(දියතලාව - ඩී.කේ.රත්න)
හාලිඇල උඩුවර හයේ කණුව ජල පෝෂිත රක්ෂිතයේ අද (23) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර තිහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැලෑටි ගසක් සමග ශාඛ විශේෂ රැසක්ද විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
කිසියම් පුද්ගලයෙකු විසින් විනෝදය සඳහා හෝ සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි හාලිඇල පොලීසිය කියයි.
රාත්‍රී කාලයේ ගින්න හටගැනීම නිසා සීඝ්‍රයෙන් ගින්න පැතිරීයාමෙන් මෙම ගින්න නිවා දැමීමට නොහැකිවී තිබේ.
හාලිඇල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd