IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්දේ ගෙවිලිය විසින් අළු මුත්තා ප්‍ුදන චාරිත්‍රය

 හෙළයේ මහා නැකත් කෙළිය හෙවත් සූරිය මංගල්‍යයේ දී මහරජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වා එදිනට ජ්‍යොතිෂයට ඉතා වටිනා අගනා ගරුත්වයක් මෙන්ම ගාම්භීරත්වයක් ලැබෙනු ඇත. මෙහිදී නව සඳ බැලීමේ සිට පරණ අවුරුද්දේ ස්නානය කිරීම අලුත් අවුරුදු උද‌ාව, පුණ්‍ය කාලය, ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්වීම යනු ලබන සියලු ක්‍රියාවන්ට නැකත් ශාස්ත්‍රය මුල් වනු ඇත.  

වසරක් ගෙවී නව වසරක් උද‌ාවන විටදී කාන්තා පක්ෂයට ඉතා කාර්ය බහුල වැඩ කටයුතු රාශියකට මූලිකත්වය ගෙන දී කටයුතු කිරීමට සිදුවෙනු ඇත. එහිදී විශේෂයෙන් මුළුතැන්ගෙය තුළ විවිධ රස කැවිලි වර්ග මෙන්ම ආහාර පාන සකස් කිරීමට ගෘහණිය උත්සුක වනු ඇත. තම ස්වාමි භක්තිය, දරු සෙනෙහස, ආගන්තුක සත්කාර මෙන්ම පවුලේ සාමය, සමගිය උදෙසා මහ වෙහෙසක් දරන ඇය අපගේ ඉතා පැරණි කෙම් පහන් ක්‍රමවේදයන් අනුගමනය කිරීමටද ගෙවිලිය අමතක නොකරනු ඇත.  


විශේෂයෙන් ගෙවී යන පරණ අවුරුද්ද නිමා වීමට පෙර පරණ ළිපේ අළු සහ මුළුතැන්ගෙය තුළ අතුගා එකතු වෙන කුණු රොඩු පරණ අවුරුද්දේ ප්‍රයෝජනයට ගත් පරණ කුල්ලට දමා අළුමුත්තා පිදීම, කුණුමුත්තා පිදීම, අළුබොක්කා පිදීම, අළුකුමාරයා පිදීම යනුවෙන් විවිධ පළාත්වලට ආවේණික අයුරින් ඉහත නමකින් යුතුව ඈත පිටිසර ගෙවිලියන් විසින් තවමත් එම කෙම්පහන් ක්‍රමවේදයන් කරනු ලැබේ. අළුත් අවුරුද්ද උදෙසා පිළියෙල කරන ලද සියලුම රස කැවිලි වර්ග සහ බත්, මාළු මෙන්ම අළු කෙසෙල් ඇවරියක්, බුලත් විටක්, පැන් භාජනයක්, පරණ කාසියක්, කැවිලි වර්ග, බැදගත් පසු ඉතිරි තෙල් වලින් පහනක් දැල්වීම ද මෙයට අයත් වේ. එම කුල්ලට පරණ ළිපේ අළු වඩා එයට උඩින් අළු කෙසෙල් ඇවරියක්, බුලත් විටක්, පැන් භාජනයක්, පරණ කාසියක්, කැවිලි වර්ග, බැදගත් පසු ඉතිරි තෙල්වලින් පහනක් දැල්වීමද මෙයට අයත් වේ. එම කුල්ලට පරණ ළිපේ අළු වඩා එයට උඩින් අළු කෙසෙල් කොළයක් කුල්ලට එලා ඉන් පසු ඉහත දැක්වෙන සියලු දේ පුද‌ා ගෘහණිය විසින් තම ගෙවත්තේ වැට මායිමේ පාළු තැනක අළු මුත්තා වෙනුවෙන් පරණ අවුරුද්ද ගෙවී යන යාමයේ ගෙවිලිය විසින් අළුමුත්තා පුදනු ලැබේ.  


​ෙමහිදී ඉහත නාමයන් ගෙන් සැදුම්ලත් අදෘෂ්‍යමාන පැරණි ගැමි විශ්වාසයන් පෙර දැරි කරගෙන ලබන්නා වූ නව වසර තුළත් අගහිඟකම්වලින් තොර සාමය, සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කිරීමේ අරමුණක් මෙන්ම ගෙවී යන වසර තුළ බාධාවකින් තොර උයා පිහා ගැනීමට උදව් උපකාර වුණු ළිපට ගරු කිරීමක් හෝ කළගුණ සැලකීමේ කෙම් පහන් ක්‍රමවේදයන් ද විය හැකිය. ඇතැම් ප්‍රදේශවල තම තමන්ගේ මළගිය ඥාතීන් සිහිපත් කර ඉහත සියල්ල අලුත් වට්ටියකට පුද‌ා වත්තෙන් පිට තුන්මංසල තුළ ද තබනු ඇත. එසේම හිස තෙල් ගානු ලබන දවසේ ද මෙවැනි පුද සත්කාර ක්‍රමවේදයන් ප්‍රකටව හෝ අප්‍රකටව ගෙවිලිය විසින් කරනු ලැබේ.  


උද‌ාවන නව වසර ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක් වේවා!  

 


කීර්ති ශ්‍රී ලංකාභිමානී, ​ෙජ්‍යාතිෂ විද්‍යා විශාරද ගුප්ත විද්‍යාවේදී, 
ජේ.එම්.ජයන්ත ඒකනායක  
සියපත කාර්යාලය  
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.  
077-3530607   
web site:siyapathalanka.webs.com  



අදහස් (0)

අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්දේ ගෙවිලිය විසින් අළු මුත්තා ප්‍ුදන චාරිත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site