IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හාරිස්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

(මොහොමඩ් ආසික් )

කොරෝනා  පාලනය සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නිතිය පැවැති කාල සිමාව තුළ හාරිස්පත්තුව  ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ කර ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට පියවර ගන්නා බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා අද( 26 ) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සඳහන් කළේය.
 
හාරිස්පත්තුව බරිගම පිහිටි ප්‍රාදේශිය සභාවේ ප්‍රධාන කාර්යාලීය රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

මෙහිදී තව දුරටත්  අදහස් දැක්වූ සභාපති ආනන්ද ජයවිලාල් මහතා සඳහන් කළේ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ ගණනාවකින් අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බව සභාව වෙත වාර්තා පැමිණිලි කර ඇති  බවත් තම ප්‍රදේශය තුල එවැනි අනවසර ඉදිකිරීම්  සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම  සභාව වෙත දැනුම් දෙන ලෙසද සභාපතිවරයා  සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
 
පසුගිය කාලය තුල හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් උගුරැස්සපිටිය හතරේ කණුව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවට පැමිණිලි ලැබී  ඇති බවත් වහාම ඒවා ඉවත් කර ගන්නා ලෙස ඒවායේ හිමිකරුවන්ට දන්වන ලෙසත් එසේ ඉවත් නොකරන්නේ නම් ඉදිරියේදී සභාව මගින් එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට පියවර ගන්න බවත් සභාපතිවරයා මෙහිදී කිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී රුවන් ජයවිලාල් , විජිත කුමාර නඳුන්ගේ ජවිපෙ මන්ත්‍රී ඩබ්.ජී.ජයතිස්ස යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුම   මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
 
කෙසේ නමුත් මෙම කාල සීමාව තුල පමණක් නොව ඉන් පෙරත් සිදු කරනු ලැබ ඇති අනවසර ඉදි කිරීම්  සියල්ල ඉවත් කිරීමටත්  අනවසර අල්ලා ගැනීම් නැවත ලබා ගැනීමත් අවශ්‍ය පියවර ගත යුතු බවත් මෙහිදී සභාව තීරණය කරනු ලැබ තිබේ



අදහස් (0)

හාරිස්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site