IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ෆයිට් කොරෝනා ස්වෙච්ඡා බළකායෙන් දුගී පවුල් 1500කට සහන

එෆ්.අස්ලම්

පවතින අයහපත් තත්වය මැද ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින දුගී පවුල් 1500ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් වියළි සලාක බෙදා දීමක්  බදුල්ල මුස්ලිම් සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ගත් ස්වෙච්ඡා බලකාය මගින් අද(28) සිදුකෙරිණි.

කඳුකර මුස්ලිම් කවුන්සලය ප්‍රමුඛ බදුල්ල තරුණ මුස්ලිම් සංගමය, බදුල්ල ජම්මියාතුල් උලමා සංගමය, උමේඩා සංගමය , අල්  ඡන්නත් තරුණ සංගමය,  බ/ ෆාතිමා මුස්ලිම් කාන්තා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය එක්ව කටයුත්ත සිදුකළහ.

මේ අනුව බදුල්ල දිස්ත්‍රීක්කයේ බදුල්ල, පස්සර,ලුණුගල.උඩවෙල ,හපුතලේ,තල්දෙන, මහියංගන පංගර ගම්මාන බණ්ඩාරවෙල ජාති ආගම් භේදය තොරව ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් 1500ක් සදහා අත්‍යවශ්‍ය ආහාර අඩංගු සහන මලු බෙදා දෙනු ලැබීය.

එමෙන්ම ඌව පලාත් සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතාගේත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙන්ම  බදුල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ සහායෙන් හදුනාගත් පවුල් 1500ක් සදහා සහන බෙදා දුන් බව කදුකර මුස්ලිම් කවුන්සිලයේ සභාපති ඒ.එම්.එම් මුසම්මිල් මහතා පැවසීය.

එමෙන්ම ස්වෙච්ඡා සංවිධානය ඌව පාළාතේ අනිවාර්ය නීරෝධායනය සදහා යොමුකරන පවුල් සදහා අවශ්‍ය ආහාර සහ අනෙකුත් සියළු පහසුකම්  අඛණ්ඩව සැලසීමට ද  පියවර ගෙන තිබේ.

එමෙන්ම කොරෝනා  ප්‍රතිකාර ඒකකයේ  කාර්ය මණ්ඩලයට සහ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට දායක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නොමිලයේ   ප්‍රවාහන පහසුකම් සැලසීමටද මෙම සංවිධානය කැමත්ත පලකර ඇති අතර පළාත් සෞඛ්‍ය බලධාරීන් එයට එකගත්වයද පලකර තිබේ.

 



අදහස් (0)

ෆයිට් කොරෝනා ස්වෙච්ඡා බළකායෙන් දුගී පවුල් 1500කට සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site