IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාමයට අධිපති සිකුරුත් විවාහ කඩාදැමීමට හපන් කුජයාත් මැඩලීමට ගුරුගේ බලය වැදගත් වේ

විවාහය ස්ත්‍රී - පුරුෂ දෙදෙනකුගේ ඇතිවීමට නැතිවීමට මුළුමනින්ම හේතු සාධක වන අතර ඔවුන්ගේ සැප හෝ දුකද මිනිය හැකිය. විවාහය සාමූහික සම්බන්ධයක් නිසා මානසික හා භෞතික වර්ධනයක් ඇති කෙරෙයි. සිකුරු ග්‍රහයා විවාහ කාරකයාය. මොහු බලවත් වුවොත් විවාහය ක්‍රමානුකූලව සැපවත්ව හැඩගස්වා ගැනීමට ගුරු පසුබිම සකසාදෙයි. කම්පලය, විශ්වාසය, ප්‍රභූත්වය හා ලෝකෝත්තර සැප ලබාදෙන්නේත් ගුරු ග්‍රහයාය.  

සිකුරු බලවත් වූ විට කාමයට අධිපතිව ලිංගික ජීවිතය කෙරෙහි ප්‍රධාන වන නිසා පර අඹු සැමියන් සොයා යන කාම උමතුව මැඩලීමට ගුණගරුක ගුරුගේ බලය වැදගත් වේ. කුජ හා සිකුරු විසින් කරනු ලබන කාමුක හැඟීම් අතිධාවනයේ යෙදවීමෙන් විවාහ දිවිය කඩා දමයි. එනිසා විවාහය කඩා බිඳදමන්ට කුජ හපනෙකි. නමුත් ගුරුගේ සෞම්‍ය ගුණගරුකත්වය හොඳට ලැබුණොත් කුජට හිතුවක්කාරකම් කිරීමට නොහැකිවේ. ඊට හේතුව පුද්ගලයා ගුණගරුක මනසින් යුක්තවන නිසාය.  


ශනි ග්‍රහයා විවාහ දිවියේදී මුදල් හිඟය, කලකෝලාහල කලකිරීම් ඇතිකරවයි. මෙහිදී කුජ, සිකුරු බාධක නොවීම බො​හෝ වැදගත්වේ. එනිසා ගුරු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නැතිනම් විවාහ දිවිය කටුකව අවාසනාවන්ත සිදුවීම් වලින් වලකා ගත හැකිවේ.  


ඒ අනුව 2, 12, 6, 8 අධිපතියේ 5 වැනි භාවයේ යෙදීම ජීවිතය අවුල් කරයි. 7 අධිපති ලග්නය 5 - 9 යන ස්ථානවල යෙදීම උසස් විවාහයක් ලබාදෙයි. 7 අධිපති ශුභ රාශිගතවීම ඉතා වටිනා යෙදීමකි. 9, 11, 4 රාශි ගතවීම සැප සම්පත් විවාහයක් ගෙනදේ. වෘෂභ ලග්න කරුවකුගේ කුජ 9 යේ යෙදුනද යහපත් විවාහයක් ඇතිවුවත් ආගමට ලැදි නොවේ. 4 වැන්නේ යෙදීමෙන් භූමි වස්තු ගේදොර හිමිවේ.  


සිංහ ලග්නකරුවකුගේ 4 ශනි සිටීමෙන් කාර්මික අංශයට බරවූ අයකු සමග විවාහයද 9 ශනි සිටියොත් ආර්ථිකයෙන් පෝෂණයවූ විවාහයක්ද, 11 ශනි නම් කීකරු බිරියක් ස්වාමියකු ලැබේ. 7 වැන්න බාධක වුවොත් සැපයෙන් හීනවේ. ධනු, මීන, මිථුන, කන්‍යා ලග්න හිමියන්ද එසේමය. එම ලග්න හිමියන්ගේ 7 බාධක ස්ථානය වේ.  


ධනුවට මිථුන 7 වේ. එය බාධකය. මීනයට කන්‍යාව 7 වේ. එය බාධක ස්ථානය වේ. මිථුනට, ධනුද කන්‍යාවට මීන ද හත්වැන්න බාධක වේ. එවැනි අයගේ 7 අධිපතියා 12, 2, 3, 6 රාශිගතවූ විට විවාහ ප්‍රමාද කරයි. එම රාශි අධිපතියන් හා යෝග වූ විට තදබල අපල විවාහ ප්‍රමාද වීමද විටෙක විවාහයක් නොවී වැන්දඹු භාවයේම තබයි. යෝජනා කොතරම් ආවත් යටපත්වී ඉටු නොවේ. ධනු, මීන, මිථුන, කන්‍යා ලග්නකරුවන්ට විවාහ අසාර්ථක වන්නේ ඔවුන් සුදුසුකම් සොයමින් යන පණ්ඩිතකම නිසාය.  


ශාස්ත්‍රීය, අධ්‍යාපනය, ගුණදම්වලට අධිපති බුධ පාපී නපුංසක ග්‍රහයෙක් වන අතර ලෝකෝත්තර පැත්තට නැඹුරුවේ. මේ බුධ ගුරු ලෞකික සුවයට කාමුක ඉන්ද්‍රියන් පිනවීමට කැමති නැත. බුද්ධිය වර්ධනය කරගැනීමට උත්සාහ දරයි. එවැනි තැන සිකුරුගේ වාසයට නුසුදුසු වේ. කුජ සිකුරු බල අධිකයා බුධ, ගුරුගේ ස්ථානයට ආශා නොදක්වයි. අහස පොළොව ​ෙමන් විරුද්ධ වේ. විවාහය දෙදරයි. දික්කසාද වේ.  


ඉගෙනීමට ලොල්වන බුද්ධිමත් අය පොතපතටම ඇලී ගැලී සිටීමෙන් විවාහ ජීවිතය සාර්ථක නොවේ. සැපයද අඩුවේ. එබැවින් සමගියෙන් සාර්ථකත්වය ඇතිකරගෙන විවාහ වීමට සහකරුගේ හෝ සහකාරියගේ හඳහන් ගළපා විවාහවීම ඔබට සැනසිල්ල ගෙනදේ. එය ඔබේ ජීවිතයට ආලෝකයක්ම වෙයි.  

 

 

 


ගුප්ත විද්‍යාකීර්ති වාස්තුවිද්‍යා උපදේශක  
ජිනදාස එදිරිසිංහ  
පොලිසිය අසල
රඹුක්කන



අදහස් (0)

කාමයට අධිපති සිකුරුත් විවාහ කඩාදැමීමට හපන් කුජයාත් මැඩලීමට ගුරුගේ බලය වැදගත් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site