(ප්‍රියානි මංගලිකා)
මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුදල් සහ වෙනත් රථවාහන අංක තහඩු දෙකක් සමඟ අද (11) කොබෙයිගනේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලේබලය සහිත වාහනයකින් මෙම හෙරොයින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 85 ක් සහ රුපියල් 85,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය කීය.
පන්නල ප්‍රදේශයේ සිට මත්කුඩු රැගෙනවිත් අතරමගදී බෙදාහැර ඇති බවත් මෙම මත්කුඩු ජාවාරම වාරියපොල බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙහෙයවා ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නිකවැරටිය ,කොබෙයිගනේ සහ වාරියපොල ප්‍රදේශ වලට මත්කුඩු බෙදා හැරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2151
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට