(ඩයනා උදයංගනී)
හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලද ප‍්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ ජන්ම දිනය ඊයේ (11) ට යෙදී තිබූ අතර ඇගේ ජන්මදිනයට සුබ පතා සුවදුක් විමසීම සඳහා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (12) ඇය පදිංචි තලංගම පිහිටි නිවස වෙත ගියේය.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ සාමාජිකයින් සමඟ සුහද කතාබහක ද නිරත විය.
අනතුරුව ලතා වල් පොල මහත්මියගේ ඉල්ලීම නිසා සජිත් පේ‍්‍රමදාස මහතා පියානෝව වාදනය කරමින් ගීත ගායනයටද යොමුවිය.
සජිත් ප්‍රේමදාස මහතා ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ සාමාජිකයින් සමඟ ගීත කිහිපයක්ද ගායනා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයෝ, මේ දවස් වල මේ වගේ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. ඡන්දය කරගෙන ඉන්න
ඔබතුමියට සුබ උපන්දිනක් වේවා !!!
ඔබ තුමියට සුබ උපන්දිනයක් වේවා ! සජිත් මහත්තයට දැන් හැම දේම මතක් වෙනවා නේ. ඒකත් හොදයි නේ.....