දිනේෂ් උපේන්ද්‍ර
හෙරොයින් ග්‍රෑම් 250ක් හා මිලිග්‍රෑම් 400ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කුලියාපිටිය හෙට්ටිපොල පාරේ දී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 11 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා අද (7) නියම කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කුලියාපිටිය පදිංචි රෆයිඩීන් ඉර්ශාද් නමැති සැකකරුවෙකි.
අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් මත සැකකරු පසුපස හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.
ජනාධිපතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ අඛණ්ඩ මත්කුඩු වැටලීම හා ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකිරීමේ වැඩසටහන අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කණ්ඩායම් ආරම්භ කර ඇති මෙහෙයුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.