IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අත්ලේ පිහිටි තාරුකාවෙන් ඔබේ දිවිය ගැන අනාවරණයක්

අත්ලේ පිහිටන තාරකාවෙන් ලැබෙන බිරිඳ සැමියා ගැන පවා කියන්නට පුළුවන් බව ඔබ දන්නවාද?   


රවි මණ්ඩලයේ තාරුකා ලකුණු පිහිටන්නේ ලේඛකයන්ටයි.   


ශනි මණ්ඩලයේ තාරුකා ලකුණ අශුභයි. මරණ දණ්ඩනයට පවා ලක්විය හැකිය.   


ගුරු මණ්ඩලයේ තාරුකා ලකුණ හිමි අයට රූමත් උගත් බිරිඳක් ලැබෙයි. 
  
අත්ලේ විවිධ රේඛාවලින් වගේම අත්ලේ පිහිටන විවිධ සලකුණු මගින්ද කෙනෙකුගේ ජීවිතයේ සුබ අසුබ දැනගත හැක. මෙවර ලිපියෙන් විස්තර කරන්නේ එවැනි සලකුණක් ගැනයි. එය තමයි තාරකා සලකුණ. දැන් අපි බලමු තරකාව පිහිටි ස්ථානය අනුව හෙළි වන සුභ අසුභ කෙසේද කියා.   


අංක 1 සලකුණු කර ඇත්තේ ගුරු මණ්ඩලයයි. තාරකා සලකුණ ගුරු මණ්ඩලයට ඉතා හොඳ පිහිටීමක්. කොයි කාගේත් ගෞරවාදරයට ලක්වෙන ඔවුන් හරිම වාසනාවන්තයි. පිරිමියකු නම් රූමත් ධනවත් බලවත් බිරිඳක් ලබන අතර ගැහැනියක් නම් උගත් ධනවත් ප්‍රසිද්ධ අයකුට භාර්යාව වීමට හේතු වෙයි.   


2 සඳහන් වන්නේ ශනි මණ්ඩලයේයි. තාරකා ලකුණ ශනි මණ්ඩලයට ඉතාම අශුභයි. මරණීය දණ්ඩනයට නියම වන අයගේ එම ස්ථානයේ තාරකා ලකුණ පිහිටන ඔප්පු වී ඇත. රිය අනතුරකින් එහෙම නැතිනම් සාහසිකයෙකුගෙන් මරණයට පත්වෙන අයගේ අත්වල මෙම සලකුණ පිහිටිය හැක.   


3 රවි මණ්ඩලය මත තාරකා ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ලේඛකයකු සංගීතඥයකු හෝ නළුවකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙන බවයි. ස්ව උත්සාහයෙන් දියුණුවෙන ඔවුන් සමාජයට විශාල සේවයක් කර අමරණීය නාමයක් තබා මියයනු ඇත.   


4 දක්ෂ කපටි පුද්ගලයින්ගේ අත්වල බොහෝවිට බුධ මණ්ඩලය මත තාරකා ලක්ෂණය දිස් වෙයි. ව්‍යාපාර කටයුතුවලින් විශාල ධනවතෙකු වීමටත් මෙම සලකුණ හේතු විය හැක. එමෙන්ම මෙවැනි පිහිටීම් ඇති අධ්‍යාපනය ලබන දරුවන්ද වාණිජ අංශයෙන් උසස් ජයග්‍රහණ ද ලැබිය හැක.   


5 සලකුණු කර ඇත්තේ අත්ලේ පිහිටි කුජ මණ්ඩල දෙකින් පහළ කුජ මණ්ඩලයයි. ජීවන සටනකින් ජයගෙන කායික හා මානසික සුවයෙන් ජීවත්වීමේ වරම් ලබන පුද්ගලයා පහළ කුජ මණ්ඩලය මත ඇති තාරකාවෙන් හඳුනා ගන්න.   


6 නව නිපැයුම් නව සොයාගැනීම් නිසා ප්‍රසිද්ධියට පත්වන අයගේ අත්ලේ චන්ද්‍ර මණ්ඩලය මත තාරකා ලක්ෂණ පිහිටයි. නමුත් ජලයෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇති හෙයින් එය අසුභ ලකුණක් ලෙස ද සැලකිය හැක.   


7 මෙම අංකය සලකුණු වී ඇත්තේ සිකුරු මණ්ඩලයේයි. පහසුවෙන් ප්‍රේම සබඳතා ඇතිවීමට වගේම සාර්ථක පෙම් බැඳුමකින් සිදුවන විවාහයන්ටද සිකුරු මණ්ඩලය මත දිස් වන මෙම තාරකා ලක්ෂණ හේතුවෙයි. අසීමිත කාමරාගය නිසාම විවාහ දිවියේ අවුල් වියවුල් ඇතිවීමටද මෙම සලකුණ බොහෝවිට හේතු විය හැක.   


8 දැන් බලන්න මෙම අංකය සඳහන් ඉහළ කුජ මණ්ඩලය දෙස. එම ස්ථානයේ තරු ලකුණ ඇති අය ඉතා නිර්භීතයි. යුධ කටයුතුවලින් ජගත් කීර්තියට පත්වෙන ඔවුන් හමුදා ආඥාපති පදවිවලට සුදුසුම පුද්ගලයෝය. ත්‍රිවිධ හමුදා සේවයට ඔවුන් බොහෝවිට ගැළපේ. මෙවැනි අය වැරදි පැත්තට යොමුවුවහොත් ප්‍රසිද්ධ මැරවරයෙක් වීමට බොහෝවිට ඉඩ ඇත. ප්‍රසිද්ධ මැරවරයෙකු වූ මරු සිරාගේ අතේත් මෙවැනි තාරකා ලකුණක් තිබුණ බව සැලකේ.   


9 මෙම අංකය ඇති තැන කුජ කලාවයි. තාරකා ලකුණ මෙම ස්ථානයට අසුභයි. මෙය විවාහක පුරුෂයෙකුගේ අතේ තිබුණොත් විවාහක ස්ත්‍රියටත් ස්ත්‍රියකගේ අතේ සලකුණු වුවහොත් විවාහක පුරුෂයාටත් මාරක අපල ගෙන දේ.   


10 මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකට තාරකා ලක්ෂණය සුභ නොවේ. බලාපොරොත්තු ඉටුනොවීමට එය හේතු වේ. 

 
11 මහපටඟිල්ලේ දෙවෙනි පුරුකේ තාරකා සලකුණ පිහිටි අය තර්කානුකූලව කතාකරන්න දක්ෂ නිසා ඉක්මනටම ජනප්‍රිය වෙයි.   


12 උසස් අදහස් ඇති පුද්ගලයා දබර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ තාරකාවෙන් හඳුනා ගත හැක. හදිසි ධනලාභ ලැබීමටත් එය හේතු වෙයි.   


13 සුවිනීත ගති පැවතුම් ඇති බව දබර ඇඟිල්ලේ මැද පුරුකේ ඇති තාරකා ලකුණින් හෙළි වෙයි.   


14 අනවශ්‍ය දේවල් කතා කිරීමේ දක්ෂ අයගේ අත්වල පිහිටන ලක්ෂණයක් වෙයි.   


15 ඕනෑම දෙයක් විනිවිද දැකිය හැකි තියුණු වින්දන ශක්තියක් ඇති අයගේ ඇඟිලි තුඩුවල ඇති බව පර්​ෙ‌ය්ෂණ වලින් ඔප්පු වී ඇත. ඇඟිලි තුඩුවල බලයෙන් ලොව මවිතකළ හෙලන් කේලර් නමැති ප්‍රසිද්ධ අන්ධ කාන්තාවගේ අතේ ඇඟිලි තුඩුවල එවැනි තාරකා ලකුණු තිබුණ බව සඳහන් වේ.   


16 යුතු අයුතුකම් නොදන්නා එවැනි අය ඇසුරට සුදුසු නොවේ.   


17 අසුභ ලකුණක් සාහසිකයෙකු අතින් ජීවිතය අහිමි වුණ මහත්මා ගාන්ධි තුමාගේ අතේත් තාරකා ලකුණක් තිබුණ බව කියැවේ. කෙසේ වුවත් තමන්ගෙ අතේත් එවැනි ලකුණක් තිබුණත් බියවිය යුතු නොවේ. වෙනත් සුභ පිහිටීමක් ඇතිනම් ජීවිතය ආරක්ෂා වේ.   


18 වෙද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ වැටී ඇති තාරකාවෙන් ගුප්තමය බල ශක්තියක් ඇති අයෙකු හඳුන්වා දෙයි.   


19 තමන්ගෙ සුදුසුකම්වලට නොගැළපෙන රැකියාවල නියුතු අයගේ අත්වල මේ විදියේ තාරකා ලකුණු වැටිය හැක.   


20 වඩා බුද්ධිමත් වන එවැනි අය කුමන ක්‍රමයකින් හෝ උසස් තත්ත්වයකට පත් වෙයි.   


21 සුළැඟිල්ලේ මුල් පුරුකේ ඇති තාරකා ලකුණෙන් අන් අයගේ සිත් හඳුනාගැනීමේ ගුප්ත බලයක් ඇති කෙනෙක් හඳුනාගත හැක.

   
22 කුඩා කාලයේදීම මව්පියන් මිය ඇදෙන බව පෙන්නුම් කරයි.   


23 සුළැඟිල්ලේ තුන් වෙනි පුරුකේ දිස්වන තාරකාවෙන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන වාසනාවන්තයකු හඳුනාගත හැක.   


​ෙර්ඛා මත පිහිටීම   


ජීවන රේඛාව මත තාරකා ලකුණක් වැටීම අසුභයි. හදිසි අනතුරුවලට එය හේතුවිය හැකිය. නොයෙකුත් විදියේ මානසික රෝගවලට වගේම ස්නායු රෝගවලට හේතු විය හැකි නිසා ශීර්ෂ රේඛාවට වුවත් තාරකා සලකුණ සුභ නොවේ. හෘදය රේඛාව මත තාරකාවක් වැටී තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ ඇස්වලට ආබාධ ඇතිවීමට ඉඩ ඇත. කීර්ති රේඛාවට තාරකා ලකුණ ඉතා හොඳ පිහිටීමක්. ජනතාව අතර ජනප්‍රිය වීමට ප්‍රසිද්ධ වීමට එය හේතු වෙයි. ශල්‍යකර්මයන් සිදුවීමට ඉඩ ඇති නිසා සුඛ රේඛාව මත තාරකා ලකුණ දිස්වීම අසුභයි. කාන්තාවකගේ අතේ එවැනි පිහිටීමක් ඇතිනම් දරු ප්‍රසූතීන්වලදී ප්‍රවේසම් විය යුතුය.   

 


හිඹුටානේ පියතිලක ද අල්විස්   
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය



අදහස් (0)

අත්ලේ පිහිටි තාරුකාවෙන් ඔබේ දිවිය ගැන අනාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31418 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13688 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11032 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1047 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site