(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වූ පාසල් සිසුවාගේ මෘත දේහය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිය දී අද (27) සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි සමිදු ළහිරු බණ්ඩාර නැමැති 17 හැවිරිදි සිසුවෙක් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියේ දී ඔහුගේ පියාද දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පියා සහ පුත්‍රයා ඥාතින් සමඟ මුන්නේශ්වරම් පුදබිමට පැමිණ ආගමික කටයුතු වලින් පසුව හලාවත මුහුදු වෙරළට පැමිණ දිය නාමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd