IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාමයට ලොල්වෙන ග්‍රහයෝග හඳුනාගෙන විවාහ වී දිවි ඇතිතාක් කිරිපැණි සේ ජීවත්වෙන්න

වර්ගයාගේ පැවැත්ම සහතික කර ගැනීම සඳහා උරුම සහජ බලවේගයකි කාම රාගය. මෙය එක් එක් අය විවිධාකාරව ඉටුකරගනී. එබැවින් ස්ත්‍රියකු හෝ පුරුෂයකු අති ධාවනකාරී ලෙස කම් සැපට යොමුකරන ග්‍රහ යෝග පිහිටීම් හඳහනකින් ඉතා අපූරුවට පෙන්වාදිය හැකි වන්නේ මේ ආකාරයටය. 
  
හඳහනේ කුජ සිකුරු සංයෝග වීම නිසා කිවිමංගල යෝගය පිහිටයි. කුජ හැඩිදැඩි අඟපසඟ ඇති නිර්භීත ධෛර්ය සම්පන්න සටන්කාමී කාමාධික තරුණයෙකි. කිවි චිත්තාකර්ෂණීය රූපයකින් හෙබි තරුණියකද වේ. මේ දෙදෙනා පුළුන්වලට ගිනි ළංවීමක් මෙනි. 


කාමාතුර තරුණයකු හා කලාකාමී තරුණියක එක්වූ විට තකට තක කිව හැක. ස්ත්‍රියකුට හෝ පුරුෂයකුට මේ යෝගය යෙදුණු විට කාමයෙන් අතිධාවනකාරී වේ. හඳහනේ කුමන ස්ථානයක හෝ යෙදුණොත් අධි සරාගී තත්ත්වයට පත්වන අතර කුජට අයත් මේෂ වෘෂ්චික රාශිවලදීත් කිවිට අයත් වෘෂභ තුලා රාශි තුළදීත් බොහෝ තියුණු වේ. එම රාශි වලදී අවසර කල් රහස් තැන කීවොත් නිවැරැදිය. 


වෘෂභ ධනු ලග්න හිමියන්ද මෙම යෝගය ඇතිවූවිට කාමයට ලොල්ව ඇදීයන අතර ශත්‍රැ ග්‍රහයන්ගේ දර්ශනයට ලක්වුවොත් වඩා තියුණු වන බව මෙසේ පෙන්වා දිය හැක. 


සයපතිව සිකුරා

කුජ සමග සිටි එවරා 

කම්ලොල් වෙයි තිරා

රුදු දුටොත් කම් ලෝලීන් ඉතිරා


මේ ග්‍රහ සංයෝගය ඇතිව උපන්නෙකු තරුණ වියට පත්වීමේ සිටම විරුද්ධ ලිංගිකයන් වෙත අවධානය යොමු කරයි. 


හඳහනේ කුජ සඳු සංයෝගයට වන චන්ද්‍ර මංගල යෝගයද එවැන්නකි. චන්ද්‍රයා සියුමැලි රූමතියක නිසා ඉහත ප්‍රතිඵලයම අත්වේ. එවිට අභිමානයක් ඇති නොවේ. විවාහක කාන්තාවන්, වයෝවෘද්ධ කාන්තාවන් විරූපී කාන්තාවන් කුඩා දැරියන්, මෙහෙණියන් වෙසඟනන් සමග හෝ තම ගින්න නිවාගනී. එවැනි ස්ත්‍රීහුද භික්ෂුවක අංග විකලයකු කුලහීනයකු, මහල්ලෙකු, ලොකු කුඩා නොසලකා පිරිමි අඟ පසඟයට ලොල්ව සැපත ඉටුකර ගනිති. කටක ලග්න හිමියනට ලග්නයේ මේෂයට 4 වැන්නේ මකර හිමියාට 7 වැන්නෙත් තුලාවට 10 වැන්නේත් මෙම යෝගය යෙදේ. 


කුජ සමග රාහු හෝ කේතු යෝගවී 5 හෝ 7 වැන්නේ සිටීම හෝ 5, 7 වැන්න අධිපතීන් සමග යෝගවීම නිසාද කාමයට ලොල් වේ. ඉවක් බවක් නැතිව පරම සුවය සඳහා පෙම් සබඳතා ඇති කරගෙන හිතේ හැටියට තම ආශාවන් ඉටුකර ගනී. හඳහනක 5 වැන්න ප්‍රේම සබඳතා පෙන්වන ස්ථානය නිසා කුජ රාහු වැනි අති ධාවනකාරී ග්‍රහයන් සිටීමෙන් එසේ සිදුවේ. විවාහ වීමෙන් පසුවද ඔවුන් ඒ ලෙස කම්සැප ඉටු කරගනී. 


කුජ නීච වී සිටින විට ජන්මියා සරාගී බවට පත් වේ. කිවි සඳු යන ස්ත්‍රී ග්‍රහයින් සමග රාහු යෝගවීමෙන්ද කාමෝන්මාදයට පත්ව හිතා බැලීමක් නැතිව හිරි ඔතප් නැතිව ප්‍රසිද්ධියේ කම් සැප විඳගනී. පුරුෂයෝද විවාහයට ප්‍රථමයෙන් විරුද්ධ ලිංගික සමලිංගික කායික ඇසුරට යොමුවෙති. විවාහ වූ පසුවද රහසින් කාමයේ ඇලී ගැලී යයි. 8 වැන්නෙහි මෙම යෝගය යෙදීමෙන් කාමය පසුපස ගොස් මරණයද සිදුකර ගනිති. 


සඳු කේතු සංයෝග වුවොත් තරුණ තරුණියෝ රහසින් කාමරාගය සිඳුවාගනිති. මේෂ, වෘෂ්චික, වෘෂභ, තුලා, මකර රාශිවල මේ යෝගය යෙදුණොත් ඒකාන්තයෙන්ම ඔහු හා ඇය කාමාශක්ත බවට පත් වේ. 
හඳහනේ 8 අධිපති හෝ 9 යට අධිපති කුජ රාහු ශනි වැනි පාපී ග්‍රහයන් සමග යෝග වී 8 වැන්නේ හෝ 6 වැන්නේ සිටින ස්ත්‍රීහු විවාහයෙන් පසු පර පුරුෂයින් පසුපස හඹායති. 


චිත්ත සන්තානය පිළිබඳ බලපෑම් ඇතිකරන සඳු නීච වී සිටීමද චරිත පාරිශුද්ධිය අතින් අයහපත් පිහිටීමකි. කුජ හිමි වෘෂ්චික රාශියේදී සඳු නීච වේ. චන්ද්‍රයා නීචව උපන් ස්ත්‍රිය හෝ පුරුෂයා ලෞකික ජීවිතය කෙසේ හෝ සාර්ථක කරගැනීමට යුහුසුලුවේ. ධනය, බලය, නිලය උදෙසාම කටයුතු කරයි. ස්ත්‍රියක් නම් මේවා ලබාගැනීම සඳහා තම ශරීරය පවා කැප කරයි. ඒ අය ගණිකාවන් ලෙස හැඳින්විය හැක. 


ඉහත කරුණු කාරණා පමණක්ම නොව ජ්‍යොතිෂයයේ එවැනි ව්‍යහිවාරි ග්‍රහ යෝග බහුලව ඇත. එනිසා විවාහයට පෙර සහකරු හෝ කාරිය තෝරා ගැනීමේදී එම දෙපළගේ හඳහන්වල පිහිටා ඇති යෝග සමසේ පිහිටා ඇත්දැයි හඳුනාගෙන විවාහ වුවොත් ඔවුන් දිවි ඇති තෙක් කිරිපැණි සෙයින් රන්රස ලෙසින් කාන්දමට යකඩය එක්වන්නා මෙන් යැයි කිව හැක. 

 

 

 


ඉඳුවර ගෞරව සම්මානනීය ජ්‍යොතිෂ්‍යජෝති 
ජිනදාස එදිරිසිංහ 
පොලිසිය අසල 
රඹුක්කන

 



අදහස් (0)

කාමයට ලොල්වෙන ග්‍රහයෝග හඳුනාගෙන විවාහ වී දිවි ඇතිතාක් කිරිපැණි සේ ජීවත්වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site