
ගැඹුරු අභ්‍යවකාශයේ සිට අපේ පෘථිවියට වරින් වර රේඩියෝ සංඥා පැමිණි අවස්ථා ඕනෑ තරම්ය. නමුත් කිසිදු රිද්මයක් හෝ රටාවක් නොමැති එම සංඥා කවදා කොහේ සිට පැමිණේදැයි සිතා ගන්නට නොහැකි නිසා ඒවා ගැන අධ්‍යයනය කිරීම අපහසුය.
එහෙත් ලෝකයේ පළමු වතාවට අඛණ්ඩ චක්‍රයකට අනුව නිකුත් වෙන ගැඹුරු අභ්‍යවකාශයේ රේඩියෝ සංඥාවක් ග්‍රහණය කරගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත්ව සිටිති.
ඔවුන් සොයාගෙන තිබෙන ආකාරයට හැම දින 16කට වරක්ම එම සංඥාව පැමිණේ. ඉන්පසු දින හතරක් සංඥාව නිකුත් වෙන්නේ පැය දෙකකට එක් වරකි. නැවත දින 12ක් කිසිදු හැල හොල්මනක් නැතිව තිබෙන අතර 16 වෙනි දින ඉක්මවූ වහා සංඥාව නිකුත් වෙන්නට පටන් ගනී. කැනේඩියානු පර්ෙය්ෂකයන් පිරිසක් මෙම සංඥාව එම චක්‍රයට අනුව නිකුත් වෙන අයුරු දින 409ක් පුරා අධ්‍යයනය කළහ.
මෙම අද්භූත සංඥා නිකුත් වෙන්නේ කොතැනකින්ද යන්න ගැන තවමත් සොයාගැනීමට නොහැකි වී ඇත. මෙම සංඥා මිලි තත්පර ගණනක් පවතින, අතිශය ප්‍රබල විකිරණ විදීම් යැයි කියැවේ. සාමාන්‍යයෙන් මෙවැනි සංඥාවලින් බොහෝමයක් හටගන්නේ එකම එක් වරක් පමණයි. ඒවා එන්නේ කොහි සිටද කෙසේද යන්න සොයාගැනීම එතරම් අපහසු වෙන්නේ එබැවිනි.
පසුගිය වසරේ මෙම සංඥා ගැන පර්ෙය්ෂණ කරන කැනේඩියානු පර්ෙය්ෂක කණ්ඩායම, එවැනි සංඥා අටක් පමණ සොයා ගත් බව වාර්තා කළහ. ඒවා මුලදී හුදු සංඥා ලෙස පමණක් පෙණුන නමුත්, වැඩිදුර අධ්‍යයනය කරන්නට යාමේදීය මෙම දින 16 රටාව සොයාගැනීමට හැකිවූයේ. එම රටාව, එය නිකුත්වෙන මූලාශ්‍රය ගැන යම් ඉඟියක් කරන බව පර්ෙය්ෂකයෝ පවසති.
ඒ අනුව මෙම සංඥා පැමිණෙතැයි පර්ෙය්ෂකයන් අනුමාන කරන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500ක් දුරින් පිහිටි සර්පිලාකාර මන්දාකිණියක, තරු උපත ලබන කලාපයකිනි. සංඥාව නිකුත් වෙන මූලාශ්‍රය දැවැන්ත කළු කුහරයක් වෙන්නට ද පුළුවන.
ගැඹුරු අභ්‍යවකාශයේ සිට තවත් බොහෝ සංඥා පැමිණෙතත්, පෘථිවි වාසීන් වන අප සතු තාක්ෂණික උපකරණ ඒවා හසුකර ගැනීමට තරම් තවමත් නොදියුණුය. අභ්‍යවකාශ විද්‍යා විෂයය තුළ මෙම සංඥා සැලකෙන්නේ සොයාගැනීමට අපහසු අද්භූතම කොටසක් වශයෙනි.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දින 16කට වරක් පෘථිවියට එන අද්භූත සංඥාවක්
Walter White Sunday, 01 March 2020 01:21 PM
ක්වේසාර කියන ග්‍රහ වස්තූන් තියෙනවා. ඒවායේ විශේෂත්වය තමයි රේඩියෝ සංඥා නිකුත් කිරීම, මේක පල්සේටින් ක්වේසාරයක්.