IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


උදාවූ අසිරිමත් සුරගුරු මාරුව ඔබට කොහොමද ?

සුරගුරු හෙවත් බ්‍රහස්පති 2018 ඔක්තෝබර් මස 11 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජ හිමි වෘශ්චික රාශියට මාරුවේ. ගුරු ග්‍රහයා එක් රාශියක් තුළ දළ වශයෙන් වසරක පමණ කාලයක් තැන්පත්ව සිටී. ගුරු ග්‍රහයාට රාශි චක්‍රය වටා යාමට වසර 12 ක පමණ කාලයක් ගත වේ. ගුරු වෘශ්චික රාශියට ඇතුළු වන්නේ වසර දොළහකට පසුවය. සුරගුරු 2018 ඔක්තෝබර් මස 11 වන දින සිට 2019 නොවැම්බර් මස 05 වන දින දක්වා මෙම රාශියේ සිය බලය පතුරවමින් සිටී.   


ග්‍රහ ලොව පුරෝහිතතුමා ලෙස හඳුන්වන ගුරු ප්‍රවිෂ්ට වන්නේ වෘශ්චික රාශියටය. වෘශ්චික රාශිය කුජට අයත්ය. කුජ ග්‍රහලොව සෙන්පතිතුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහමාරුව පුරෝහිතතුමා සෙන්පතිතුමාගේ භවනට යෑම හා සමානය.   


ප්‍රඥාවට, ආගම දහමට, නීතියට අධිපති මෙන්ම ධනකාරක හා පුත්‍රකාරක ගුරු ග්‍රහයා සුරගුරු, බ්‍රහස්පති, මන්ත්‍රී යන නම් වලින් හැඳින්වෙන අතර ධනු හා මීන ලග්නවලට අධිපති වේ. විසා, පුවපුටුප, පුනාවස නැකැත් ගුරුගෙන් පාලනය වේ. ගුරුට හිමි දශා කාලය පුරා වසර 16 කි. කටක රාශියේ ගුරු උච්ච වන අතර ධනු හා මීන රාශිවල ස්වක්ෂේත්‍ර බලය ලබයි. මකර රාශියේ නීච නම් දුර්වල තත්ත්වයන්ට පත්වේ. යම් ජන්ම පත්‍රයක ගුරු 01 වන භාවයේ තැන්පත් වී ඇති නම් එය දිග්බලය යැයි කියනු ලැබේ. එවිට ගුරු බලවත් වී සුබඵල දෙනු ඇත. සිල්වත් උගත් ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, බුද්ධිමත්හු, ගුරුවරු, විද්‍යාඥයෝ, වෛද්‍යවරු, මහාචාර්යවරු හා ශිෂ්‍යයෝ ගුරුගෙන් නියෝජනය වෙති. ජන්ම පත්‍රයක ගුරු බලවත් වීමෙන් යහපත් ගුණධර්ම වලින් යුක්ත වූ පුද්ගලයෙක් බිහි වේ. ප්‍රඥාවන්තයකු වීම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුක්තවීම, ප්‍රියමනාප පෙනුම හා උසස් ඉගෙනීම ලබාදෙයි. ගුරු ග්‍රහයා අසුබව යම් ජන්ම පත්‍රයක පිහිටි විට අහංකාර කෙලෙහිගුණ නොදත්, ධනය විනාශ කරන බුද්ධිය හීන හා ලේ විෂවීම්, අක්මා රෝග, සෙංගමාලය, දියවැඩියාව යන රෝගවලට හිමිකම් ඇතිවේ.   


ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි   


මේෂ - ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ හත්වැන්නේ සිට අටවැන්නට පැමිණීම එතරම් යහපත් නොවේ. ඔබ ඉතාමත් කාර්ය බහුල වේ. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. විදේශ ගමන්වලට තරමක බාධා අැතිවේ. දරුවන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. වාසනාවට වඩා ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමෙන් සියලු බාධා ජය ගත හැකි වේ. මේ අතර ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන්න.   


වෘෂභ - ගුරු ග්‍රහයා හයවැන්නේ සිට හත්වැන්නට මාරුවීම සුබඵලදායකයි. පසුගිය වසරට වඩා සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ආදායම් සතුටුදායක වේ. හවුල් ව්‍යාපාර වලින් අපේක්ෂිත ලාභ ලැබේ. මේ අතර අවිවාහක අයට මංගල යෝග උදා වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කරන නිසා සෙනසුරු අපලයට අදාළ ග්‍රහශාන්ති කර්මවල නිරතවන්න.   


මිථුන - ගුරු ඔබේ කේන්දරයේ පස්වැන්නේ සිට හයවැන්නට පැමිණීම එතරම් සුබදායක නොවේ. වියදම් පාලනය කරගන්න. විවාහ සහකරු සමග මතභේද ඇතිවීමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාකාරී වන්න. අවිවාහක අයගේ මංගල යෝජනාවලට තරමක බාධා ඇතිවිය හැකියි. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඔබේ රැකියා හා ව්‍යාපාරික ස්ථානයේ සේවක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකියි. කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග ඇති අය ප්‍රවේසම් වන්න.   


කටක - ගුරු හතරවැන්නේ සිට පස්වැන්නට පැමිණීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට සුබදායක වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ආයෝජන කටයුතු වලින් ලාභ ලැබීමට ඉඩ ඇත. මේ අතර ලොතරැයි දිනුම් වැනි හදිසි ධනලාභ ලැබීමට හැකියි. පෙම්වතුන්ට සුබදායක වන අතර අවිවාහක අයට මංගල යෝග උදා වේ. දරුඵල අපේක්ෂිත අයට වාසනාවන්ත දරුවන් ලැබේ.   


සිංහ - ගුරු තුන්වන්නේ සිට හතරවැන්නට පැමිණීම මිශ්‍රඵලදායක වේ. ගෘහජීවිතය සතුටින් ගතකළ හැකි වේ. නිවසේ දියුණුවට කටයුතු කිරීමට සිත යොමුවේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වන අතර ස්වයංරැකියා වලින් ලාභ ලැබේ. දෙමව්පියන්ට සුබදායක වේ. මේ අතර පදිංචිය පිළිබඳ ගැටලුද ඇති විය හැකියි. දරුවන්ගේ ඉදිරි දියුණුවට කටයුතු කිරීමට සිදුවේ.   


කන්‍යා - ගුරු ඔබේ කේන්දරයේ ධනස්ථානයේ සිට තුන්වැන්නට මාරුවීම එතරම් සුබ නොවේ. අසල්වැසියන් සමග ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. ආගම දහමට සිත යොමු වේ. වන්දනා ගමන් යෙදේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. මේ අතර සහෝදර සහෝදරියන් අතර අසමගිකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. 

 
තුලා - ගුරු ධනස්ථානය වන දෙවැන්නට මාරුවීම සුබදායක වේ. බලා​ෙපරොත්තු වූ ණය මුදලක් ලැබේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි වේ. පසුගිය වසරේ කරන ලද තම රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. ඔබගේ කතාව නිසා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී වාසිදායක වේ. බාල සහෝදරයන් හා අසල්වාසීන් සමග සුහදතාව වැඩි වේ.   


වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ මෙතෙක් දොළොස්වැන්නේ ගමන් කළ ගුරු ග්‍රහයා ලග්නයට පැමිණීම පසුගිය වසරට වඩා සුබඵල ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට සුබදායක වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. මේ අතර ආගම දහමට නැඹුරු වන අතර වන්දනා ගමන්ද යෙදේ.   


ධනු - ඔබේ ලග්නාධිපති හා හතරවැන්නට අධිපති ගුරු දොළොස්වැන්නට මාරුවීම එතරම් සුබ නොවේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. ගෘහ ජීවිතය ඉතා ඉවසිලිවන්තව ගත කරන්න. මාපියන් ගැන වෙනදාට වඩා සැලකිලමත් වන්න. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. නිතර නිවසින් දුර බැහැර ගමන් බිමන් යෙදේ. ගුරු දශා ගත කරන අය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. සෙනසුරු ලග්නයේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත් වන්න.   


මකර - සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට ගුරු මාරුවීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබඵලදායකයි. ආදායම් තත්ත්වය යහපත් වේ. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන අතර නව රැකියා ලාභ හිමිවේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. වැඩිමහල් සහෝදරයින්ට සුබයි. අසල්වැසියන් අතර සුහදතාව වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.   


කුම්භ - ගුරු නමවැන්නේ සිට දසවැන්නට මාරුවීම මිශ්‍රඵලදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ඉහළ තනතුරු ලැබේ. නව රැකියා ලාභ හිමිවේ. ඔබට අවිවේකී කාලයක් උදාවේ. ගෞරව ප්‍රශංසාව ලැබේ. නිවාස හා ඉඩම්වල දියුණුව ඇති වේ. ගෘහ ජීවිතය සාර්ථක වේ. මේ අතර සෞඛ්‍ය ගැන තරමක් සැලකිලිමත් වන්න.   


මීන - ඔබේ ලග්නාධිපති හා දසවැන්නට අධිපති ගුරු ග්‍රහයා අටවැන්නේ සිට භාග්‍යස්ථානයට ගමන් කිරීම සුබඵල උදාකරයි. මෙතෙක් අටවැන්නේ ගමන් කළ ගුරු සෞඛ්‍ය ගැටලු හා සිත්තැවුල් ඇති කල අතර ඉදිරි වසර සුබ වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පෙරපින, වාසනාව හා දෙවිපිහිට ලැබේ. පූජ්‍ය පක්ෂයේ හා යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මේ අතර විදේශ ගමන් සාර්ථක වේ. දරුවන්ට සුබයි. දුර වන්දනා ගමන් යෙදේ. ආගම දහමට සිත යොමුවේ.   


මේ අනුව ගුරු මාරුව සමහර ලග්නවලට සුබඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. ගුරු අපලය ඇති අය බ්‍රහස්පතින්දා දිනය, ගුරු හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුබය. අලුත් නුවර දෙවියන්ගේ පිහිට පැතීමත්, අටවිසි පිරිත කියවීමත් යහපත් වේ. පැවිදි උතුමන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරව කරන්න. තවද පැණි රස හා තෙල් ආහාර අගුණ වේ. මෙවැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කර ගත හැක.   

 


​ෙජ්‍යාතීර්වේදිනී,   
අජන්තා ඒකනායක  
121, මාංගොඩ, මැදමහනුවර



අදහස් (0)

උදාවූ අසිරිමත් සුරගුරු මාරුව ඔබට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 10 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 8 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 10 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 23 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 28 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 13 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1063 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site