IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින් ළඟ තබාගත් කාන්තාව රිමාන්ඩ්

(දසුන් රාජපක්ෂ)

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා  තබාගෙන  සිටි සැකකාරියක් ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ඉකුත් 28 වැනි දා අත් අඩංගුවට  ගන්නා ලද බොරැල්ලේ පදිංචිකාරියක වන දේදුණු කුමාරි පෙරේරා නැමැත්තියකි.

ග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සමඟ ඉකුත් 28 වැනි දින ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සමග සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු රඳවා ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට  අදාළ ව මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය කර ගත් බව දන්වා සිටියහ.

එම බැංකු ගිණුම සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අදාල බැංකුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි එම නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාල ගිණුම සම්බන්ධයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට  විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බැංකුවට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 17 වැනි දින යළි කැඳවන ලෙස නියෝග කළාය.



අදහස් (0)

හෙරොයින් ළඟ තබාගත් කාන්තාව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site