
අලුත් ඩයිනසෝරයකු පිළිබඳ අපූරු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට, ඕස්ට්‍රේලියා පොසිල විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙතෙක් හමුවී ඇති ලොව විශාලතම ඩයිනසෝරයන් අතරට මෙම නව ඩයිනසෝරයා ද අයත් වන බව පැවසෙයි.
පොසිල විද්‍යාඥයන් මෙම නව දැවැන්තයා නම් කර ඇත්තේ, ‘ඔස්ට්‍රලෝටයිටන්‘ එසේත් නැතිනම් ‘සදර්න් ටයිටන්‘ යන නමිනි. මේ ඩයිනසෝරයා ගාත්‍රා 4 න් ඇවිද්ද, ශාක භක්ෂක සෝරපෝඩ් පවුලට අයත් ඩයිනසෝරයෙකි.
ඔස්ට්‍රලෝටයිටන්ගේ දිග මීටර් 25 ක් හෝ 30 ක් බවත්, දිග මීටර් 5 ත් 6.5 ත් බවත් පැවැසෙයි. ඒ අනුව, මෙම ඩයිනසෝරයා දෙමහල් ගොඩනැගිල්ලක් තරම් උසය. බාස්කට් බෝල් ක්‍රීඩා පිටියක් තරම් දිගය. ඩයිනසෝරයාගේ පොසිල අස්ථි සොයා ගැනීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ‘පියර් ජේ‘ විද්‍යා ජර්නලයේ පළ වී තිබේ.

”ඕස්ට්‍රේලියානුවන් හැටියට අපට සතුටු වෙන්නත් ආඩම්බර වෙන්නත් මේක හොඳ අවස්ථාවක්. ලෝකයේ මෙතක් හමුවුණු යෝධ ඩයිනසෝරයන් අතරට එක්වුණු ඔස්ට්‍රලෝටයිටන් ඕස්ට්‍රේලියාවෙන් සොයා ගත් විශාලතම ඩයිනසෝරයායි.” යැයි පොසිල අස්ථි සොයා ගැනීමට සම්බන්ධ වුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යාඥ ස්කොට් හොක්නුල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
“ශාක භක්ෂක මේ ඩයිනසෝරයාට දිගු බෙල්ලක් සහ දිගු වල්ගයක් තිබුණා. දැවැන්ත සිරුර සමබරව පවත්වාගෙන යෑමට ඒ වල්ගයත් බෙල්ලත් උපකාරී වුණා. මේ ඩයිනසෝරයා අප කවුරුත් පොත්පත්වලින් සහ චිත්‍රපටවලින් දැක ඇති බ්‍රැකියෝසෝරස් ඩයිනසෝරයෙක් වගේ. ඒත් මෙයා ඊට වඩා විශාලයි. දැවැන්තයි. ටයිටනෝසෝරියන් යන නමින් අප හඳුන්වන දැවැන්ත ඩයිනසෝරයන් අතරට අයත් කෙනෙක්“ යැයි ස්කොට් හොක්නුල් වැඩි දුරටත් කියා සිටී.

පොසිල අස්ථි හමුවී ඇත්තේ කූපර් නමැති දිය පාරට නුදුරිනි. ඒ අනුව, ‘කූපර්‘ යන නමින් ද ‘ඔස්ට්‍රලෝටයිටන්‘ හැඳින්වෙයි. ‘ඔස්ට්‍රලෝටයිටන්‘ ජීවත් වන්න ඇතැයි පැවැසෙන්නේ මීට අවුරුදු මිලියන 90 කට පෙර ක්‍රිටෛයිසීය අවදියේ යැයි, පොසිල අස්ථි විශ්ලේෂණයෙන් තහවුරු වී අවසන්ය.
‘ඔස්ට්‍රලෝටයිටන්‘ ඩයිනසෝරයාගේ බර ටොන් 67 කි. ඩයිනසෝරයාගේ පොසිල අස්ථි පළමුවෙන් හමුවී ඇත්තේ 2006 දීය. හමුවුණු අස්ථි නව යෝධ ඩයිනසෝරයකුගේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඒවා වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුවය.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd