මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.
කේසි වාර්තාවන්ට අනුව මෙම ග්‍රහයා මත පරිණාමය බොහෝ රේඛාවන් සහ ප්‍රවාහයන් තුළින් සිදු වෙයි: සුළු කොටසක් පමණක් දක්වන්නේ නම් කෘමීන්, මාළු, පැළෑටි සහ සත්තු සහ මිනිසා ද පරිණාමයට පත්වෙති. නමුත් ආරම්භයේ දී ‘මිනිසා’ පහළ වූයේ හෝ ඉපදුණේ ප්‍රාණීන් කණ්ඩායමක් (Group of spiritual beings) ආකාරයෙනි. මෙම ප්‍රාණීහු (spirits) පෘථිවිය තුළ හැසිරෙද්දී සත්ත්ව ශරීර දැකීමෙන් සතුටට පත්වී (කූතුහලය නිසා වන්නට පිළිවන) සත්ත්ව ස්වරූප බවට පත්වන්නට සහ වෙනත් සතුන්ගේ ලිංගිකත්වය තුළ පැටලෙන්නට කැමැත්ත ඇතිකර ගත්හ. මෙය සුප්‍රකට ‘මිනිසාගේ වැටීම’ වූ අතර ලිංගික වශයෙන්ම නොවන නමුත් දිව්‍යමය සත්ත්වයකු සතුන් සමඟ ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම යනු පශුමෛථූනය වෙයි. එනම් මහා පරිමාණ වශයෙන් සිදුවූ පුංමෛථූනයකි (sodomy). මේ ආකාරයෙන් දේවධර්මවාදීන් විසින් ‘විශේෂ නිර්මාණයක්’ වශයෙන් හඳුන්වන්නට ඉඩ තිබෙන සැබෑ අරුතින් සත්ත්වයන් නොවන මෙම ප්‍රාණීහු සත්ත්ව නීතිය හා සත්ත්ව පරිණාමයට යටත්ව ද්‍රව්‍යත්වය සමඟ එකට ගැටගැසුණහ. බොහෝ කොට හැම දේශයක ම පුරාණෝක්ති සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අර්ධ-මනුෂ්‍ය, අර්ධ-අශ්ව, අර්ධ-ස්ත්‍රී, අර්ධ-මත්ස්‍ය වැනි විරූප සතුන් සහිත කතාන්තර කේසිගේ විග්‍රහයට සාක්ෂ්‍ය විය හැකිය.
ආගමික ආයතනයන්හි ගැටලු හටගැන්වීමට තුඩු දෙන මේ ප්‍රකාශය විද්‍යාත්මක ලෙස සිතා බලන විට නූතන මිනිසා පිළිගන්නා පරිණාමවාදයට හුරුවන අයුරු ද කතුවරිය පෙන්වා දෙයි.
ජාතිවාදය පිළිබඳ, ජාතික අනන්‍යතාව පිළිබඳ සකලවිධ වූ සංකල්පීය ගොඩනැගීම් කේසි වාර්තා විසින් පුපුරුවාහරිනු ලැබ තිබේ. යුදෙව් තරුණයෙක් ආසන්න භවයකදීම ජර්මන් ජාතික කතෝලික ස්ත්‍රියකව ඉපිද අනාථ මඩමක ප්‍රධාන සොහොයුරිය ලෙස වගකිව යුතු සේවාවක නිරතවීම ඇතුළු එක අතකින් විස්මයජනක වූත් තවන් අතකින් හාස්‍යජනක වූත් කියවීම් ගණනාවක් වාර්තා කරන්නේ පොතේ ‘වංශය පිළිබඳ ගැටලුව’ නම් වූ පරිච්ඡේදයයි. ස්කැන්ඩිනේවියානුවන් ලතින් වර්ගයේත්, ලතින් වර්ගයා ස්කැන්ඩිනේවියානුවන් ලෙසත් පෙරදිගුවන් අපරදිගුවන් බවටත්, අපරදිගුවන් පෙරදිගුවන් බවටත් හුවමාරු කරමින්, මිශ්‍ර කරමින් රඟදැක්වෙන විශ්ව නාටකයේ උත්ප්‍රාසාත්මක ක්‍රීඩා පිළිබඳ තිත්ත ඇත්ත හෙළි කරමින් ජිනා සෙර්මිනාරා තබන කුඩා සටහනකි මේ.
කුමන හේතුවක් නිසා හෝ පුනර්භවය පිළිගන්නා කෙනකුට දුර්විපාක නො ලබා මුළුමනින් ම වෙනත් ජාතියක් හෙළා දකින්නට හැකියාවක් නොමැත. කෙනෙකුගේ සිරුර වනාහි ආත්මය ප්‍රවාහනය කරන වෙනස් වෙමින් පවතින ප්‍රකාශනයක් පමණක් බව වටහා ගන්නා කල කෙනෙකුගේ වංශය, වර්ණය සඳහන් කරමින් ඔහුව හෙළා දැකීම, නළුවකු ඔහු අඳින ඇඳුම් සලකමින් හෙළා දැකීම වැනි අසාධාරණ, විකාර දෙයක් වෙයි.
(සංසාර මන්දිර II 149 පිටුව)
‘ජීවිතය මූලික වශයෙන් අධ්‍යාත්මික බලවේගයකි; එසේම එය අඛණ්ඩව පවතී’ යනුවෙන් කේසි කරන සඳහන උපුටා දක්වන කතුවරිය පුනර්භව මූලධර්මය සැලකිල්ලට ගැනෙන පරිණාමීය ඉසව්වකදී, ඒ නවයුගයේ උත්පත්ති විළිරුදාව අබියසදී වින්නඹු මාතාවගේ කාර්යභාරය පැවරෙන්නේ කලාකරුවාට හා සාහිත්‍යකරුවාටය යන නැවුම් අදහස ද කරළියට නංවයි. ඒ අනුව සියලු අනන්‍යතා සහතික, සංකල්පීය න්‍යායපත්‍ර ඉරී, කැබලි වී, වාෂ්ප වී යන සන්දර්භයක් තුළ මුළුමහත් විශ්වයම තමන්ගේ නිවහන නොවේ ද යන ප්‍රසාදජනක හැඟීම රසිකයා, පාඨකයා තුළ හටගැන්විය හැකිවන්නේ කලාවට ය. නව ආකල්පමය වෙනසකට මුල පුරමින් ෆ්‍රොයිඩියානු වළ මතින් නැගී සිටින්නට ඒ දවසේදී මිනිසාට ඉඩ අවකාශ විවර කරනු ඇත්තේ කලාකරුවා හා සාහිත්‍යකරුවා ය. බෙදී වෙන්වූ ලෝකයේ බෙදුම් රේඛා මකාදැමීම සඳහා කලාකරුවා පෙරමුණ ගත යුතු වන්නේ බුද්ධි ප්‍රභාව පවා අබිබවනසුලු මිනිස් අභිලාෂය වන්නේ ‘සෞන්දර්යය’ ම වන නිසා ය. මේ සෞන්දර්ය චාරිකාවේදී විවර වන නවදොරටු ගණනාවක් ගැන සිහිකැඳවන කතුවරිය, පුද්ගලයන් හා ශාරීරික යාන අතර වන අන්තර් සම්බන්ධතාවේ සංකීර්ණත්වය කලාකරුවා අවශ්‍යයෙන්ම ග්‍රහණය කරගත යුත්තකියි ද අවධාරණය කරයි.
ෆ්ලොරිඩාහි බිමිනි දූපත අත්ලාන්තික් මහාද්වීපයේ දැනට ඉතිරි වී ඇති උස්ම කොටස ලෙසටත් මුහුදු ජලයේ ඉපැරණි මඩින් යටවී ඇති පෞරාණික පන්සලක් එහි ඇති බවටත් කේසි අනාවැකියක් පළ කර ඇත්තේ 1926 තරම් ඈතකදී ය. (අත්ලාන්තික් ව්‍යසනය ගැන ද කේසි ඇතැම් නැවුම් අදහස් පළ කර තිබේ.) ඉනික්බිතිව 1956 වසරේ අප්‍රේල් 2 වනදා මියාමි හෙරල්ඩ් පුවත්පත පළ කළ පුවතකට අනුව, ගිළුණු නැවක කොටස් සොයා ගිය පිය-පුතු දෙදෙනකුට එහිදී අහම්බෙන් හමුවී ඇත්තේ ඉපැරණි පන්සලක කිරිගරුඬ කුලුනු ය. මේ අතිවිශේෂ සොයාගැනීම පිළිබඳ පූර්ණ ගවේෂණයක් සිදු නොවීම කනගාටුවට කරුණකියි පවසන කතුවරිය, එවැන්නක් සිදු වූයේ නම් පැරණි මඩ සහ කසළ මතින් විශිෂ්ට ශිෂ්ටාචාරයක් ගොඩගන්නට අපට හැකිවනු ඇති බවට විශ්වාසය ද පළ කරයි. අප සිහි තබාගත යුතු ඉතා වැදගත් කරුණක් ගැන ද ඒ සමඟම සිහිගන්වයි.
නව සමාජ ව්‍යුහය කොපමණ පරිපූර්ණ වුවත්, ආත්මාර්ථකාමී, ආත්ම සැනසීම ම සොයන, සිරුරේ සියලු ආශාවන් සැතපවීම උදෙසා සියල්ල කරන, මනෝරාජික විශ්ව සැපපහසුව සොයන ස්වභාවයෙන් මිනිසා අත්නොමිදුණ හොත් තවත් අත්ලන්තීය මහා විනාශය වැන්නකට එය අපව ඇදගෙන යන්නට ඉඩ තිබේ.
(සංසාර මන්දිර II පරිවර්තනය: මණ්ඩාවල පඤ්ඤාවංස හිමි - 221 පිටුව)
අප මේ පසුකරමින් සිටින්නේ මිනිසුන් මෙන් ම ශාස්තෘවරුන් ද වෙන්දේසියේ දැමෙන යුගයකි. මතුයම් දිනෙක නව තාක්ෂණයේ අනුහසින් පෘථිවියට ද පෙනෙන පරිද්දෙන් අඟහරු ලොව හෝ වෙනත් පිටසක්වළක ඉදිකෙරෙන ඩිජිටල් වෙළෙඳ දැන්වීම් පුවරුවකින් උත්කර්ෂයට නැගෙන්නේ සිසිල්බීම ද, දන්තාලේප ද, සුවඳ විලවුන් ද ස්ත්‍රී සනීපාරක්ෂක තුවා දැයි හරියටම කියන්නට බැරි ය. කෙසේ වුව ද ලෝකය තනියායක් බවට පත්කිරීමේ ලා පුනර්භව සංකල්පය, පුනර්භව මූලධර්මය විශ්ව ගම්මාන සංකල්පයට ද වැඩියෙන් බලසම්පන්න වන බව නම් ඉතා පැහැදිලි ය.
කැත්ලීන් ජයවර්ධන
[email protected]
‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔස්සේ නවක මුහුණු කිහිපයකුත් පුංචි තිරය
සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ ආලින්දයට එන ඇය රුක්ෂානා දිසානායක
සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්න
ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා.
ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා විවාහක රූ-රැජින ලෙස කිරුළු පැලඳියේ හං
බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුනර්භව සංකල්පයෙන් විශ්වය පොදු නිවහනක් වේද?