(එම් .සුසිල් ප්‍රියන්ත)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තැබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 102 කයි මිලිග්‍රෑම් 600 ක් සමඟ පුද්ගලයකු බලපිටියේදී අද (28) රාත්‍රී අත්අඩංගුවට ගත්බව ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසීය.
ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු උපායදූතයෙක් ලෙස යොදවා සැකකරු සමඟ විශ්වාසයක් ගොඩනගා ගැනීමෙන් පසු බලපිටිය වැල්ලබඩ ප්‍රදේශයේදී මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු අම්බලන්ගොඩ පොලිසියට භාරදුන් බව ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd