IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ නිව්ගුන කොලතාවල හන්දිය පොලිස් මාර්ග බාධකයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ගිය තරුණ  යුවළක් අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම යුවළ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් වනබව පොලිසිය පැවසීය.

සියඹලාණ්ඩුවේ සිට යතුරු පැදියකින් පැමිණි මෙම යුවළ  මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ආයුර්වේද ප්‍රතිකාර ගැනීම සඳහා අක්කරපත්තුවට යන බව ප්‍රකාශ කර තිබේ.

පොලිස් මාර්ග බාධකයේ සේවය කළ පොලිස් කාන්තාවක් මෙම තරුණියගේ උදර ප්‍රදේශයේ ගෙඩියක් වැනි දෙයක් දැක ඒ ගැන සැක සිතී පරීක්ෂා කළ අතර එහිදී සඟවා ගෙන තිබු කුඩාවට සකස් කරන ලද හොරොයින් පැකට් 11 ක් සොයා ගෙන තිබේ.

පසුව මෙම යුවළ සහ ඔවුන් පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානයට ගෙනවිත් තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් කරන ප්‍රශ්න කිරීම් වලදී ස්ථාන කිහිපයක දමා තිබූ තවත් හෙරොයින් පැකට් කිහිපයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව  තිබේ.

 



අදහස් (0)

හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site