IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කීර්තිමත් පාලකයින් බිහිකරන සුපිරි ග්‍රහ බලය

නිදහස ලබාගත් දිනයේ සිට අප රට පාලනය කළ රාජ්‍ය නායකයින් රැසක් සිටි බව අපි දනිමු. ඒ හැම රාජ්‍ය පාලකයෙක්ම තම ධුර කාලය තුළ සුවිශේෂී මෙහෙවරක් කළ බව මම මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. මා මේ ලිපියෙන් පෙන්වාදීමට අදහස් කරන්නේ අප රට පාලනය කළ කීර්තිමත් රාජ්‍ය නායකයින් සිව් දෙනෙකුගේ කේන්ද්‍ර ඇසුරින් ඒ සුපිරි ග්‍රහබලය ඔබ වෙත පෙන්වාදීමටයි.   


අප රටේ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසි නායකයින් දේශපාලන පවුල් පසුබිම හා මුදල් පසුබිම මුල් කරගෙන දේශපාලනයට අවතීර්ණ වී ඇති බව පෙනේ. නමුත් සාර්ථක ප්‍රතිඵල ලැබූ නායකයින් කීපදෙනෙකි. ධනය, ජනබලය කොපමණ තිබුණත් සාර්ථක කීර්තිමත් පාලකයෙකුවීමට නම් ග්‍රහ බලය අත්‍යවශ්‍යයි.   


කේන්ද්‍රයට ප්‍රධාන වශයෙන් රවි, බුධ, සෙනසුරු යන ග්‍රහයින් තිදෙනා දේශපාලනඥයින් ඔසවා තබන ග්‍රහයෝ වෙති. මේ ග්‍රහයින් කුමන ආකාරයකින් හෝ බලවත්වීම සාර්ථක කීර්තිමත් පාලකයෙකුවීමට ඉවහල් වේ.   


1. රවි බලවත්වීම තුළින් - ශාරීරික පෙනුම, පෞරුෂය, නිර්භීතකම, ප්‍රසිද්ධිය, ගෞරවය ශ්‍රියාව මෙන්ම රජයේ ඉහළ තනතුරු හිමිවීමට හේතු වේ.   


2. බුධ බලවත්වීම තුළින් චතුර කථිකත්වය තුළින් - ජනතාව අවනත කරගැනීමේ හැකියාව ඇතිවීම.   


3. සෙනසුරු බලවත්වීම තුළින් - සාමාන්‍ය ජනතාව, දුක්විඳින ජනතාව දේශපාලනයේදී ඕනෑම දුකක් විඳ දරා ගැනීමේ හැකියාව අත්කර දෙයි. සාමාන්‍ය ජනතාවගේ ආකර්ශනය, සහයෝගය ලබාගැනීමට එය රුකුලක් වේ.   


4. සඳු බලවත්වීම තුළින් - නිරවුල් මනසක් ලැබේ. එය දේශපාලනයට අත්‍යවශ්‍ය වේ.   


5. ගුරු බලවත්වීම තුළින් - ආත්මාර්ථකාමී සිතුවිලිවලින් තොරව මිනිසුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරයි.   


6. සිකුරු බලවත්වීම තුළින් - සැප සම්පත් ලැබේ. 

 
7. කුජ බලවත්වීම තුළින් - හැකියාව, එඩිතරකම නිති ධෛර්ය ඇති කරයි. මෙම ග්‍රහයින් අතරින් රවි/බුධ/සෙනසුරු වඩාත් ප්‍රබල වේ. මෙම ග්‍රහයින් බලවත්වීම යන්නෙන් අදහස් කරන්නේ උච්ච ස්වක්ෂේත්‍ර රාශිගතව සිටීමයි.   


මෙම ග්‍රහවල පිහිටීම් අප රට පාලනය කළ පහත සඳහන් නායකයින් කේන්ද්‍ර ඇසුරින් පෙන්වාදීමට අදහස් කරමි.   


1. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා   

2. සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිතුමිය   

3. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා   

4. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා   


ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා   


මෙම කේන්ද්‍රයේ රවි/බුධ පරිවර්තන යෝගයක් ශනි සිකුරු බලවත්ව එනම් ස්වක්ෂේත්‍ර රාශිගතව සිටි නිසා කීර්තිමත් පාලකයකුවීමට එතුමාට හැකියාව ලැබුණි. මේ කේන්ද්‍රයේ තවත් සුවිශේෂී ග්‍රහ බලයක් නම් රවි බලවත්ව ගුරු වෙත දෘෂ්ටි හෙළීමයි. රවි 22 වන දෙර්කාණාධිපති වීම නිසා කෙසේ හෝ බලය ලබාගැනීමේ යෝගයක්ද දක්නට ලැබුණි. ඊට අමතරව මෙතුමාගේ කේන්ද්‍රයේ හර්ෂ යෝගය හා විමලා යෝගය යන යෝග දෙකද දක්නට ලැබේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දේශපාලනයට පිවිසි මෙතුමා ඩී.එස්. සේනානායක මහතාගේ රජයේ මුදල් ඇමැති විය. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට දෙවරක් විධායක ජනාධිපති විය. ගම්උදාව මහපොළ විවෘත ආර්ථික සංකල්පය හඳුන්වා දෙමින් අමිල සේවයක් කිරීමට මෙතුමාට හැකිවූයේ ඉහත සඳහන් ග්‍රහබලයන් නිසාය.   


ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය   


මෙම කේන්ද්‍රයේ රවි බුධ සිකුරු ගුරු ශනි බලවත්ය. එපමණක් නොව රවි දෙපස ගුරු සහ සිකුරු බලවත්ව සිටී. එය ශුභ උභයවාරි යෝගය ලෙස හඳුන්වයි. මේ යෝගය නිසාම මෙතුමියට විවිධ රාජ්‍ය සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකි විය. එපමණක් නොව මැතිණියගේ කේන්ද්‍රයේ රවි උච්චව බුධ සමග 8 වැන්නේ සිටී. මේ යෝග නිසා බලාපොරොත්තු නොවූ අයුරින් රාජ්‍ය පාලනයට පැමිණීමට මෙතුමියට හැකිවිය. බණ්ඩාරනායක මැතිනිය තම සැමියාගේ වියෝවෙන් පසු අහම්බෙන් දේශපාලනයට පිවිසි නායිකාවකි. ලොව ප්‍රථම අගමැතිනියවීම, නොබැඳි සමුළුව නායකත්වය ලැබීම සුවිශේෂී තත්ත්වයකි. විවිධ ජනසතු ව්‍යාපාර ආරම්භ කිරීම පාසල් රජයට පවරා ගැනීම විවිධ දූපත් තම රටට අයිතිකර ගැනීම ආදී ජනතා හිතවාදී සේවාවක් කිරීමට මැතිනියට හැකිවූයේ සුවිශේෂ ග්‍රහ බලයක් නිසාය. අවසාන භාගයේදී ප්‍රජා අයිතිය අහිමි වූවත් අගමැති ධුරයේ සිටියදී දිවියෙන් සමුගැනීමට හැකිවිය.   


හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා   


සාමාන්‍ය පවුලකින් ඉපදී නාගරික මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිසි මෙතුමාට විධායක ජනාධිපති ලෙස පත්වීමට දක්ෂ කථිකත්වය හේතුවිය. ගම් උදාව, ජන සවිය වැනි සංකල්ප තුළින් විශාල ජනතා සේවයක් කිරීමට මෙතුමාට හැකිවිය. දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මෙතුමාට හැකිවූයේ මෙතුමාගේ කේන්ද්‍රයේ සෙනසුරු උච්ච බලය නිසාය.   


දුෂ්ට ස්ථානාධිපති ගුරුත් 22 වන දෙර්කාණාධිපති සඳුත් ගජ කේසරි යෝගය සහිතව සිටීම නිසා උපක්‍රමශීලීව තම අරමුණ ඉටුකර ගැනීමට හැකිවිය.   


බුධ ශක්‍ර පරිවර්තන යෝගය නිසා කැපී පෙනෙන පෞරුෂයක් තිබුණි. 

 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා   


දශක 3 කට වැඩි කාලයක් පැවැති කුරිරු යුද්ධය නිමා කිරීමට මෙතුමාට හැකි විය. මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ග පද්ධති සහ අනෙකුත් මහා මාර්ග සංවර්ධනය කළේය. විදේශ බලවේගවලින් රට බේරා ගැනීමටද මෙතුමා සමත්විය. මේ කාර්යයන් ඉටුකර ගැනීමට මෙතුමාට හැකිවූයේ කේන්ද්‍රයේ තිබෙන ග්‍රහ බලය නිසාය. වෛශී යෝගය සිකුරු බලවත්වීම කුශ යෝගය ආදී සුවිශේෂී පොකුරු ග්‍රහයෝග මෙතුමාගේ කේන්ද්‍රයේ දක්නට ලැබේ. 1970 දී මන්ත්‍රීවරයෙකු වූ මෙතුමා විධායක ජනාධිපති ධූරය දක්වා යෑමට මෙම ග්‍රහබලය හේතුවූ බව කිව යුතුයි. දේශපාලනයට පිවිසෙන බොහෝ අයගේ කේන්ද්‍රවල රාජයෝග තිබුණත් ඒ හැම කෙනෙක්ම කීර්තිමත් පාලකයින් නොවේ. එයට හේතුව සුවිශේෂී ග්‍රහබලයක් නොමැතිකමයි.   


මෙම ග්‍රහ බලයක් නොමැතිව මුදල් බලය මත දේශපාලනයට පිවිසුන ඇතැම් අයගෙන් රටට සේවයක් කරන්නට නම් පෙර පිනට ආ ග්‍රහ බලයෙන් ලැබුණු ආශිර්වාදය අත්‍යාවශ්‍යයි. තම අරමුණ ජයගෙන සාර්ථක දේශපාලනඥයෙකු වීමට කේන්ද්‍රයේ ප්‍රධාන ග්‍රහයින් බලවත්වීම රාජයෝගවලින් සම්පූර්ණවීම අත්‍යවශ්‍ය බවද දේශපාලනයට පිවිස සිටින්නන් මතක තබාගත යුතු කරුණකි.   

 

ජනතාවට සේවය කිරීමට ලැබීමම මහත් කුසලයකි.   

 


ප්‍රවීණ ජ්‍යොතිර්වේදී   
විශ්‍රාමලත් විදුහල්පති   
කේ.ඩී.ආර්.පී. රාජකරුණා   
ගුරු සෙවන ජ්‍යොතිෂ්‍ය කාර්යාලය   
වතුරවෙල, කොස්ගොඩ   

 



අදහස් (0)

කීර්තිමත් පාලකයින් බිහිකරන සුපිරි ග්‍රහ බලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 667 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site