භාරත 
දේව සභාව

 

ශිව සහ පාර්වතී දෙදෙනාගේ පුතකු වන ගනේෂ්ට තිබූ විසුළු පෙනුමකි. අලියකුගේ හිසත්, මහත කොට කකුල් දෙකත් නිසා ඔහු ඇවිදින විට විහිළුකාරයකු සේ පෙනිණි.   


ඔහුගේ තිබූ තවත් දුර්වලකමක් වූයේ පැණි රස කැවිලිවලට ලොල් බවක් දැක්වීමය. පැනි රස කොතැන ද එතනට ඇඹලයකු මෙන් ඇදුණු ගනේෂ් තම කුසට අල්ලන ප්‍රමාණයටත් වඩා පැණිරස කෑම කෑවේය.   

ගනේෂ්ගේ මේ පැණි රස ලෝලිත්වය ගැන දත් ඔහුගේ භක්තිවන්තයන් අනෙකුත් කෑම වර්ගවලට වඩා පිළියෙල කරන්නේද කැවිලි වර්ගමය.   


දිනක් ගනේෂගේ බැතිමතකු විසින් ඔහුට රාත්‍රි කෑමකට ආරාධනා කර තිබිණි. හොඳින් නා කියාගෙන පිරිසුදු ඇඳුම්වලින් සැරසුණු ඔහු තම මී වාහනයේ නැගී භක්තිවන්තයාගේ ගෙදරට ගියේය.   
“මං එන්න හුඟාක් රෑ වෙයි. ඒනිසා ඔබ ගෙදර යන්න.”   


ගනේෂ් මීයාට පැවසුවේය.   


“එතකොට ඔබ අාපහු එන්නේ?” 


මීයා විමසුවේය.   


“ඒ හැටි දුරකුත් නැති නිසා ඕනෙ නම් මට ඇවිදගෙන එන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් මම ඔබට කෙසේ හෝ පණිවිඩයක් එවන්නම්. ඔබ ​ෙ​ෙකලාස මැදුරට වී විමසිල්ලෙන් ඉන්න.”   


“හොඳයි.”   


මීයා ආපසු හැරී කෛලාස මැදුරට ගියේය.   


ගනේෂ තම භක්තිවන්තයාගේ නිවෙසට ඇතුළු විය. එවිටම නිවෙස් හිමියෝ පැමිණ මහත් හරසර පා ගනේෂ පිළිගත්හ.   


“එන්න ඇතුළටම.”   


“ගනේෂ් වහා භක්තිවන්තයාගේ නිවෙසට ඇතුළු විය. ඔහුට කැවුම් සුවඳක් දැනිණි. ගනේෂ තම හොඬ වැළඳ සොලවමින් කෑම මේසය දෙස බැලුවේය. කැවුම් පමණක් නොව තවත් පැණි රස කෑම වර්ග රැසක්ම මේසය මත තිබිණි. එම කෑම වර්ගවලින් විහිදෙන විවිධ සුවඳ වර්ග එකතුවී අමුතුම සුවඳක් වහනය විය. ඒ සුවඳ ගනේෂගේ මුවට කෙළ උනන තරම් විය.   


ගනේෂ තොල පිට ලෙවකකා කෑම මේසය දෙස බලා සිටින හැටි දුටු නිවෙස් හිමියා ඔහුට කෑම මේසයට ආරාධනා කළේය.   


“උතුමාණනි, ඔබ කැමතිනම් මෙතැනටම එන්න.”   


ගනේෂ වහා නැගිට කෑම මේසයට ගියේය. කැවුම්, අතිරස, වැලිතලප ආදී වූ බොහෝ පැණි රස කෑම වර්ගවලින් එක බැගින් ගත් ගනේෂ ඒවා​ෙය් රස බැලුවේය.   


“හරිම ප්‍රණීතයි.”   


“ගනේෂ කීවේ සිනාසෙමිනි.”   


“වළඳන්න ඔබ වෙනුවෙන්මයි මේ සියලු රස කැවිලි හැදුවෙ.” 

 
නිවෙස් හිමියාගේ බිරිඳ පැවසුවාය.   


යළිත් වරක් සිනා නැඟූ ගනේෂ තවත් කැවුම් ගෙඩි කිහිපයක්ම ගෙන මුවෙහි රුවා ගත්තේය.   


හෝරා දෙකක් ගතවනවිට ගනේෂ කැවුම් පිඟානක් අතිරස පිඟානක් සහ තවත් රසකැවිලි පිඟන් හත අටක්ම හිස්කර තිබිණි. ඒ නිසා ඔහුට ඔහුගේ මහත බඩ ගෙඩිය ඔසොවා සිටීම ද අපහසු විය.   


“එසේ නම් මම පිටව යන්නම් මා එනතුරු මව සහ පියා බලාගෙනත් ඇති. මා නිවෙසට යනතුරු ඔවුන් නින්දට යන්නේ නැහැ.”   


ගනේෂ කීවේය.   


“උතුමාණනි, ඔබේ මී වාහනයට පණිවිඩයක් යවන්නද?”   


නිවෙස් හිමියා විමසුවේය.   


“එපා පොඩි දුරයිනෙ තියෙන්නෙ මම ඒ දුර ඇවිද යන්නම්”   


ඒ අයුරින් ටික දුරක් ඇවිද යනවිට ඔහුගේ පිරුණු කුසේ බරගතිය අඩු වනු ඇතැයි ගනේෂ කල්පනා කළ බැවිනි.   


“මොහොතක් රැඳී සිටින්න.”   


නිවෙස් හිමියාගේ බිරිඳ පැවසුවාය.   


“මේ සියලු රස කැවිලි අප පිළියෙල කළේ ඔබ වෙනුවෙන්මයි. එබැවින් මේ සියල්ල රැගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.”   


“හොඳයි.”   


ගනේෂ කීවේ ඉහවහා ගිය සතුටෙනි.   


ගෘහණිය ලොකු මල්ලක් ගෙනැවිත් ගනේෂගේ අතේ තැබුවාය.   


එයද පපුවට තුරුලු කරගත් ගනේෂ් නිවෙස බලා ඇවිදින්නට පටන් ගත්තේය. පිරුණු කුස මෙන්ම අධික ලෙස පැණි රස ආහාරයට ගැනීම යන හේතු නිසා ගනේෂට ක්ලාන්ත ගතියක් දැනිණි. ඔහු එක්වරම බිම ඇද වැටුණේය.   

 

ගනේෂගේ වචන ඇසුණු චන්ද්‍ර දෙවියා කලබල විය. ගනේෂගේ විපරීත හැසිරීම දුටු විට ගිය සිනාව හිර කර ගන්නට නොහැකිවීම ගැන චන්ද්‍ර දෙවියාට දුක සිතිණි. ඒ සමගම ඔහු කළ ශාපය ගැන චන්ද්‍ර දෙවියාට බිය සිතිණි. ශිව යනු දෙව්ලොව අතිශය බලගතු දෙවියෙකි. ඔහුගේ පුතු වන ගනේෂ සතුව ද ලොකු බලයක් තිබේ. එබැවින් ගනේෂගේ ශාපය බලගතුය.  


ඒ වන විට ඔහු භක්තිවන්තයාගේ නිවෙස පසුකර ගමනින් අඩකට වඩා නිමකර තිබිණි. එබැවින් ඔහු ඇද වැටෙන අයුරු ඔවුන් දුටුවේ නැත. අමාරුවෙන් නැගිටගත් ගනේෂ වටපිට බැලුවේ ලජ්ඡාවෙනි.   


“කව්රුවත් දැක්කද දන්නෙ නෑ, දැක්කොත් කියාවි මං පෙරේත කමට කාලා ඇදගෙන වැටුණා කියලා.”   


ඔහු යළිත් වටපිට බැලුවේය. අත වූ මල්ල වැටී ලිහී කැවුම් විසිරී තිබිණි.   


“අපරාදේ.”   


ගනේෂ බොහෝ දුකින් පැවසුවේය.   


ඊළඟ මොහොතේ වැටුණු කැවුම් ටික එකතු කර තම මල්ලේ බහාගත් ගනේෂ යළිත් බකල ගසමින් ඇවිදින්නට විය.   


ඒ වනවිට අහසේ සිටි චන්ද්‍ර දෙවියාට ගනේෂට වූ හදිය මොනවට පෙනිණ.   


“බඩ ඉස්මුරුත්තාවට එන තුරුම පැණි රස කාලා ඇවිද ගන්නත් බෑ. මෙහෙමත් පෙරේත දෙවියෙක්.”   


චන්ද්‍ර දෙවියා හඬ නඟා සිනාසුණේය.   


ගනේෂට ඒ සමච්චල් සිනාහඬ ඇසිණි. ඔහු වට පිට බලා අන්තිමේ උඩ බැලුවේය. සඳ සිනාසෙන හැටි ගනේෂ දුටුවේය.   


“බඩ ගෙඩිය උස්සගෙන යන්න අමාරුයි නේද?”   


චන්ද්‍ර දෙවියා යළිත් සමච්චල් කළේය.   


ගනේෂට ලජ්ජා සිතිණි. ඒ සමඟම හිතේ උපන්නේ කෝපයකි. ඔහු චන්ද්‍ර දෙවියා දෙස රවා බැලුවේය. සඳ යළිත් සිනාසුණේය.   


“මොකද හිනාවෙන්නෙ?”   


ගනේෂ විමසුවේය.   


“ඔබ ඇවිදින හැටි, වැටුණු හැටි දැක්කම මට හිනාගියා.”   


චන්ද්‍ර දෙවියා කීවේය.   


“එහෙමද? එහෙනම් මින් මනත කවදාවත් ඔබට අහසේ බැබලෙන්න නොලැබේවා කියලා මම ඔබට ශාප කරනවා”   


ගනේෂ කීවේය.   


ගනේෂගේ වචන ඇසුණු චන්ද්‍ර දෙවියා කලබල විය. ගනේෂගේ විපරීත හැසිරීම දුටු විට ගිය සිනාව හිර කර ගන්නට නොහැකිවීම ගැන චන්ද්‍ර දෙවියාට දුක සිතිණි. ඒ සමගම ඔහු කළ ශාපය ගැන චන්ද්‍ර දෙවියාට බිය සිතිණි. ශිව යනු දෙව්ලොව අතිශය බලගතු දෙවියෙකි. ඔහුගේ පුතු වන ගනේෂ සතුව ද ලොකු බලයක් තිබේ. එබැවින් ගනේෂගේ ශාපය බලගතුය.   


ඒ අනුව ඔහුට අහස අහිමිවීම නිසැකවම සිදුවනු ඇත. වහා බිමට බැස ගත් චන්ද්‍ර දෙවියා ගනේෂගේ දෙපා වැන්දේය.   


“මට සමාවෙන්න. මා ඔබට විහිළුවක් පමණයි කළේ. ඒ විහිළුවට මට අහසේ බැබලීම නැති කර දැමීම අසාධාරණයි උතුමාණනි.”   


චන්ද්‍ර දෙවියා පැවසුවේය.   


ගනේෂ නැවතී බැලුවේය. චන්ද්‍ර දෙවියා ඔහු ඉදිරියේ ගමන් මග හරස් කර ගෙනය.   


“මට සමාවෙන්න.”   


චන්ද්‍ර දෙවියා යළි ආයාචනා කලේය “ඔබගේ ශාපය ඉවත් කර ගනු මැනවි.”   


චන්ද්‍ර දෙවියා තම දෝතම එක්කර ගෙන වැඳගෙන සිටින හැටි දුටු විට ගනේෂගේ කෝපය පහවිය. එහෙත් තම ශාපය මුළු මනින් ඉවත් කරන්නට දැන් ගනේෂටද නොහැකි බව ඔහු දැන සිටියේය.   


“කණගාටුයි” දැන් මටත් මා කළ ශාප කිරීම ඉවත් කරන්නට බැහැ.”   


“උතුමාණනි.”   


චන්ද්‍ර දෙවියා කීවේය.   


“මට හෙටත් අහසේ බැබලීමට වුවමනායි.”   


“නමුත් මා කළ ශාපය මුළුමනින්ම ඉවත් කරන්නට මටද නොහැකියි. මට කළ හැක්කේ ඒ ශාපය මඳක් අඩු කිරීමට පමණයි.”   


“එසේ කරන්න උතුමාණනි.”   


චන්ද්‍ර දෙවියා ආයාචනාත්මක ස්වරයෙන් පැවසුවේය.   


“එසේ නම් මින් මතුවට ඔබේ ප්‍රමාණය ටිකින් ටික අඩුවී ගොස් එක් දවසක් මුළුමනින්ම නොපෙනී යාවි. පසුදා පටන් යළිත් ටිකින් ටික ඔබේ ප්‍රමාණය වැඩිවේවි. මසකට එක දවසක පමණයි ඔබට ඔය සිටින අයුරින් පිරුණු චන්ද්‍රයකු ලෙස බැබලීමට හැකි වන්නේ”   


ගනේෂ කීවේය.   


චන්ද්‍ර දෙවියා හිස සැලුවේය.   


ගනේෂට සිනාසී, තමන් කළේ බරපතළ වරදක් බැවින් ගනේෂ දුන් දඬුවම පිළිගෙන චන්ද්‍ර දෙවියා යළි අහසට ගියේය.   


ඒ ශාපය අදටත් එලෙසමය. 

 

 

 

 
ශාන්ත කුමාර විතාන