IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉහළ යන මුහුදු මට්ටම නිසා ඇ​ෙමරිකාවේ සිතියම වෙනස් වෙන ලකුණු

 

මුහුදු මට්ටම ඉහළ යාම නිසා ඇ​ෙමරිකාවේ වෙරළබඩ කලාපවල ජීවත්වෙන මිනිසුන් හැම දිශාවෙන්ම භූමියෙන් වටවූ ඇට්ලන්ටා, හූස්ටන්, ඩලාස්, ඩෙන්වර් හා ලාස් වේගාස් වැනි නගරවලට සංක්‍රමණයවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බව සොයාගෙන තිබේ. මෙම කරුණු අනාවරණය වූයේ ඇ​ෙමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් කළ පරීක්ෂණයක් අනුවයි. ඔවුන් සොයාගෙන තිබෙන අන්දමට තවදුරටත් රට තුළ තිබෙන ග්‍රාමීය පෙදෙස් හා උපනාගරික කලාපවල ජනගහණය අතිශයින්ම ඉහළ යාමට පුළුවනි.   
2017 දී හාවි නමැති කුණාටුව ටෙක්සාස් වෙරළ කලාපයට කඩා වැදීමෙන් පසු අවතැන් වූ ජනතාව රට තුළට ගමන් කර නැවත පදිංචි වූහ. තවත් දශක කිහිපයක් ගත වෙන විට මේ දෙයම මහා පරිමාණයෙන් සිදුවෙනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ. ඇමරිකාව තුළ ප්‍රාන්තවලින් ප්‍රාන්තවලට හා නගරවලින් ගම්වලට ආදී වශයෙන් සිදුවන ජන සංක්‍රමණ හා සබැඳි දත්ත පරිගණකයෙන් විශ්ලේෂණය කරමින් මෙම පර්​ෙ‌ය්ෂණය සිදුකර තිබෙන අතර ජන සංක්‍රමණ දත්ත මුළුමනින්ම පරිගණක ආධාරයෙන් ලබාගත් පළමු වතාව ද වේ.   


වර්ෂ 2100 පමණ වෙන විට එක්සත් ජනපදයේ පමණක් මුහුදු මට්ටම ඉහළ යාම නිසා පදිංචිය වෙනස් කිරීමට සිදුවන මිනිසුන් ගණන මිලියන 13 ද ඉක්මවන බව වාර්තා වේ. එබැවින් එම ජනයා පැමිණ පදිංචි වෙන ගම් හා නගරවල රැකියාවලට තිබෙන ඉල්ලුම අධික වශයෙන් ඉහළ යනු ඇති අතර නිවාසවල මිල ගණන් ඉහළ යාම හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු රැසක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ වේ. කියැවෙන ආකාරයට මුහුදු මට්ටම ඉහළ යාමේ ප්‍රතිවිපාකවලට ඇමරිකාවේ හැම ප්‍රාන්තයකටම පාහේ මුහුණ දෙන්නට සිදුවෙනු ඇත.   


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, මුහුදු මට්ටම ඉහළ යාමට දෙයාකාරයකින් බලපායි. ග්ලැසියර හා අයිස් වැස්ම දියවී යාම එක් ක්‍රමයකි. සාගර ජලයේ උණුසුම ඉහළ යන විට ජලය ප්‍රසාරණය වීම අනෙක් ක්‍රමයයි. ඒ අනුව අනාගතයේ දශක කිහිපයක් ඇතුළත ඇමරිකාවේ වෙරළාසන්නයේ වරාය ආදී ආර්ථික කටයුතු කේන්ද්‍ර කරගෙන බිහිවී තිබෙන නගර යටවී යනු ඇත. මේ සියවසේ අග වෙන විට බොස්ටන් හා නිව් ඕර්ලියන්ස් වැනි ප්‍රාන්තවල වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවෙනු ඇතැයි කියැවේ.

 


නිසංසලා



අදහස් (0)

ඉහළ යන මුහුදු මට්ටම නිසා ඇ​ෙමරිකාවේ සිතියම වෙනස් වෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site