IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ගීසා පිරමීඩයක් ඇතුළේ අබ්රහස් හිඩැසක්

 

තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් ගීසා නිම්නයේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයයි. ඉපැරැණි පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය පිරමීඩය. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියා පාන්නේ ද මෙම පිරමීඩය. ගීසා හි ඉදිකර තිබෙන මෙම පිරමීඩ එසේත් නැතිනම් ‘සොහොන් ගෙවල්’ රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඹු කරයි.

ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆු (Khufu) ඔහුගේ පුතු කාෆ්රේ (Kahfre) සහ මුනුපුරු සැන්කුරේ (Menkure) ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී ඇත්තේ මොවුන්ය. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය.


 

විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් ‘හිඩැස’ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයෙනි. චියොෆ් යන නමින් ද කූෆු හැඳින්වෙයි. ගීසාහි ඇති මෙම යෝධ පිරමීඩ අබිරහස්වලින් පිරී පවතී. ඒ අතරට එක්වුණු මෙම ‘හිඩැස’ සම්බන්ධ අබිරහස ද විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ගීසා නිම්නයේ ඇති පිරමීඩ ත්‍රිත්වය අතරින් උසින් වැඩිම පිරමීඩය වන්නේ මෙම පිරමීඩයයි. උස මීටර් 140 (අඩි 460) කි. මෙය ඉදි කළේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 2509 සිට 2483 තෙක් කාලයේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. පිරමීඩය තුළ හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු කර ඇත්තේ අති නවීන ස්කෑන් තාක්ෂණයකිනි. පරීක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක් වෙමිනි. ඔවුන් යොදා ගත් මෙම ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ (Muogrophy) යන නමිනි. පරීක්ෂණයට නායකත්වය දුන් එක් වි ‘මුවෝග්‍රැෆි’ යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. ‘මුවොන්ස්’ අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි. 


පිරමීඩය ඇතුළත හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු වූයේ ඒ අනුවය. සුනාමියෙන් සහ භූමි කම්පාවෙන් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වී විකිරණ කාන්දු වෙද්දී, ඒ බව පරීක්ෂා කිරීමට යොසා ගත්තේ ද මෙම නව ස්කෑන් තාක්ෂණයයි. අයිස් තට්ටු අතර ස්කෑන් කිරීමටත්, පර්වත, භූමි ප්‍රදේශ ස්කෑන් කිරීමටත් මෙම නව තාක්ෂණය භාවිතයට ගන්නා බව පැවැසෙයි.
කූෆු රජුගේ පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් පවතී. එයින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක ඇත්තේ ඊට පහළිනි. එය කුඩාය. මේ හිඩැය නිර්මාණය කළේ ඇයි ද යන්න ගැටලුවකි. එහෙත් මෙය තුළ කිසියම් හෝ අබිරහස් දෙයක් තැන්පත් කර ඇතැයි ද සැක කෙරේ. හිඩැස ‘හිඩැසක්’ ද නැතිනම් ඇතුළේ වටිනා දෙයක් ඇති ද යන්න සොයා දැන ගැනීම අසීරු වී තිබේ. හේතුව පිරමීඩයට හානි නොකර එය දැන ගැනීමට නොහැකි වීම නිසාය. මෙම හිඩැස නිර්මාණය කර ඇත්තේ පිරමීඩය ඇතුළත පීඩනය නැති කිරීමට හෝ මුදා හැරීමට හෝ විය හැකියි යන්න වාස්තු විද්‍යාඥයන්ගේ අදහස වී ඇති නමුත් එය තහවුරු කිරීමට කිසිවෙකු හෝ සමත් වී නැති බව ද පැවැසෙයි.


ගීසා නිම්නයේ මුලින්ම හැදූ පිරමීඩය වන්නේ ද මෙම කූෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය ‘මහා පිරමීඩය’ ලෙසින් ද හැඳින්වෙයි. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13 ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) ක්. 


කාෆ්රේ රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10 ක් උසින් අඩුවෙනි. කූෆූ රජුගේ මුනුපුරු සැන්කුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66 කි. කුෆූගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසල තවත් කුඩා පිරමීඩ ඉදි කර තිබේ. ඒ විතරක් නොවේ රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසල කුඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළෝ ග්‍රීක ජාතිකයෝය.  


ග්‍රීක ඉතිහාසඥ හොරොඩෝටස්ගේ වසර 2,400 ක් පැරණි ලේඛනවල සදහන් කර ඇති අන්දමට මහා පිරමීඩය නිර්මාණය කිරීමට මිසර වැසියන් හා වහලුන් 100,000 දෙනකුගේ සේවය ලබා ගෙන තිබේ. පිරමීඩය ඉදි කිරීමට වසර 20 ක කාලයක් ගතවී තිබේ. පිරමීඩය නිර්මාණය සඳහා හුණුගල් කුට්ටි ගල් කුට්ටි මිලියන 2.3 ක් යොදා ගෙන තිබේ. මේ එක ගල් කුට්ටියක් ටොන් 2 1/2 ක් පමණ බරින් යුක්තය. එහෙත් එවැනි ගල් ගීසා නිම්නයේ කිසිම තැනක ඇත්තේ නැහැ. ඒවා ඇත්තේ සැතපුම් දහස් ගණනක් දුර නයිල් මිටියාවතේ පහළ ප්‍රදේශවල පිහිටි ගල්වළවල්වලය. එම හුණුගල්, පිරමීඩ ඉදි කළ ස්ථානයට ප්‍රවාහනය කර ඇත්තේ පහුරුවලින් යැයි පුරා විද්‍යාඥයෝ පවසති. පිරමීඩ ඉදිකිරීමට ගල් ප්‍රවාහනය කළ හුණුගල් නිධි කිහිපයක්ම පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ.


පුරාණ මිසර වැසියෝ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළහ. ඒ නිසා මියගිය පසු සිරුරු සුරැකිව තබා ගැනීමට හුඟක් මහන්සි වුණා. ඒ නිසයි සිරුරු මමීකරණයට ලක් කළේ. පාරාවන් සහ පාරාවන්ගේ පවුල්වල අය මියගිය පසු ඔවුන්ගේ මමීකරණය කළ සිරුරු ආරක්ෂිතව තැන්පත් කිරීමටත් ඔවුන් සතු වස්තු සම්භාරයන් නිදන් හොරුන්ගෙන් බේරා ගැනීමටත් තමයි, පිරමීඩ ඉදි කළේ. ඔවුන් පිරමීඩ ඉදි කිරීමට තෝරා ගත්තේ නයිල් ගංගා නිම්නයේ බටහිර පෙදෙසයි. ඒකට හේතු වූයේ මළගිය ඇත්තන්ගේ නිවහන ඇත්තේ හිරු බැසයන දිසාවේ යැයි ඔවුන් විශ්වාස කිරීමය. මළ සිරුරු තැන්පත් කිරීමේ කුටි නිර්මාණය කළේ හරියටම පිරමීඩය මැදය. දෙපස සිට පිරමීඩය ඇතුළට පැමිණීමට ඉදි කළ පටු මංතීරු හැම එකක්ම අවසන් වුණේ මෙම කුටිවලිනි. මමීකරණය කළ සිරුරු ඇතුළත තැන්පත් කළ පසුව මෙම මංතීරු ගල්වලින් වසා අවහිර කළ සීල් තබනු ලැබුණි. එහෙත් අවාසනාවකට පාරාවන් බලාපොරොත්තු වූ පරිදි මේ පැරණි යෝධ සොහොන් ගැබ් ආරක්ෂා වුණේ නැත. ශතවර්ෂ ගණනාවක් පුරාම නිදන් හොරු පිරමීඩ ඇතුළට කඩා වැදී ඒවායේ තිබූ වස්තුව කොල්ල කෑමට පටන් ගත්හ.


පුරාණ මිසර වැසියන්ගේ හිරු දෙවියන් හැඳින්වෙන්නේ ‘රා’ කියාය. පුරාවිද්‍යාඥයින් සහ ජෝතීර්වේදීන් කළ සොයා බැලීම් හා පර්යේෂණ අනුව ඔවුන් කියනවා හිරු, සඳු සහ අනෙක් ග්‍රහලෝක සහ පිරමීඩ අතරේ සම්බන්ධයක් ඇති බවය. ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීමට පෙලඹුණේ ඔවුන්ගේ හිරු දෙවියන් වන ‘රා’ වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇති ව බවය. මිසරයේ මුලින්ම ඉදි කළ පිරමීඩ ගීසාහි ඇති පිරමීඩ නොවේ. කූෆූ රජුගේ පාලනයට ශතවර්ෂ ගණනාවකට කලින් මිසරයේ ජීවත් වූ වැසියන් පිරමීඩ හැඩයේ ස්මාරක හා සොහොන් ගැබ් ඉදි කර තිබෙන බවට සාක්ෂි තිබේ. ඔවුන් කළේ වැලි වළවල්වල මළසිරුරු මිහිදන් කර ඊට උඩින් පිරමීඩ ආකාරයේ ස්මාරකයක් ගඩොලින් හෝ ගල්වලින් නිර්මාණය කිරීමයි. මෙලෙස ස්මාරක නිර්මාණය කළේ සිරුරු මිහිදන් කර ඇති වැලි සුළඟේ ගසාගෙන යෑම වැළැක්වීමටය. ගීසාහි පිරමීඩවල මුල් ආකෘති ලෙසයි, මේවා සැලකෙන්නේ. මාබල් කුට්ටි පාදයක් යොදා ගනිමින් පඩිපෙළක් ආකාරයට ඉදි කළ ‘පඩි පිරමීඩය’ තමයි පළමු පිරමීඩය ලෙස සැලකෙන්නේ. මෙම පිරමීඩයේ සැලැස්ම නිර්මාණය කරනු ලැබුවේ ඉම්හොටෙප් විසිනි.


ඉම්හොටෙප් යනු වසර 4950 කට කලින් ජීවත් වූ මිසර පඬිවරයෙකි. ඔහු උපන්නේ මෙම්ෆිස් අසලය. ක්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකු බව ඉතිහාසයේ සඳහන් වෙයි. අද අප විද්‍යාඥයෙකු හැටියට හඳුන්වන විධියට ගැළපෙන ලෝකයේ පළමු විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ඉම්හොටෙප්ය. මරණින් පසු මෙවැනි විද්‍යඥයෙකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක්ම ලෝකයේ පහළ වූයේ නැත. ඉම්හොටෙප් පිළිබඳ මතක සටහන්වලට අනුව ඔහු විස්මිත දේවල් රැසක් කළ අයෙකි. ඔහු වටා ගෙතී ඇති කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ යැයි පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉම්හොටෙප් සතුවූ ලෙඩ සුව කරන බලය වඩාත් වැදගත් දෙය ලෙස සලකනු ලැබේ. ප්‍රවාදවලට අනුව ඔහු සතුව ලෙඩ රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවේ. ටොලමික යුගයේදී මොහුව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාග් ගේ පුත්‍රයකු ලෙසය.

 

 

ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් වන්නේ පඩි පිරමීඩය (Step Pyramid) මේ බවට නිශ්චිත සාක්ෂි සොයා ගැනීමට ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට හැකිවී තිබේ. සකාරා හි ඉදිකර ඇති නිසා මෙය සකාරා (Saqqara) පිරමීඩය කියාද හැඳින් වෙයි. සකාරා පිරමීඩය ඉදිකළේ සෝසර් (Zoser) පරාවන් වෙනුවෙන් කි.පූ. 2950 දීයි. ඉම්හොටෙප් සෝසර් රජතුමාගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස සේවය කළේය. ලෝකයේ ඇති ඉපැරණිම පිරමීඩය වන්නේ මෙයයි. පුරාවිද්‍යාඥයන් කියන විදියට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු කළා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප්ය. මෙය පඩි පිරමීඩය ලෙස නම් කෙරෙන්නේ පාදමේ සිට මුහුදුනට යන තෙක් පඩි 6 ක ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. ස්නෙෆෲ (Senefru) රජු යනු කුෆූගේ පිය රජුය. ඔහුත් ඉතාමත් සුමට බිත්ති ඇති පිරමීඩ නිර්මාණය කරවා තිබේ. මෙයින් එක් පිරමීඩයක් හැඳින්වෙන්නේ ‘ඇලවුණු පිරමීඩය’ කියාය. ඊට හේතුව එහි එක් පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩා වීමය. ඒ නිසා එය ඇලවී ඇති බවක් පෙන්නුම් කරයි. මෙවැනි රාජකීය පිරමීඩ 80 ක් පමණ මිසරයෙන් හමුවී තිබේ. ඒත් ඒ කිසිවක් ගීසාහි පිරමීඩ ත්‍රිත්වයට සමාන කළ නොහැකිය. එම පිරමීඩවලින් බොහොමයක් විනාශ වී නටබුන්ව පවතී.

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

ගීසා පිරමීඩයක් ඇතුළේ අබ්රහස් හිඩැසක්

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 110 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 50 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 54 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 46 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 40 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 216 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 124 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site