IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ළිඳකට වැටී දරුවෙක් මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
නිවස පිටුපස ළිඳකට වැටී වයස අවුරුදු  දෙකහමාරක දරුවෙක් අද (21) මිය ගිය බව  පිළියන්දල පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පිලියන්දල මාම්පේ උතුර විජය මාවතේ පදිංචිව සිටි කේ.ඒ.දහම් සංහිද යන දරුවාය.
 
අනතුර වන අවස්ථාවේ මව පමණක් සිට ඇති අතර ඇය එම අවස්ථාවේ නිවසෙහි මුළුතැන්ගෙයි සිට එම දරුවාට බත් කවමින් සිට ඇති අතර දරුවා වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ හෙයින් දරුවාගේ කලිසම ගලවා තිබූ බව ඇතැයි විමර්ශන  වල දී හෙළි වූ බව පොලීසිය කියයි .

මද වේලාවක් ගත වෙද්දි  ශබ්දයක් ඇසීමත් සමගම දරුවාගේ මව මුළුතැන්ගෙයින් පිටතට පැමිණ දරුවා සොයා බැලීමේදී ඔහු පෙනෙන්නට නොසිටි බැවින් ලිද උඩට දමා තිබෙන කොල පාට දැල් ආවරණය කොටසක් කැඩී තිබෙන අයුරු දැක එය ඉවතට විසි කර ලිද තුළ බලා ඇති අතර අධික ගැඹුරකින් යුත් එම ලිදේ පතුල කලුවර වීම හේතුවෙන් දරුවා පෙනෙන්නට නොසිටි හේතුවෙන් ඇයගේ කෑ ගැසීමත් සමගම අසල්වාසීන්ද පැමිණ ඇති අතර එයින් කිසිවෙකුත් ලිද ජඹුර හෙයින් ලිදට බැස නොමැති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි .
 
 ලිං ඉසීම කටයුතු වල යෙදෙන පුද්ගලයෙක්ට ඒ බව සැලවීමත් සමගම වසා එම ස්ථානයට පැමිණ අවස්ථා දෙකකදී ලිදට බැසීමට උත්සහ කිරීමේදී විෂ වායුව ආඝ්‍රහණය වීම හේතුවෙන් ඔහු නැවත ගොඩට පැමිණ මද වේලාවකදී නැවත ලිදට බැස දැඩි ආයාසයක් දරා දරුවා ගොඩට ගැනීමත් සමගම 1990 සුවසැරිය ගිලන් රථයෙන් පිළියන්දල ‍‍‍‍‍‍‍‍‍‍‍‍රෝහලට රැගෙන යන විටත් මියගොස්ව සිට ඇතැයි පොලිස් නිලධාරීයා කීය. 
 
  මියගිය දරුවා අඩි  හතරක් පමණ උස බැම්ම බැඳ තිබෙන ළිඳ අසල තිබෙන සිමෙන්තියෙන් තනන ලද අඩි 3 ක් පමණ උස කුඩා ටැංකියේ බැම්ම මතට නැග අනතුරුව  ලිද ආවරණය වන පරිදි උඩින් යොදා තිබෙන දැල  මතට පය තැබීමේ දී එක වරම දැල කඩාගෙන ඒ තුලින් ලිදට වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
 
දරුවා ලිදෙන් ගොඩ ගන්නා විට  විනාඩි 40 කට ආසන්න කාලයක් දරුවා ළිඳට තුලට  වැටී ගත වී තිබූ බව පොලීස් නිලධාරීයෙකු වැඩිදුරටත් පැවසීය .
 
මියගිය දරුවා එම මව්පිය යුවළට වසර 6කට  පමණ පසු ලද එකම දරුවා බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වූ බව පොලිසිය කියයි .සිද්ධිය වූ ස්ථානයට පැමිණි පිළියන්දල  හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළසිරුර මෙන්ම එම ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මළසිරුර කලුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර හෙට දින 22 

පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසිය නියෝග කලේය.

 



අදහස් (0)

ළිඳකට වැටී දරුවෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site