IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර ඉන්ධන ගබඩාවක් සූරියවැවෙන් අල්ලයි

දිලීප් ජයසේකර  
 
සුරියවැව ගල්වැව හංදිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව   පොලිස් විශේෂ කාර්ය බළකාව කියයි.

 
අත්අඩංගුවට ගත් සැකකරු වසර දෙකක පමණ කාලයක් තිස්සේ  කුලියට  ලන්නා නිවෙස්වල රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
 
සැකකරු පවසා ඇත්තේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදි කිරිම් සිදු කරන වාහන වලින් ලබා ගන්නා ඩීසල්   මෙලෙස එක් රැස් කර නැවත අධිවේගී මාර්ගයේ වැඩ කරන ටිපර් රථ සඳහා අඩු මුදලට අලෙවි කරන බවයි.
 
සැකකරු මෙම ජාවාරම සදහා කුඩා ලොරි රථයක සකස් කරන ලද විද්‍යුත් තෙල් මැනුම් යන්ත්‍රයක්ද භාවිතා කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වුයේ සැකකරු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන වලින් දිනපතා ඩීසල් ලීටර් ලක්ෂයක් පමණ ලබා ගන්නා බවයි. සැකකරු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන වලින් ඩීසල් ලබා ගන්නේ ලීටරයක් රුපියල් 80ක මුදලකට වන අතර නැවත එකතු වෙන ඩීසල් අධිවේගි මාර්ගයේම වැඩ කරන ටිපර් ,ලොරි හා බවුසර් සඳහා අත්පිට මුදලට ලීටරයක් රුපියල් සියයකටත් ,ණයට දෙන්නේ නම් ලීටරයක් රුපියල් එකසිය විසි තුනක  මුදලකටත් අලෙවි කර තිබේ.
 
ඩීසල් ලීටර් 2000ක්,ඩීසල් බෙදාහරින විද්‍යුත් මැණුම් යන්ත්‍රයක් සහිත  ජංගම කුඩා ලොරි රථයක් හා ඊට සවි කරන ලද බවුසරයක් ,ඩිසල් දැමීමට යොදාගත් ලීටර් 23 ප්ලාස්ටික් කෑන් 50ක් හා බැරල් කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

හොර ඉන්ධන ගබඩාවක් සූරියවැවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site