍රි.ව. 754 දී හා 756 දී උතුරුදිග ඉතාලිය ආක‍්‍රමණය කිරීමට පෙපින් රජු පියවර ගත්තේය. රවැන්නා නගරය ඇතුළු ප‍්‍රදේශයෙන් ආක‍්‍රමණික ලොම්බාර්ඩි පලවා හැරීමට පෙපින් රජු සමත් වුව ද, එහි පාලන උරුමකරු වූ බයිසන්ටයින් අධිරාජ්‍යයා ස්ථාපිත කිරීමෙන් වැළකී සිටීමත් සිදු වූ ප‍්‍රමාද දෝෂයකි. ඇතැම්විට කොන්ස්ටන්ටයින්ගේ පරිත්‍යාගයේ වලංගුභාවය පිළිගනිමින් මධ්‍යම ඉතාලියේ විශාල ප‍්‍රදේශයක් පාප්තුමා හා එතුමාගේ අනුප‍්‍රාප්තිකයන්ට භාරදුණි.
ස්ටෙපාන් පාප්තුමාට ක්‍රි.ව. 756 දී ඉඩම් ලබාදීමේ පෙපින් රජුගේ ඉහත කී පරිත්‍යාගය තුළින් පාප් පදවියට ලෞකික බලයත් හිමි විණි. මෙම භූමිභාගය පාප්තුමාගේ රාජ්‍යයේ පදනම දැමීමට දායක විණි. ක්‍රි.ව. 1870 දී නව ඉතාලි රාජධානිය නිර්මාණය වීමට පාප්තුමාගේ රාජ්‍යය නීතිගත කිරීම ඍජුව ම දායක විය. ඊළඟ සියවස් එකොළහක කාලය තුළ රෝමයේ කථාව පාප් පදවියේ කතන්දරය හා ථුල්‍යාර්ථික විණි.


මේ අතර ලොම්බාර්ඩි රාජධානියේ උච්ඡුස්ථානයට ළඟාවීම ක්‍රි.ව. හත්වෙනි හා අට වෙනි සියවස්වල දී ළඟා විණි. අසංස්කෘතික හෝ මිථ්‍යා දේවතාවුන් පිදීම ලොම්බාර්ඩි පාලන සමය තුළ බහුලව ව්‍යාප්ත විය. නමුත් ක‍්‍රමිකව කූට උපායෙන් එම අසංස්කෘතිය පිටු දකිමින් කතෝලික ආගම එම තැන අල්ලා ගැනීමට කටයුතු කෙරිණි. රෝම සංස්කෘතිය හා ලතින් භාෂාව ක‍්‍රමිකව ව්‍යප්ත වීමත්, නගරයන්හි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ධුර රදගුරුවරුන් අතට පත්වීමත් සිදු කෙරිණි. ලොම්බාර්ඞ් නීතිය ජර්මනික් හා රෝමානු සම්ප‍්‍රදාය සම්මිශ‍්‍රණය ව තිබීමත් සුවිශේෂ කාරණයකි. අයිස්ටල්ෆ් රජුගේ ඇවෑමෙන් පසුව ඩෙසිඩේරියස් රජු රෝමයට ප‍්‍රහාර එල්ල කිරීමත් එම අවකාශය තුළ සිදු කෙරිණි. ක්‍රි.ව. 772 දී පළමුවෙනි ඒඩ්‍ර්යන් පාප්තුමා පෙපින් අධිරාජ්‍යයාගේ අනුප‍්‍රාප්තිකයා වශයෙන් චාර්ලිමේන් කුමරාව තෝරා ගැනීමත් සිදු විණි. ඒ අනුව චාර්ලිමේන් විසින් ලොම්බාර්ඩිව පරාජය කරමින් එම රාජධානිය තමන් යටතට ගැනීමට සමත් විය.


මේ අතර රෝම නාගරික වීදිවල සිටි සිය සතුරන්ට ශාරීරිකව ප‍්‍රහාර එල්ල කිරීමට පෙළඹුණු තෙවෙනි ලියෝ පාප්තුමා ක්‍රි.ව. 799 දී ඇල්ප්ස් කඳුකරය තරණය කරමින් පැඩෙර්බෝර්න් හිදී මහා චාර්ලිමේන් හමුවීමට කටයුතු කළේය.


ඔවුන් දෙදෙනා (ලියෝ පාප්තුමා හා චාර්ලිමේන්* අතර ඇති වූ එකඟතාවන් පිළිබඳව අනාවරණය නොවුණි. එහෙත් චාර්ලිමේන් රජු ක්‍රි.ව. 800 දී රෝමයේ චාරිකා කරමින් පාප්තුමාට සහාය පළ කළේය. මේ අතර සාන්ත පීතර බැසිලිකා දෙව් මැඳුරේ පැවැති නත්තල් උත්සව දේව මෙහෙයට අනතුරුව ලියෝ පාප්තුමා විසින් චාර්ලිමේන් රජුගේ පුත් කුමරාව ඔටුන්න හිමි කුමරු ලෙසින් අභිෂේක කළේය. එහෙත් අනපේක්ෂිත ලෙසින් යාඥාකරුවන් වෙතින් නැගී සිටි චාර්ලිමේන් රජුගේ හිස මත ඔටුන්න තැබූ පාප්තුමා රජුව අභිෂේක කළේ ‘රෝම අධිරාජ්‍යයා’ ලෙසිනි. චාර්ලිමේන් අධිරාජ්‍යයා ඒ පිළිබඳව එතරම් සතුටක් නොදැක්වුවත්, ගෞරවය පිළිගත්තේය. රජුගේ නොසතුට රාජ්‍යතාන්ත්‍රික වූයේ නිත්‍යනුකූල අධිරාජ්‍යයා සිටිය යුත්තේ කොන්ස්තන්තිනෝපලය තුළ බැවිනි. කොහොම නමුත් පාප්තුමාගේත්, අධිරාජ්‍යයාගේත් ප‍්‍රසිද්ධ සංධානය බටහිර යුරෝපය තුළ ජර්මානික දේශපාලනික බලය ප‍්‍රදර්ශනය කෙරෙන සහසන්ධීය රාජ්‍යයක් නිර්මාණය වීමක් බඳු විය. මෙම රාජාභිෂේකය නව ශුද්ධ රෝම අධිරාජ්‍ය සංකල්පය යථාර්ථයක් වීමට මංපෙත් විවර කිරීමක් සිදු විය.


මධ්‍ය කාලය පුරා ම වැදගත් භූමිකාවක් රඟ දැක්වීමට එම සංකල්පය සමත් විණි. ඊළඟ සියවසේ දී ශුද්ධ රෝම අධිරාජ්‍යය ස්ථාපිත වීම සිදු විය. ක්‍රි.ව. 800 දී මේ ආකාරයට චාර්ලිමේන් ස්ථාපිත කළ තනතුර හැඟීමෙන් වටහා ගත හැකි සංකල්පයක් විණි. චාර්ල්ස්, දෙවියන් විසින් ඔටුණු පළන් වඩාත් ශාන්ත ඔගස්ටස්, විශිෂ්ට සේ ම ශාන්තිකර අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යය පාලනය කරයි.


බටහිර නිකාය භේදය (1378-1417)


පුරා වසර හැත්තෑවක් (70) ප‍්‍රංශයේ ම පැවැති පාප් පදවිය රෝමයට නැවත රැගෙන ඒමෙන් පසුව එකොළොස් වෙනි ග්‍රෙගරි පාප්තුමා සංවර්ගස්ථ වීමෙන් පසුව නැවතත් මතභේද ඇති වූයේ ප‍්‍රංශයත් අයිතිය කියාපෑමට පෙළඹීම මතය. එහිදී කෝපයට පත්ව සිටි රෝමානුවන් මීළඟ පාප් පදවියට රෝමානුවකු නැතහොත් අඩුම තරමින් ඉතාලියානුවකු පත් කළ යුතු බවට උද්ඝෝෂණය කිරීමටත් පෙළඹුණහ. ඒ අනුව ක්‍රි.ව. 1378 දී නේපාලයේ ඉතාලියානුවකු පාප් පදවියට එම ඡුන්දයෙන් තේරුණි. හයවෙනි අර්බන් පාප්තුමා නිර්මාණය කෙරෙනුයේ එම පසුබිම තුළය. දේශපාලනික වශයෙන් මඳකුඳු බලය අඩු කිරීමට අකමැති වුවත් අන්සතු ප‍්‍රංශ කාර්දිනල්වරයකුට පැවරීම සිදු කෙරිණි. එම පාප්තුමා තේරීමේ ඡන්දය දූෂිත බවට චෝදනා කරමින් රෝමානු ජනතාව පාප්තුමාව නිවාස අඩස්සියේ තැබීමට පෙළඹුණහ.


ප‍්‍රංශ කාර්දිනල්වරයා ඉවත්ව ජිනීවා හි රොබට් වෙත එය පැවරීමට පෙළඹුණි. හත්වෙනි ක්ලෙමන්ට් ලෙසින් පාප් ධුරයට පත්වූයේ එතුමාය. ක්‍රි.ව. 1379 දී අවිග්නන් හි පාප්වරුන්ගේ මාලිගය වෙත පදිංචිය වෙනස් වුණි. එහෙත් ඒ අතරතුර හය වෙනි අර්බන් පාප්තුමා රෝමයේ ම නතර විණි. අමාරු කාල පරිච්ෙඡ්දය ලෙසටත් හැඳින්වෙන ක්‍රි.ව. 1378 සිට 1417 දක්වා යුගය කතෝලික විද්වතුන් හඳුන්වනුයේ ‘බටහිර නිකායභේදය’ හෙවත් පාප් විරෝධී මහාවාදය හෝ මතභේදය වශයෙනි.


එම පසුබිම තුළ වසර හතළිහක (40) පමණ කාලයක් පුරා පල්ලියට පාප්වරුන් දෙදෙනෙක් සිටීම අපූරු සිද්ධියකි. පාප්වරු දෙදෙනාට අමතරව කාර්දිනල් කණ්ඩායම් දෙකක් ද නිර්මාණය විණි. ස්වර්ගස්ථ වීම තුළින් නිර්මාණය වන පාප්තුමාගේ ධුරය පිරවීම උදෙසා රෝමයට හෝ අවිග්නන් සඳහා ඡන්ද බලයෙන් පාප්තුමා තෝරාගැනීම සිදු කෙරිණි. එක් එක් පාප්වරයකු රජුන්ගේ සහ කුමාරවරුන්ගේ පාර්ශ්වකරුවන් වූයේ ඔවුන් අතර පැවැති මතභේද හා අරගල දායක කරගනිමිනි. එමගින් දේශපාලනික වාසියක් ලබාගැනීම පාප්වරුන්ගේ අරමුණ විය.


මේ අතර ක්‍රි.ව. 1409 දී පීසා නුවර දී රැස්වූ කවුන්සිලය ඒ දක්වා පැවැති ගැටුම සමථයකට පත් කිරීමට සැලසුම් කෙරිණි. රෝමයේ දොළොස් වෙනි ග්‍රෙගරි හා අවිග්නන් හි දහතුන් වෙනි බෙනඩික්ට් පාප්තුමන්ලා භේදකාරී (Schismatic) බවට එම සභාව තීරණය කළේය. ඒ අනුව නව පාප්වරයකු පත් කිරීමටත් සභාව එකඟ විය. පස් වෙනි ඇලෙක්සැන්ඩර් නමින් එම නව පාප්තුමා නම් කෙරුණු නමුත්, පෙර සිටි පාප්තුමන්ලා දෙදෙනා ඉල්ලා අස්වීමට එකඟ නොවීම මත පාප්වරු තිදෙනෙක් එකම වකවානුවක සේවයේ යෙදීමත් සුවිශේෂ සිද්ධියකි.


ක්‍රි.ව. 1414 දී නැවත වරක් සභාව රැස් කිරීම සිදු කෙරෙනුයේ මෙම පසුබිම තුළය. එය රැස් කෙරෙනුයේ කොන්ස්ටන්ස් හිදීය. 1415 මාර්තු මාසයේ දී පිසාන් (Pisan) හි පාප් ධුරය දැරූ විසිතුන් වෙනි (23) ජෝන් පාප්වරයා වෙස්වළාගෙන කොන්ස්ටන්ස් වෙතින් පලා ගියේය. එහෙත් ඔහුව අත්අඩංගුවට ගෙන රැගෙන විත් මැයි මාසයේ දී ධුරයෙන් පහ කළේය. ක්‍රි.ව. 1415 ජුලි මාසයේ දී රෝමයේ පාප්වරයාව සිටි දොළොස් වෙනි ග්‍රෙගරි පාප්තුමා ස්වේච්ඡාවෙන් ම ඉල්ලා අස් විය.


මේ අතර අවිග්නන් හි දහ තුන් වෙනි බෙනඩික්ට් පාප්තුමා කොන්ස්ටන්ස් වෙත පැමිණීම ප‍්‍රතික්ෂේප කළේය. එම දිනවල දී ම පෞද්ගලික චාරිකාවක නිරතව සිටි සිගිස්මුන්ඩ් අධිරාජ්‍යයා පාප්තුමාගේ ඉල්ලා අස්වීම අනුමත නොකළේය. අවසන පාප්තුමාව එම ධුරයෙන් ඉවත් කිරීම සභාව මගින් සිදු කෙරුණේ ක්‍රි.ව. 1417 දීය. එහෙත් එසේ කිරීමට අයිතියක් නොමැති බව ප‍්‍රකාශ කරමින් බෙනඩික්ට් පාප්තුමා ස්පාඤ්ඤ වෙරළ තීරයේ ස්ථාපිත කර තිබූ බිඳ හෙළිය නොහැකි බළකොටුවක් වෙත පසුබැස්සේය. එහි සිට පාප් ධුරයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට හෙතෙම කටයුතු කළේය. ක්‍රි.ව. 1423 දී පාප්තුමා ස්වර්ගස්ථ වනතුරු නව කාර්දිනල්වරුන් පත් කරමින් නියෝග නිකුත් කරමින් රාජකාරි කළේය.


මේ අතර කොන්ස්ටන්ස් හි සභාව රැුස් වී පාප්තුමන්ලාගේ ගැටලු නිරාකරණය කරමින් මැතිවරණයෙන් තෝරා පත් කරගත් පස් වෙනි මාටින් පාප්තුමා ක්‍රි.ව. 1417 නොවැම්බර් මාසයේ දී පත් කෙරුණේ මෙම පසුබිම තුළය.


අළුයම් නූතන සහ නූතන යුගය (1417 සිට වත්මන දක්වා)


පුනර්ජීවන පාප් පදවිය (1417-1534)


ප‍්‍රතිසංස්කරණ උදෙසා ක්‍රි.ව. 1417 දී කොන්ස්ටන්ස් හිදී පැවැති සභාව මගින් පස් වෙනි මාටින් පාප්තුමාගේ පත්වීම සිදු කෙරෙන විට බටහිර ක්‍රිස්තියානිය නිකාය භේදය මත නිර්මාණය වී තිබූ භේදකාරී තත්ත්වයත්, පාප් පදවියට උරුමකම් කීමේ ගැටලුවත් විසඳී තිබීමත් කැපී පෙනෙන කාරණයකි. ඒ අනුව ක්‍රි.ව. 1420 දී පස්වෙනි මාටින් පාප්තුමා නැවතත් රෝමයේ පාප් ධුරයට පත් විණි. ඒ වන විට පැවැති ආගමික නිකාය භේදය සමථයකට පත්ව සාමකාමී ආගමික පරිසරයක් නිර්මාණය වීමත් දක්නට විය. ඒ අනුව පාප් පදවියට නියමිත කාර්ය පටිපාටි අනුකූලව කටයුතු කිරීමත් ඇරඹිණි.


යුරෝපීය වංශාධිපතියන් හෝ සාමි මණ්ඩල සාමාජිකයන් මෙන් නොව, පාප් ධුරය රාජ්‍යත්වය මෙන් උරුමයෙන් හිමිවන ධුරයක් නොවිණි. එමනිසා ඔවුන්ට කළ හැකිව තිබුණේ සිය පවුල්වල තත්ත්වය උසස් කරගැනීම උදෙසා ඥාති සංග‍්‍රහය ලබාදීම පමණි. කාර්දිනල් බෑණාවරුන් නිර්මාණය කිරීම ඥාති සංග‍්‍රහය (Nepotism) අත්දැකීම් ලැබීමේ මග බවට පත් විය. ඥාති සංග‍්‍රහය (Nepotism) වචනය ක්‍රි.ව. 1669 දී ඉංග්‍රීසි බසට එක්වනුයේ ද පාප්තුමන්ගේ කාර්දිනල් බෑණාවරුන් පිළිබඳ ක්‍රියාදාමය පාදක කොටගෙනය. ඩුෆී (Duffy)ට අනුව අතිශයින් ම ධනවත් කාර්දිනල් පංතියක් නිර්මාණය කිරීමට මෙම තත්ත්වය ඍජුවම දායක විණි. එය වඩාත් ශක්තිමත් පෙළපත් සබඳතා නිර්මාණය කිරීමටත් හේතුසාධක විය. පාප්වරුන් තෝරා පත් කරගැනීමේ ඡන්දය පවත්වන කොලීජිය තුළ වඩාත් බලවත් පිරිස බවට කාර්දිනල් බෑණාවරුන් පත්වීමත් එම යුගයේ සුවිශේෂ කාරණයකි. පාප්වරුන්ගේ ඥාතීහු උසස්වීම් ලත් අය වශයෙන් කිරුළු කාර්දිනල් ලෙසින් යුරෝපයේ කතෝලික ආධිපත්‍යයේ නියෝජිතයන් බවට පත්වූහ. එමෙන් ම ඔවුහු ඉතාලියේ බලවත් පවුල් සාමාජිකයන් වීමත් කැපී පෙනුණු කාරණයකි. ධනවත් පාප්වරුන් හා කාර්දිනල්වරු පුනර්ජීවන කලා සහ ගෘහනිර්මාණ, රෝමයේ සලකුණ බවට පත් කිරීමට සුවිශේෂ අනුග‍්‍රාහකත්වයක්, උපකාරයක් ලබාදීමට පෙළඹුණහ.


පාප්තුමන්ගේ රාජ්‍යය නූතන ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමත් මෙම යුගයේ දී ඇරඹිණි. ඒවාගේ ම යුරෝපීය යුද්ධ හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය තුළ වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් නිරූපණය කිරීමටත් පාප්වරුන් සමත් වූහ. පාප් පදවියට අයත් භූමිය හා දේපළ වර්ධනය කරගැනීම උදෙසා ලේ ගංගා මත පිහිනීමට පවා මැලි නොවූ දෙවෙනි ජුලියස් පාප්තුමාට (The Warrior Pope) හෙවත් ‘රණශූර පාප්’ යන නාමයත් පට බැඳුණි. මෙම යුගයේ පාප්වරු පාප් යුද හමුදාව භාවිත කරමින් තමන් සහ තම පරපුරු ධනවත් කිරීමට පමණක් නොව, පාප් පදවිය ආයතනයක් වශයෙන් දිගු කාලයක් මුළුල්ලේ අපේක්ෂා කළ ආකාරයට දේපළ හා භූමිය පුළුල් කරගැනීමට ද දායක කරගත්තෝය. මෙම යුගයේ දී සිය පාප් රාජධානිය තුළින් ලත් ධනයෙන් පමණක් යැපීමට පාප්වරුන්ට සිදු විණි. යුද්ධ හා නව ඉදිකිරීම් ව්‍යාපෘති උදෙසා නව ආදායම් මාර්ග වෙතට යොමුවීමටත් පාප්වරු පෙළඹුණහ. 07 වෙනි ක්ලෙමන්ට් පාප්තුමාගේ රාජ්‍යතාන්ත්‍රික හා යුදමය මෙහෙයුම්වල ප‍්‍රතිඵලය වූයේ ක්‍රි.ව. 1527 දී රෝමයෙන් පලවා හැරීමය.


මේ අතර ක්‍රි.ව. 1517 සිට 1585 දක්වා කාලය තුළ ඇති වූ මහා ප‍්‍රතිසංස්කරණය සහ ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මෙහිලා වඩාත් කැපී පෙනේ.


එමෙන් ම ක්‍රි.ව. 1585 සිට ක්‍රි.ව. 1689 අතර පැවැති පාප් පදවිය හිමිකරගත් පරපුර හැඳින්වූයේ බැරොක් (Baroque) යනුවෙනි. 1689 දී එය නිමා වුවත් ක්‍රි.ව. 1775 දක්වා කාලය තුළ පැවැති පාප් පදවිය දැරූවන් පිළිබඳව ඉතිහාසය තුළ තොරතුරු දක්නට නොතිබීමත් සුවිශේෂ කාරණයකි.


ක්‍රි.ව. 1775 සිට 1848 කාලය ඉතිහාසයට සුවිශේෂ කාලපරිච්ෙඡ්දයක් ලෙසට සැලකෙනුයේ එම කාලවකවානුව ‘විප්ලවීය යුගය’ ලෙසින් ප‍්‍රකට වූ හෙයිනි. සමාජ දේශපාලනික වශයෙන් ඇමෙරිකානු හා ප‍්‍රංශ විප්ලව සිදු වූයේ ද මෙම කාල පරාසය තුළදීය.


රෝමානු ප‍්‍රශ්නය (1870-1929)


ක්‍රි.ව. 1865 සිට ඉතාලියේ ප‍්‍රාදේශීය නගරයක් වශයෙන් ෆ්ලොරන්ස් වඩාත් ප‍්‍රකට විණි. ක්‍රි.ව. 1870 දී පාප්තුමන්ගේ හමුදා පරාජයට පත්වීමෙන් පසුව ඉතාලි ආණ්ඩුව ටයිබර් ගං ඉවුර වෙත 1871 දී ළඟා විය. වික්ටර් ඉම්මැනුවෙල් තමන් විසින් ම කුයිරිනේල් මාලිගයේ (Quirinale Palace) පදිංචියට යමින් තමන් විසින් ම රාජ්‍යත්වයට පත්වීමත් සුවිශේෂ කාරණයකි. වසර සියවස් දහතුනකට (1300) පසුව රෝමය නැවතත් එක්සත් ඉතාලියේ අගනගරය වීම ඉම්මෑනුවෙල් රාජ අභිෂේකයත් සමග ම සිදු කෙරිණි. රෝම නගරය අගනගර අතර අසාමාන්‍ය නගරයක් ලෙසින් ඉතිහාසයට එක් වූයේ එයට පාප්තුමාගේ බලයෙන් යුත් කුඩා බිම් තීරයක් ද ස්ථාපිතව තිබීම නිසාය. එය වතිකානුව (Vatican) නගරය ලෙසින් ප‍්‍රකට විණි. එමෙන් ම ජාතික පාලනයෙන් බැහැර වූ භූමියක් වීමත් සුවිශේෂ කාරණයකි. මෙම අක‍්‍රමිකතාව පෙර කල විසඳීමට නොහැකි වීමත්, 1929 ලැටරන් ගිවිසුම (Lateran Pacts) අත්සන් කෙරෙන තෙක් ම එම අවුල්සහගත තත්ත්වය නිමා නොවුණි.


නව වෙනි (09) පයස් පාප්තුමාගේ දීර්ඝතම සේවා කාලයේ අවසන් වසර 08 තුළ දී වතිකානයේ සිරකරුවකු බවට පත් විය. කතෝලික ප‍්‍රජාවට ජාතික මැතිවරණවල දී ඡන්දය භාවිත කිරීම සපුරා තහනම් කොට තිබිණි. කොහොම නමුත් ඔවුන්ට ප‍්‍රාදේශීය මැතිවරණවල දී ඡුන්දය භාවිත කිරීමේ අයිතිය ලබාදුණි. ඒ අනුව ඇතැම් ප‍්‍රාදේශීය මැතිවරණවලට සහභාගි වී ඡන්දය ජය ගැනීමට හැකි විණි.


මේ අතර දහනව වෙනි හා විසිවෙනි සියවස්වල දී සිය ආධ්‍යාත්මික අධිකාරිත්වය භාවිත කිරීමටත් සෑම ආකාරයක ම ආගමික ජීවිතයේ ප‍්‍රබලත්වය තහවුරු කිරීමටත් පාප්තුමන්ලා පෙළඹුණහ. අතිශය තීරණාත්මක වූත්, අර්බුදකාරී වූත් සේවා කාලයක් ගත කළ නව වෙනි පයස් පාප්තුමා (1846-1878) ඊට කදිම නිදසුනකි. ඉතිහාසයේ ප‍්‍රථම වරට ලොව පුරා කතෝලික ආගමික ප‍්‍රචාරක කටයුතු වඩාත් තීව‍්‍ර වූත්, ස්ථාවර වූත් කාල පරිච්ෙඡ්දය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ ද මෙම සමයයි.


වතිකානු නගරය (1929) නිර්මාණය කිරීමෙන් පසු


නව වෙනි පයස් පාප්තුමාගේ සේවා කාලය විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් සපිරි යුගයකි. විශේෂයෙන් එම කාල පරාසය තුළ නිකුත් කර ඇති අතිශය වැදගත් ලිපි ලේඛන බොහෝවිට දැනුම් සම්භාරයකින් යුත් ඒවා වීමත් සුවිශේෂ කාරණයකි. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල දී පයස් පාප්තුමාට ප‍්‍රථමයෙන් ආධාර කර ඇත්තේ ගැස්පරි (Gasparii) කාර්දිනල්තුමාය. ක්‍රි.ව. 1930 න් පසුව ඉයුජීනියෝ පැසෙල්ලි (Eugenio Pacelli) කාර්දිනල්තුමාගේ දායකත්වය ලැබී ඇති අතර පයස් පාප්තුමාගෙන් පසුව එම ධුරයට පත්ව ඇත්තේ ද එතුමාණෝය.


ගැස්පරි කාර්දිනල්තුමාගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය (Master Piece) වනුයේ 1929 දී අත්සන් කෙරුණු ලැටරන් ගිවිසුමයි. වතිකානය වෙනුවෙන් සාකච්ඡාවන්ට සහභාගි වී ඇත්තේ ෆ‍්‍රැන්සෙස්කෝ පැසෙලිය. ඉතාලියේ ෆැසිස්ට් රජය හා පාප්තුමා අතර විවෘත එකඟත්වයක් ඇති නොවූයේ රජය තරුණ කටයුතුවලට බාධා පැමිණවීම සම්බන්ධයෙනි. පාප්තුමාගේ ශක්තිමත් ලිපිය (Non Abbiamo Bisogno 1931) මගින් ෆැසිස්ට්වාදියකු හා කතෝලිකයකු එකවර කළ හැකි ද යන ප‍්‍රශ්නය එවක ෆැසිස්ට් පාලනයෙන් ප‍්‍රශ්න කිරීම වඩාත් කැපී පෙනේ. ෆැසිස්ට් නායක මුසොලිනී හා පාප්තුමා අතර සබඳතා කිසියම් ආකාරයක සීතල පසුබිමක් නිර්මාණය වනුයේත් එම තත්ත්වය තුළය.


ඉතාලි රජය හා පාප්තුමා රෝමානු ප‍්‍රශ්නය විසඳා ගැනීමේ සාකච්ඡා අරඹනුයේ ක්‍රි.ව. 1926 දීය. 1929 දී ඔවුහු ලැටරන් ගිවිසුම් 03 ක් සඳහා එකඟ වූහ. ඒ අනුව තෙවෙනි එම්මානුවෙල් රජතුමා වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය හා ෆැසිස්ට් නායක බෙනීටෝ මුසෝලිනී හා නව වෙනි පයස් පාප්තුමා වෙනුවෙන් කාර්දිනල් ලේකම්වර පියෙට්‍රෝ ගැස්පරි එම ගිවිසුම්වලට අත්සන් තැබූහ. එම ලැටරන් ගිවිසුමක් මගින් දේශපාලන එකඟත්වයකට එළඹෙමින් ‘වතිකානු නගර රාජ්‍යය’ නිර්මාණය කිරීම නිත්‍යානුකූලව සිදු කෙරිණි. ඒවාගේ ම ඉතාලිය තුළ කතෝලික ආගම රාජ්‍ය ආගම බවට පත් කෙරිණි. තවත් ගිවිසුමක් මගින් පාප්තුමා ජාත්‍යන්තර කටයුතුවල දී මැදිහත් නොවෙමින් මධ්‍යස්ථව සිටීමට ප‍්‍රතිඥා දීම සිදු කෙරිණි. මූල්‍යමය ක්ෂේත‍්‍රය සම්බන්ධ ගිවිසුම මගින් ක්‍රි.ව. 1870 සිට පාප්තුමාට අහිමි කෙරුණු ලෞකික හෝ ලෝකය පිළිබඳ වූ මූල්‍ය බලය නැවතත් ලබාදීමට ඉතාලියේ ෆැසිස්ට්වාදී රජය එකඟවීමත් සිදු කෙරිණි.

 


රාජා කටුගම්පොළ