IMG-LOGO

කුජ දෝෂය

විවාහ වන වයසේ සිටින හැම දෙනාටම කුජ ග්‍රහයා මහා ප්‍රශ්නයක් වී තිබේ. ඒ හඳහනේ කුජ දෝෂය යෙදීම නිසයි. කුජ ​දෝෂය තිබෙන කේන්ද්‍රයක්ම ගැළපිය යුතු යැයි ප්‍රසිද්ධ මතයක් තිබේ. එමෙන්ම විවාහය පමාවන්නේ කුජ දෝෂය නිසා යැයි පිළිගැනීමක්ද ඇත.   


මෙම මත සම්පූර්ණයෙන් සත්‍ය නොවෙයි. නමුත් යම් ප්‍රමාණයක සත්‍යයක් ද ඇත. කුජ දෝෂය යෙදෙන්නේ කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8 ,12 යන ස්ථානවල කුජ හෙවත් අඟහරු පිහිටීම නිසයි.   


කුජ යනු ප්‍රබල පාප ග්‍රහයෙකි. ඔහු සිටින ස්ථානවලට අයත් කරුණුද, දකින ස්ථානවලට අයත් කරුණුද දුර්වල කිරීම, කඩා බිඳ දැමීම කුජගේ ස්වාභාවයයි. ඒ අනුව විවාහය සම්බන්ධ 7 වැන්න හා විවාහයෙන් පසු ජීවිතය ගැන කියවෙන 2 වැන්න කුජගෙන් පීඩා වූ විට විවාහය තරමක් ප්‍රමාදවීම, විවාහයෙහි යම් යම් ගැටලු මතුවීම දක්නට ලැබේ.   
නමුත් කුජ දෝෂය යෙදුණ පමණින් හැමදෙනාටම මෙම විපාක ලැබෙන්නේද නැත. විවාහයෙහි ගැටලු ඇතිවිය හැකි බවට ඉඟියක් කුජ දෝෂය විසින් ලබා දෙයි. එය ස්ථිර නැත. විවාහය හෝ එහි පැවැත්ම කුජගෙන්ම තීරණය කිරීම වරදකි. විවාහයට බලපාන තවත් සාධක ගණනාවක් තිබේ.   


එනම් හත් වැන්න, එය අධිපති, විවාහ කාරක සිකුරු කුජට වඩා විවාහයට බලපානු ලබයි. එ් නිසා කුජ හතේ පිහිටි පමණින් හෝ කුජ දෝෂය යෙදුණු පමණින් විවාහයට එම කේන්ද්‍රය අයහපත් යැයි සිතීම සාධාරණ නැත. හත්වැන්න බලවත් වූ විට හත්වැන්න අධිපති බලවත් වූ විට සිකුරු බලවත් වූ විට කුජ දෝෂය එතරම් බලපාන්නේ නැත. නමුත් කුජ​ දෝෂය යෙදුණු විට විවාහය තරමක් ප්‍රමාද විය හැකියි.   


අවශ්‍ය ශාන්තිකර්මවල යෙදීමෙන් එම ප්‍රමාදය ද වළක්වා ගත හැකිය. එසේ නොමැතිව කුජ දෝෂය යෙදුණු පමණින් විවාහය අසාර්ථක වන්නේ නැත. නමුත් විවාහය සම්බන්ධ කරුණු දුර්වල වී කුජ දෝෂයක් පිහිටීම යහපත් නැත. කුජ දෝෂය තිබෙන කේන්ද්‍රයට කුජ දෝෂය තිබෙන කේන්ද්‍රයක්ම ගළපනු ලබයි. එය විසෙන් විස නැසීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමකි. වෘෂභ හා තුලා ලග්න හිමියන්ට කුජ දෝෂය එතරම් බලපාන්නේ නැත. එයට හේතුව වෘෂභ තුලා ලග්න හිමියන්ගේ 7 අධිපති හෙවත් විවාහය පිළිබඳ වගකීම ඇති ග්‍රහයා වීමයි.   


කුජ කාමය නිවේදනය කරන එක් ග්‍රහයෙකි. කුජ විවාහයට ලිංගිකත්වයට කැමතිය. එහෙයින් කුජ දෝෂය යෙදීම නිසා විවාහයට ඇති කැමැත්ත නැති වන්නේ නැත. කුජ දෝෂය තිබෙන කේන්ද්‍රවල විවාහය පමා කරන තවත් යෝග පිහිටයි. එවැනි දෝෂද පවතී නම් තද බල ලෙස විවාහය ප්‍රමාද වනු ඇත. නැතහොත් අතරමගදී විවාහය ගැටලුකාරී වේ.   
විවාහයට අසුබ පිහිටීම් හඳුනා ගෙන ඒවාට පිළියම් කළ යුතුය. විවාහයට බලපාන ග්‍රහයන් ශක්තිමත් කළ යුතුයි. බොහෝදුරට කුජ දේෂය තිබෙන අයට ලැබෙන්නේ හිතුවක්කාර ගති ඇති සහකරුවකු හෝ සහකාරියකි. විවාහය ගැටලුකාරී වීමට එයද එක්තරා හේතුවක් වේ.   


කුජ දෝෂය බිඳෙන පිහිටීමද ජ්‍යොතිෂයේ තිබේ. එම දෝෂ භංග වන පිහිටීම් අනුව කුජ දෝෂයේ විපාක තවදුරටත් වෙනස් වෙයි. හරියටම කුජ දෝෂය පිහිටන්නේ ඉතා කලාතුරකින්ය.   


එමෙන්ම කුජ 7ට කුජ හතේ සිටින කේන්ද්‍රයක්ම අවශ්‍ය නැත. 1, 2, 4, 7, 8, 12 යන ඕනෑම තැනක කුජ සිටින කේන්ද්‍රයක් ගැළපෙයි. පොරොන්දම්වල ගැළපීම් අනුවද කුජ දෝෂයේ බලපෑම අඩු වැඩි වේ. 

 

 

 
වාස්තුවිද්‍යා උපදේශක ජ්‍යොතිෂ්‍යාචාර්ය   
අනුරාධ පෙරේරා. 



අදහස් (0)

කුජ දෝෂය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site